විමල්ගේ තුනක් ගැලවී යයි

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනාගෙන් තිදෙනකු රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව ඇත.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති ජගත් ප්‍රියංකර, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස, ජාතික ලැයිස්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් එසේ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූ මන්ත්‍රීවරු ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගෑස් සිලිණ්ඩරයෙන් රනිල් ජනපති සටනට

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව “ගෑස් සිලින්ඩරය” සලකුණින් ඔහු ඉදිරිපත් වන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂාවක්

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට අද(15) දිනයේ විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කොට ඇත. ඒ වගේම ඒ සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුළුව යොදවා ඇති පොලිස් නිලධාරීන් ගණන 1000කට අධික බවද වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඇරඹේ.


ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම දැනටමත් සිදුවෙමින් පවතී. ඒ අනුව අද උදෑසන 11.00 දක්වා නාමයෝජනා භාර දිය හැකි බව වාර්තා වේ. ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.30 දක්වා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 40කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජිත්ගේ සන්ධානයට එක්වන ජනරජ පෙරමුණ


මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණෙහි නායක පාඨලී චම්පික රණවක මහතාගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව අද(14) නිළ වශයෙන් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනක රත්නායක ඇප තැන්පත් කරයි.


මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පනින්නනම් රනිල්ගෙන් මිලියන දෙසීයක් ඉල්ලයි ,


ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමටනම් තමන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා ඇති බව වාර්තා වේ. එහි දී තම පක්ෂයට රුපියල් මිලියන 200ක මුදලක් ද ලබා දෙන්නැයි මෙම මන්ත්‍රීවරයා ඉල්ලා ඇති බව ද සඳහන් අතර මෙම ඉල්ලීම් දෙකටම ජනාධිපති පාර්ශවයෙන් එකඟතාවයකට පැමිණ නැති බව ද ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් අදාල මන්ත්‍රීවරයා සමඟි ජනබලවේගය සමඟ සාකච්ඡාවක් පවත්වා එම පක්ශය සමඟ ඉතා ඉක්මනින් සන්ධානගත වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඩිල්ෂාන්ගේ සහයත් සජිත්ට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණිනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා වසර 17කට ආසන්න කාලයක් කලක් එහි නායකත්වය ද හෙබවීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ටයිකොන්ඩෝ ශූරයෝ දිවයිනට

මැලේසියාවේ පැවති දාසය වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජයග්‍රහනයන් සමගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. එහිදී රන් පදක්කම් 13ක් රිදී පදක්කම් 05 සහ ලෝකඩ පදක්කම් 05 දිනාගෙන ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීයෙක් වන, මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී ඉකුත් 01 දින සිට 10 දින දක්වා ලෝකයේ රටවල් විසි දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයන් පවත්වා තිබුණී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තැපැල් ඡන්ද විමසීමේ දිනයන් ප්‍රකාශයට

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම ප්‍රකාශ කොට ඇත. සැප්තැම්බර් 4 වනදා තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇති බව සැලකේ. මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබෙන බවද වාර්තා වේ. ඒ අනුව සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇති බවද සඳහන් ය. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඊයේ (13) වනවිට අපේක්ෂකයින් 36 දෙනෙක් ඇප තැන්පත් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart