අරගලය ඉල්ලූ තරුණ නායකයා අපි ලබා දුන්නා, හැරගිය අය නැවත එන්න – මහින්ද රාජපක්ෂ

අරගල කරුවන් අරගල කරමින් ඉල්ලූ තරුණ නායකත්වය මේ වන විට පොදුජන පෙරමුණ විසින් ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය අයට යළි එක්වන ලෙස ආරාධනා කරන බවත් සමහර පිරිස් යළි එක්වෙමින් සිටින බවයත් ඔහු ප්‍රකාශ කලේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුව හැර ගිය අයට නාමල්ගෙන් ආරාධනා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂය අතහැර ගිය අයට නැවත පක්ෂයට පැමිණෙන ලෙස ඉල්ලා තිබේ.පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටින පොහොට්ටුවේ සියළු දෙනාට, හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර නැවත තම පක්ෂය සමඟ එකතු වන ලෙසයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අනුෂ්කාගේ නායකත්වය සමඟ කාන්තා කණ්ඩායම අයර්ලන්තයට

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වී තිබේ.

චමරි අතපත්තු Women’s Hundred තරඟාවලිය සඳහා සහභාගි වීම හේතුවෙන් මෙම තරගාවලියට චමරි එක් නොවන අතර කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමුව තරඟ 02කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය ලබන අගෝස්තු 11වනදා ද,අගෝස්තු 16වෙනිදා එක්දින තරඟාවලිය ද ඇරඹීමට නියමිතව ඇත්තේ බෙල්ෆාස්ට් හීදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිටපු ජනපති ඝාතන සිද්ධියට පාකිස්තානුවෙක් අත්අඩංගුවට


හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරනවා.

එම සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇති බවද විමර්ශවලදී අනාවරණය වී ඇත. එමෙන්ම ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ද මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා ඉන්දියා අවසන් එක්දින තරඟය අද


ශ්‍රී ලාංකා හා සංචාරක ඉන්දියා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද 07 පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව සම වූ අතර,අනෙක් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟ 1-0 ලෙස ලංකාව ඉදිරියෙන් සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබ ආණ්ඩුවේ අගමැති මද්දුමබණ්ඩාර


ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අදහස් හුවමාරු වෙමින් ඇති බවත් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ඡන්ද බල ප්‍රදේශ‍ය වන මොණරාගල දිස්ත්‍රික්කයේ ඔහුගේ දේශපාලන ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නේද ඒ බව සඳහන් කරමින් බවත් වැඩිදුර සදහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිබේ. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් එම අපේක්ෂකයාගේ නම මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇථි බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බංගලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසත් හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත් ට


දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.
මනෝ ගනේෂන්, පී දිගම්බරන්, වී රාධක්‍රිෂ්ණන්, එම් වේලු කුමාර් සහ එම් උදය කුමාර් යන දෙමළ දේශපාලන නියෝජිතයින් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ, උපරිමය රුපියල් මිලියනයක් දක්වා ඇති ස්ථාවර තැන්පතු සඳහා 10%ක වාර්ෂික පොලියක් වසර දෙකක් සඳහා මේම යෝජනාව තුලින් ලැබෙනු ඇත.

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇති අතර ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ හේතුවෙන් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මේ සදහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart