පනින අයට මිලියන ගණනින් තෑගි මුදල්

රුපියල් මිලියන 300ක මුදලක් විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබා දීමට මේ වනවිට ප්‍රතිපාදන වෙන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. මෙසේ වෙන්කරන ලද මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීමට සූදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇති අතර ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන්ගේ විවධ්‍යගත අරමුදල් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද ඔහු එම අවස්ථාවේ දී චෝදනා කර ඇත. මේ සඳහා වහාම පියවර ගත යුතුය යනුවෙන් මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායකවරයා මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

“උදේට කිරි බොන ජනතාවට හවසට කහට බොන්න කියන්න බෑලු” රනිල්ගේ පිලට මාරුවෙන මාලිමා ලොක්කෙක් ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. අනූෂ විමලවීර මහතා මෙම තීරණය දැනුම් දී ඇත්තේ අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමුවූ අවස්ථාවේදීය. එමෙන්ම අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය. ඒ අනුව ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කළේ උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

සුබ ආරංචියක්

තේ වගාවට අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 4,000ක සහන මිලකට තේ වගාකරුවන්ට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවට වාර්තා වේ.
එමෙන්ම 2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරන වී සහ වෙනත් වගා සඳහා, උපරිම හෙක්ටයාර දෙකකට සීමා වන පරිදි එක් හෙක්ටයාරයක් සඳහා රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවට වැඩිදුරටත් සදහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

පොහොට්ටුවේ මංගල රැලිය හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
සඳහන් කළේ, පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත්,බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවත් එතුමා ප්‍රකාශ කර ඇත.
වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සදහා පිටපළාත්වල බස්වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ඉෂාක් ඇතුලු කීපදෙනකුට රනිල්ගෙන් එජාප සංවිධායකකම්

ඊයේ (19) දින එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිදුකර ඇත. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට පත්වීම ප්‍රදානය කර තිබේ.

මීට අමතරව හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක යන අය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයෝ ලෙස ද, ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ද, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දේවක වීරසිංහ ද පත්වීම් ලිපි බාරගෙන ඇත.
මීට අමතරව කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවී ඇති බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

නාමල් පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි සමඟ කතා කරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී ඇත.

මෙම හමුවේදී අගරදගුරු හිමිපාණන් සමඟ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන අධිකරණ කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව නාමල් රාජපක්ෂ එකඟවී ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රු.109යි

ජනාධිපති අපේක්ෂකයකුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

මැටිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කර ඇත්තේ, සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ජාතික ජනබලවේග නමින් පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ජාතික ජනබලවේග නැමති වෙස් මුහුණෙන් පැමිණියද එහි ඇතුලත සිටින්නේ රට තුළ කැරලි දෙකක් මෙහෙයවා තරුණ ජීවිත අහිමි කරමින් ලේ ගංගා ගලා යාමට සැලැස්වූ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ඔවුන් පැමිණෙන බවත් ඔහු සඳහන් කර සිටියේය.
ඔහු මෙලෙස අදහස් දැක්වූයේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රුවන්වැල්ලේදී පවත්වනු ලැබූ ජන රැළිය අමතමිනි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ සටන පවතිනුයේ විපක්ෂයේ පක්ෂය දෙකක් අතර බවත් එම නිසාවෙන් ගෝඨාභයගේ වෙස් මුහුණට රැවටුණා සේ කටයුතු නොකර මාලිමාවේ වෙස් මුහුණ ගලවා දැමීමට මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කලයුතු බව චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන ලදී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

දහයකටත් අඩු පිරිසක් එක්වූ ෆොන්සේකාගේ මංගල රැලිය

මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පවත්වා තිබිණි.
නමුත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු ගනණක් බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ජනපති අපේක්ෂකයින් හයක් එකම වේදිකාවක


එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 6දෙනෙකු මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සූදානමින් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා, සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා මෙන්ම සර්වජන බලය සංවිධානයේ දිලිත් ජයවීර , ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින ආරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් මේ සඳහා සහභාගි වීමට නියමිත බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

Add to cart