රංගෙ ඉවත් කළ බවට නිල දැනුම්දීමක් ලැබී නැතිලු

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍ය වලින් පැවසුවද එවැනි ලිපියක් තමා වෙත නොලැබුණ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, එවැනි කාරණාවක් සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බවත් මහලේකම් ධුරයෙන් ඉවත් කළද තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 54,000ක්


ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ප්‍රකාශ කර ඇත.
ඊයේ (29) මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර දිවයින පුරා පවත්වන 13,000කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක ජංගම රථ 3200ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1500ක්


ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීති විරෝධී පෝස්ටර් සහ ප්‍රචාරක පුවරු 169,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බවත් පෝස්ටර් 61052 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, බැනර් 613 ක් ඉවත් කර ඇති අතර බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නීතිවිරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළිය ඇතුළු සිව් දෙනෙක් යළිත් බන්ධනාගාරයට


හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවද වාර්තා වේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ අතර මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයේ පසුවිය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සමගි ජන සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි

“සැමට ජයක්” යන තේමාව යටතේ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ.
ඒ අනුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නා හිමියන් වෙත අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා ඇති.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය Download කර ගැනීමට හෝ නැරඹීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න.
👇👇👇
https://shorturl.at/6JGG9

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මාලිමා නායකයෙක්ට අතවර චෝදනා

ශ‍්‍රවණාබාධිත කාන්තාවකට අතවර කිරීමේ පැමිණිල්ලකට අදාළව මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ජනක මොහාන් නැමැති හිටපු මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයා කාන්තාවට මීට පෙර ද කිහිපවරක් අතවර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කර ඇති අතර ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඇයට තර්ජනය කර ඇති බවත් ඇයගේ පියා පැමිණිල්ලේ සඳහන් කර ඇත.මෙම සැකකරු ජාතික ජන බලවේගය යටතේ මිල්ලනිය ප‍්‍රාදේශීය සභාවට තරග වැදීමට නාම යෝජනා බාර දී ඇත්තේ කණ්ඩායම් නායක වශයෙන් බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ ජගත් සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි.
ඒ අනුව අද (29) පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නිරෝෂන්ගේ සහය සජිත්ට

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට


ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට අනුබල සහ උපකාර කළ සහ නවාතැන් පහසුකම් සැපයූ බව පවසා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා ඇත. මේ අතර, ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා ඊයේ පානදුර පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart