ඇමැතිකම නැතිවුන මනූෂට හා හරීන්ට ජනපතිගෙන් උපදේශක ධූර

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබාදී ඇති අතර හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව මෙම පත් කිරීම ඊයේ සිදු කර ඇති අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී සිදුකරන ලද මෙම පත් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ඡන්ද නීති කඩන අයට ඇපත් නෑ

ඡන්ද නීති කඩකරන,ඡන්ද නීතී රීති උල්ලංඝණය කරණ ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට පොලිසිය තීරණය කර ඇති අතර පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ප්‍රබල භූ කම්පනයක්


ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනයක් සිදුව තිබේන බවට විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති බවත් කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බවත් වැඩිදුර වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

‍රනිල්ට සහය දෙන මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සදහා එක් වු වේලුකුමාර් මන්ත්‍රීවරයාට දිගන, යාපනය, අනුරාධපුර මත්පැන් බලපත්‍ර 3ක් හා අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මත්පැන් බලපත්‍රයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තවද දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාදී ඇති බවත් ඒ හතරලියද්ද සහ ගලගෙදර බවත් ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාට ලබාදුන් මත්පැන් බලපත්‍රය ඔහුගේ ලේකම්වරයාට විකුණා දැමු බවත් එතුමා පවසා ඇති අතර ඉතිරි මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බව වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

මහනුවර දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද


මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙන බව වාර්තා වේ.ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් සිව්වැනි රන්දෝලි පෙරහැර වීදී සංචාරය කෙරිණි. ඒ අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවත් පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වාදී ඇති බවත්පොලිසිය ප්‍රකාශ කොට ඇත. මේ අනුව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බවද පොලීසිය සඳහන් කර ඇත. එමෙන්ම ඒ සඳහා බස් රථ 550කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය. අද දිනයේදී කොටුව, නාවලපිටිය හා මාතලේ සිට මහනුවර දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ශ්‍රී ලංකා අයර්ලන්ත එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව තිබෙන මෙම තරඟයට ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.

2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හමුවීමෙන් පසුව නැවත මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

මෛත්‍රීපාලට යන එන මං නැති වේ. රනිල්ටත් එපාලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට තමන් කැමති බවට දන්වා ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහාය තමන්ට අවශ්‍ය නැති බව දන්වා ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බව පැවසූ ඔහු කිසිදු පක්ෂයකින් ඔහු භාර ගැනීමට කැමැත්තක් නොදක්වන බවද මේ අවස්ථාවේදී කියා සිටියේය. එමෙන්ම තම පක්ෂයේ හිටපු නායකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුද වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව කණගාටුවට පත්වන බවද ඒ මහතා ඒ අවස්ථාවේදී තවදුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් ප්‍රකාශ කරන අතර එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක සඳහන් කර ඇත්තේ එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි .

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.ඒ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක් නිසාවෙනි.එහි ප්‍රමාණය සහ ඒ සඳහා යන වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

අමාත්‍ය ධූර තුනකට අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට අමාත්‍ය ධුර තුනක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතට ගෙන ඇත. එමෙන්ම මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කළේ, හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු සිදු වී ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලන්තෑරුමෙන් එන ෆොන්සේකා

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව “ලන්තෑරුම” සලකුණින් ඔහු ඉදිරිපත් වන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart