14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියයයි


ජෝර්ජියාවේ උසස් පාසලක 14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස මියගොස් ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලකුණු


ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අන්ත දූෂිත දේශපාලන හවුල්වලට නොයන බව සජිත් කියයි

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ කිසිඳු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බවයි.
රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර, එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බවත්, 21 වනදා මැතිවරණය ජයග්‍රහණය කර සමගි ජන බලවේගය එක්වන්නේ රටේ ලක්ෂ 220 ක් වූ ඡනතාව සමඟ පමණක් බවක් ඔහු සඳහන් කර ඇත.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට නොයන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කිසිවෙකුටත් සහය නොදෙන බවට හිටපු ජනපතිනිගෙන් නිවේදනයක්


විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව හා මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දයාසිරි ජයසේකරට වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් පසුගිය දිනක රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කළ එම ප්‍රකාශය සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිට සහය පළ කරන නව සන්ධානය එළිදකී


ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු සන්ධානය එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත්වූ බව වාර්තා වේ.
එම සන්ධානය “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” ලෙසද ලකුණ කුසලානය ලෙසද නම් කර ඇත.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රජයේ වෛද්‍ය නිලධාරීන් උද්ඝෝෂණ මාලාවක

අද (05) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇථි බවට වාර්තා වේ.
සිය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව ගනු ලබන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.
ඒ අනුව අදාළ උද්ඝෝෂණය කොළඹ ජාතික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ පානදුර රෝහල ඉදිරිපිටදී දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල්ගෙ සහයට අගමැතිගෙන් නව සන්ධානයක්

අද පෙරවරුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්වී නව සන්ධානයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මේ වන විට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළකිරීමට පක්ෂ විපක්ෂ බොහෝ ඇමතිවරුන් කටයුතු කර ඇති අතර මෙම නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැති වරුන් කීප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බව සඳහන් වේ . ඒ අනූව එහි සභාපති ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ලේකම්වරයා වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද පත් වී ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලාල්කාන්තගේ බුෆේ සාදයට මැතිවරණ නිළධාරීන්ගෙන් බාධා


ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිප දෙනෙකු සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු දිවා ආහාරය ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් එය වළක්වා ඇත.
මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී මෙරට මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව වාර්තා වේ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව මැතිවරණ නිලධාරීන් විසින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ට සහ හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී ඇත.
එමෙන්ම පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සුදානම් කර තිබූ අතර ආහාර වලට සීල් තැබීමටද මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු පියවර ගත් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ පැමිණලි තවත් ඉහළට


පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බර් 03 වනදා දින දක්වා ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසන අතර ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2095 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. .

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2023 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් හා වෙනත් පැමිණිලි 60 ක් ද ලැබී ඇති අතර එම පැමිණිලි අතරින් පැමිණිලි විසඳීම් 1400 ක් සිදුකර ඇති අතර මේ වන විට ක්‍රියා කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 695 ක් බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart