මෛත්‍රී ට එරෙහිව පෙත්සමක්


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා ඔහුව කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එහිදී අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද පත්‍රිකා අද තැපෑලට

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා, අද (02) තැපෑලට භාරදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

ඒ අනුව අඟහරුවාදා සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවද, ඒ සඳහා තැපැල් සේවකයින් 8000 පමණ පිරිසක් යෙදවීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නාමල් දැක්ම එළිදකී


මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වා ඇති අතර “නාමල් දැක්ම” ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් ගාස්තු ගැන තීරණය අද


ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු වල වෙනසක් සිදුවන්නේද යන තීරණය
අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ.
ඉන්ධන මිලෙහි සිදු වූ රුපියල් 10ක වෙනස, 4% ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිවරණයත් සමඟම මහමැතිවරණයකුත් එන ලකුණු

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.
ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයාට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතින අතර එසේ වුවහොත් සති පහත් හෝ හතත් ඇතුළත නාමයෝජනා කැඳවා දින 66ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පහසුකම් සැපයූ හිටපු මන්ත්‍රී අමල් සිල්වා රිමාන්ඩ්


බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව ඉකුත් 29 වනදා උදෑසන අත්අඩංගුවට ගත් අතර කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තැපෑලෙන් නොමිලේම එන ජනපතිවරණ ප්‍රතිපත්ති

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැපැල් මාර්ගයෙන් ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති අපේක්ෂකයෙකු කොමිසම් සභාවෙන් ඉවත් කරයි

2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටින මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කිර්ති වික්‍රමරත්න මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත.
කිර්ති වික්‍රමරත්න මහතා කිසිදු පුර්ව දැනුම් දිමකින් සහ අවසරයකින් තොරව 2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විම නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇත.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කල කිර්ති වික්‍රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වි ඇති බවට මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරන ලද දැනුම් දිමක් මත ආණ්ඩුකාරවරයා විසින් කිර්ති වික්‍රමරත්න මහතා තනතුරෙන් ඉවත් කල බවට ලිඛිතව දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සර්වජන බලයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය අද


සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීම අද (31) දින සිදු වන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අදත් තද වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. එමෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart