මහජන පැමිණිලි විමර්ශනය සඳහා නව ඒකකයක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරී ඇත. මෙහිදී මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන්ම රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන්ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. ඒ වගේම තවදුරටත් මහජනතාව සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වන බවද ඉදිරියේදී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙත මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව,
මෙහිදී පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන් ලෙස,
දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803
විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com
Whatsapp අංකය – 070 4 752 803
හදුන්වා දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi