සජිත්ට, රනිල් සමඟ එකතු වීමට අවශ්‍යතාවක් නෑ

මේ වන විට නිකුත්වී සෑම සමීක්ෂණ වාර්තාවකින්ම සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවට තහවුරු වී ඇති බවත්, එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට අවශ්‍යතාවක් නොමැති බවයි ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ටද ඇමතිකම් ලබාදීමට යෝජනා කළ බවත්, එහෙත් ඔහු එක්වී ඇත්තේ ආර්ථිකය විනාශ කරන ලද කණ්ඩායම සමග නිසා එසේ ගමනක් යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට ජනාධිපතිවරයාට දැනුම්දුන් බවද ඔහු සඳහන් කල ඇතර අද රටේ සියලු ජන කොටස් සමගි ජන බලවේගය වටා එක්වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජ්‍ය අමාත්‍යවරයෙක් ස්වාධීන වෙයි


නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුන් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිට විරුද්ධව සජබෙන් මැකොට පැමිණිල්ලක්


රජය විසින් පසුගියදා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන බව ප්‍රකාශයට පත්කිරීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බව පවසමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් සමගි ජනබලවේගය පැමිණිල්ලක් යොමුකර තිබේ.
එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ මාධ්‍ය නිවේදනය මගින් මැතිවරණ නීති උල්ලංඝණය වන බවට ප්‍රකාශයක් කරන ලෙසත්, ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනපතිගේ මාධ්‍ය නිවේදනය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස පවසන ලෙසත් සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‍තැපැල් ඡන්ද සළකුණු කිරීම ඇරඹෙයි.


මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වූ අතර අද පෙරුවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට අද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

උප්පැන්න, විවාහ,මරණ සහතික කිරීම ඔන්ලයින් ක්‍රමයට


උප්පැන්න, විවාහ,මරණ සහතික ඔන්ලයින් ක්‍රමයට සහතික කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා වන ඔන්ලයින් ද්වාරය ඊයේ දියත් කෙරුනු අතර විදේශ ඇමැති අලි සබ්රි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කළේ මීට වසර දෙකකට පෙර, අමාත්‍යාංශය භාර ගන්නා විට, මෙම සේවාවන් සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් විශාල ජනකායක් පැමිණි අතර එක රැයකින් පෝලිම් ද ඇති වූ බවයි.
මෙම ගැටලුව විසඳීම සඳහා මූලික පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය විසින් eChanneling ද්වාරය හරහා අන්තර්ජාලය ඔස්සේ හඳුන්වා දී මහජන අපහසුතා සැළකිව යුතු ලෙස අඩු කල අතර ඒ මහතා පෙන්වා දුන්නේ දැනට 50-55% ලේඛන සඳහා අමාත්‍යාංශයට මාර්ගගත සහතිකය සම්පූර්ණ කළ හැකි බවයි.
ඉදිරියේ දී සියලුම ලේඛන අන්තර්ජාලය හරහා සහතික කිරීමේ හැකියාව ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සමිත දුලාන්ගෙන් රිදී පදක්කමක්

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා.
මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන්ට F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීමටද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

2024 වසරට අදාල ශිෂ්‍යත්ව විභහගයට දින නියම වෙයි.


සැප්තැම්බර් මස 15 වනදා 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභහගය පැවැත්වෙන බව විභහග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රයද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර විභහග මධ්‍යස්ථාන 2,649 කදී මෙම විභහගය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකි බව විභහග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි


කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
තලතා අතුකෝරාල ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එතුමා මෙලෙස දිවුරුම්දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවේ.

ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්දෙට කලින් ලංවිමට 25%ක පඩි වැඩිවෙන ලකුණු

ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව
‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර, එය හෙට (2) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ද වාර්තා වේ.
මසකට රුපියල් මිලියන 750ක් පමණ මෙම වැටුප් වැඩිකිරීම සඳහා අතිරේකව වෙන්කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
රජය පොරොන්දු වී ඇති රුපියල් 10,000ක අතිරේක වැටුප් වැඩිවීම මෙම වැටුප් වර්ධකයට අතිරේකව ලබාදෙනු ඇතැයිද වාර්තා වී ඇත

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart