සුගතපාල සෙනරත් යාපා දිවි සැරිය නිම කරයි.


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට 89 වැනි වියෙහි පසු වූ එතුමා වර්ෂ 1935 නොවැම්බර් මස 10 වන දින අකුරැස්ස ප්‍රදේශයේ උපත ලබා ඇති අතර හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපටි රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාවට අලුතින් ගුවන් සේවයක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් ගුවන්සේවයක් ආරම්භ කිරිමට සූදානම් බවටත් එය,මූලික අදියරේදී මැදපෙරදිග සහ ආසියානුකරයේත් ඉන් අනතුරුව යුරෝපයටත් ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණය බවත් තොරතුරු වාර්තා වේ.
බෝයිං ගුවන්යානා මිලදී ගැනීමට ඔවුන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන්සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙමගින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අභියෝගයක් එල්ලවනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තලතාට ලැබුනු උසස්වීම

තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බව වාර්තාවේ. සිරිකොත එජාප මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව පැවැත්වීමට සූදානම් කර ඇති බවත් සමගි ජනබලවේගයෙන් ඉල්ලා අස්වූ තලතා අතිකෝරල මහත්මියට රත්නපුරේදී එළඹෙන 28 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ රැලියට සහභාගි වීමට ද ආරාධනා ලැබී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මන්ත්‍රීවරුන් දෙදෙනකුට රනිල්ගෙන් මිලියන 300ක ලන්සු ඇවිත්.?

බස්නාහිර පළාතේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මිලියන 300ක ලන්සු ඇවිත් තිබෙන බවද තමන්ට ආරංචි වී ඇති බවට සුජීව සේනසිංහ මහතා සමගි ජන බලවේග රැලියක් අමතමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීම වැළැක්වීම මිස ඔහුට ජනාධිපති වීම අවශ්‍ය නොවන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙනැවිත් යලි රට බංකොලාත් වෙද්දී නැවතත් වික්‍රමසිංහ මහතාට බලය අල්ලා ගැනීම ඔහුගේ උපක්‍රමය වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අල්ලයි

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තුවක්කුකරුවකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට – සජිත් ප්‍රේමදාස

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසා ඇත. අද (23) වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු කරන බවයි. මෙහිදී වැඩිදුර තොරතුරු සඳහන් කළ ඔහු පැවසුවේ රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප දීමනා සහිතව රුපියල් 57,500 දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එජාප පක්ෂ සම්මේලනයේ විශේෂ ආරාධිතයින් සජබයෙන් පැන්න පිරිස

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය හෙට පස්වරු 02.00ට සිරිකොත දී පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැතිය ලබා ගැනීමට නියමිත බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
මෙහි විශේෂිත ආරාධිතයින් ලෙස සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන බව තවදුරටත් සදහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ඡන්දය පවත්වනවා


ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.
එම ඡන්ද විමසීම හැකි ඉක්මණින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය තියෙන්නේ ජනාධිපතිවරණයට බවත් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පැෆ්රල් සංවිධානයේ අභියෝගය භාරගත් නාමල්

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැෆ්රල් සංවිධානය විසින් විවාදයක් සඳහා කළ විවෘත ආරාධනය පිළිගන්නා බව දැනුම් දී ඇති බව වාර්තාවේ.ඒ අනුව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීමට කටයුතු කර ඇති බව සහ එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් ය .

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනතාවට සහන දීම ප්‍රශ්නයක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.
ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණය නම් කිරීමට පෙර හෝ ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart