ඔබගේ වරම තුළින් මම ඔබගේ සේවකයා වෙනවා මම තමයි ඔබලාගේ ආරක්ෂකයා


මහියංගනයේ පැවති ජන පවුර නම් වැඩසටහන අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ” මාගේ ශරීරයේ ගමන් කරන හැම ලේ බිංදුවක් පාසා ජනතාවට දිවා රෑ සේවය කරනවා ” යැයි පවසා ඇත. එහි දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වා පවසා ඇත්තේ අවංකව රටේ ජනතාවට සේවය කරන බවත් ඒ සඳහා දිවා රෑ වෙහෙසී කටයුතු කරන බවත් ය. ඔහු වටා සිටින්නේ හොඳම කණ්ඩායම බව ද රට ගොඩනැඟීමට තනියම බැරි බව සහ ඒ සඳහා හොඳ අවංක ටීම් එකක් අවශ්‍ය බවත් ඔහු එම වැඩසටහන අමතමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

2024 ජනාධිපතිවරණය නිරීක්ෂණයට අන්තර්ජාතික සංගම් රැසක්


ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා යුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා ප්‍රකාශ කළේය. නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සදහා යොදවන පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.
එමෙන්ම මේ වන විට රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 320 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවද ඒ බව ඔවුන් විමර්ශනය කරන බවද මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් සොයා බැලිමට කණ්ඩායම් පත් කර ඇති බවත් මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචාවන් වැලක්විම සදහා පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් සමග ඔවුන් සාකච්ඡා කරන බවත් එය වැලැක්විම සදහා පළාත් නවයේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සදහා සම්බන්ධ සියළුම නිලධාරින් දැනුවත් කිරිමට මෙම කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබිණි. එමෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය සදහා ජන්දය භාවිතා කිරිම හය ලක්ෂ පන්දහස් දෙසිය අනු දෙකක පිරිසක් දැනට ලියාපදිංචි වි ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බලය වැඩි කරගැනීමට තවත් පිරිසක් සජිත්ගේ සහයට

තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට අද (13) දිනයේ සමගි ජන සන්ධානයට එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවත් ඉදිරියේ දී ද තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවත් රනිල්ට


ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය අත්පත් කරගන්නා බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයෙන් පසු පොදුජන පෙරමුණේ නායකයින් වන්නේ තම කණ්ඩායම් බවද ඔහු මේ අවස්ථාවේදී අවධාරණය කොට ඇත. මේ අනුව ඔහු දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයක් ඉක්මවූ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.
සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි බවද ඒ අනුව ජනාධිපතිවරයෙන් පසු පක්ෂයේ නීත්‍යානුකූල අයිතියද ලබා ගන්නා බවත් හෙතෙම පවසා ඇත.

ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක් වූ කණ්ඩායම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ඉදිරියට පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ වලට අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද ඔහු මේ අවස්ථාවේදී කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබ මැතිවරණ මෙහෙයුම් අධීක්ෂණයට ජලනි පත්කරයි


සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම සඳහා එතුමාගේ ආර්‍යාව වන ජලනි ප්‍රේමදාස විසින් භාරගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා සිදුකරනු ලබන සෑම කටයුත්තක්ම ඇයගේ අධීක්ෂණයට ලක්කෙරෙන අතර ඒ සදහා සජබය තුල එම වගකීම නිසි ආකාරව ඉෂ්ඨ කළ හැකි අයෙක් නොමැති නිසා එය ඇය විසින් භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරව සම්මානයෙන් ද පිදුම්ලැබ ඇති ජලනී ප්‍රේමදාස ආර්යාව මෙරට සිටින නිහතමානීම කාන්තාවකි.
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකයින් විසින් සැලසුම් කරනු ලබන වැඩසටහන් පළමුව ජලනී ප්‍රේමදාස ආර්යාව වෙත යොමු කොට ඇයගේ අදහස් විමසීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දෙකක් අහෝසි වේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. ඒ සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙනි. මේ අනුව පසුගිය 09 වැනිදා සිට නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව ලිඛිතව දැනුම් දී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අලී සබ්රි නව අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලී සබ්රි නව අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ඒ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඇතිවූ අධිකරණ අමාත්‍ය ධූරයේ පුරප්පාඩුව සඳහාය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 07ක ජයක්


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා අයර්ලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරග දෙකකින් යුත් 20-20 තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 145ක් රැස්කළ අතර එහිදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිඳහෙළීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවෝ පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජය වාර්තා කල අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 45කදී නොදැවී ලකුණු 85ක් රැස්කළාය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිටපු ක්‍රීඩා ඇමති ජනාධිපතිවරණයට


තමන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ප්‍රකාශ කර ඇත.
මේ විට අපේක්ෂකයන් 27දෙනකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

චන්ද්‍රිකාගේ සහය කාටවත් නෑ


ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට තමාගේ සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා ඇත. ඇය මේ බව සඳහන් කළේ අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඇයට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙමු යැයි යෝජනා කර තිබෙන අතර තමා කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බවද අත්තනගල්ල කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළිබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart