විදුලි බිලෙහි දැනෙන වෙනසක්
විදුලි බිල අඩුකිරීමෙ යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිසා ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.එහිදී ගෘහස්ත කාණ්ඩ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට එම අමාත්‍යංශය තීරනය කර ඇත.
ඒකක 0 – 30 අතර ඒකකයක් සඳහා රුපියල් 08 සිට 06 දක්වා ද,
ඒකක 30 – 60 අතර ඒකකයක් රුපියල් 20 සිට 09 දක්වා ද,
ඒකක 60 – 90 දක්වා ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වා ද, අඩු කිරීමට තීරනය කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
තවද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒකක 90- 180 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතිබවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1