ග්‍රාම නිළධාරීන් සේවයෙන් ඉවතට


ග්‍රාම නිලධාරීන් අද (12) සහ හෙට (13) දිනයන් වල සිය රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පවසා ඇත.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුමන්තිරන් හා නාමල් අතර සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී අද (10) පෙරවරුවේ දී, සු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව ද එම්. ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට ජනපති පියවර ගනී


මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බවයි.
කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද, එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ඇරඹීමට නියමිතව තිබේ. ඒ පළමු කුඹල් පෙරහැරයි.
අගේස්තු 14 දක්වා දින පහක් මෙම කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි.
රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 15 වන දා වන අතර අගෝස්තු 19 වන දින අවසාන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රජකමින් ගොඩ යාමට 27 දෙනෙකු ඇප තැන්පත් කරයි


ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අගේස්තු 09 පස්වරු 04.00 වනවිට අපේක්ෂකයන් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඉන් 13 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට 11.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවේ. ඒ වගේම පෙරවරු 09.00 සිට 11.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලංකාව බංගලාදේශයට අත්වූ ඉරණමෙන් බේරා ගත්තේ රනිල් – පවිත්‍රා වන්නිආරච්චි

“කාන්තා අපේ බලය” නමින් පැවති සමුළුවක් අමතමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ වැනි තත්ත්වයට පත් නොවුනේ මාතෘ භූමියේ රනිල් වික්‍රමසිංහ නැමති නායකයෙක් බිහිවීම නිසා බවත් බංගලාදේශය රනිල් වැනි නායකයෙක් සොයමින් සිටින බවයි.
ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රටේ නායකයා රටින් පළා ගිය අවස්ථාවේ දී රටේ ලේ පොදක් හැලීමට ඉඩ නොදී රාජ්‍යත්වය ස්ථාපිත කරමින් රට යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා බවයි.
ආර්ථිකය පූර්ණ ස්ථාවරභාවයකට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති සමුළුව අගමැති මැදිහත් වී නතර කරයි


කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති සමුළුවක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතාවයෙන් හදිසියේම නතර කිරීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට සූදානම් වී ඇත්තේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ .එක්සත් ජාතික පක්ෂය වෘත්තීය සමිති හා වෙනත් සංගම්වල නියෝජිතයන්ගේ සමුළුවක් ලෙස මෙය පැවැත්වෙන බවට ගිය ප්‍රචාරය මත මෙම සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා විරෝධතාවය පළකර ඇති බව ද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

24 ක් ජනපති සටනේ


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා 2024.08.08 වන දින පස්වරු 04.00 වනවිට අපේක්ෂකයන් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවත් ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට 11.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවෙන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

පුද්ගලයන් 11 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කර තිබේන අතර වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ශකයන් ලෙස 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු බලය බිඳවැටෙන ලකුණු


මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව මෙම තීන්දුව ලබා දී ඇත.
ඒ අතරම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වී ඇතැයි ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක් වන අතර ඒ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් ය.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දුන්නද ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම අමාත්‍යධූර අට සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු අමාත්‍යධූර සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යන අතර එවිට ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සරල බහුතරය වන 113 අහිමිවීම සිදු වේ.ඒ හේතුව නිසාවෙන් ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු බලය බිඳවැටීම සිදුවනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

මනූෂ හා හරීන් ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි


අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කර ඇත්තේ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව නීත්‍යානූකුල බවයි.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණ.

ඒ අනුව සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart