වත්මන් ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

හෙට දින (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කරන බව වාර්තා වේ.
තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ සහා සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන වැඩපිළිවෙළ ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාස්පෝට් පෝළිමේ අයට පොලීසියෙන් ටෝකන්


අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව වාර්තා වේ.
දින ගණනාවක සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින අතර ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කර ඇත.
කෙසේ වෙතත් මෙලෙස දින ගණනාවක රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගෙන ඇත.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තැපැල් ඡන්ද පත්‍රිකා පැකට්ටු ආයතන ප්‍රධානීන් වෙත

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්ෂිත පැකට්ටු අද (28) සිට ආයතන ප්‍රධානීන් වෙත භාරදෙන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කර සිටියේ ලබන 30 වනදාට පෙර එම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්‍ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කරන බවයි.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සොබාධනවි විදුලි බලාගාරය විවෘත කරයි


කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කර ඇති බව වාර්තා වේ.
එම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන අතර මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය ද ?


යුක්රේනයට යුධ ආධාර ලබාදී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන්, තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවා තිබේන බවට විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එය සිදු වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවනු ඇති බවයි.

යුක්රේනය පසුගිය 06 වැනිදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ආක්‍රමණයක් සිදු කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එය වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සා.පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රැකියා වේලාවෙන් පසු රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදී සිටීමේ අයිතිය ලැබේ


රැකියා වේලාවෙන් පසු කිසියම් සේවකයකුට ලැබෙන රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්ධි කිරීමේ අයිතිය(right to disconnect ) සම්බන්ධ නීතිය ඕස්ට්‍රේලියාවේ අද සිට ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවීඩ සහ කෙටි පණිවීඩ සඳහා අද සිට ප්‍රතිචාර නොදැක්වීමට හෝ විසන්ධි කිරීමට සේවකයන්ට හැකියාව ඇත.
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකි බව එරට වාර්තා පෙන්වාදෙයි.
රැකියාවෙන් පසු සේවකයන්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙලෙස නීති හදුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මල්ලි දිනවන්න අක්කා මැතිවරණ වේදිකාවට

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇති බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස මුල් සතියේදී


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කරයි.


හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර ඇති බව වාර්තා වේ.
2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම හා ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීමත් වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීමත් ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart