අනුර ඇප තැන්පත් කරයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයින් 17 දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ. මෙයට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ, අරුණළු ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය කේ.ආර්. කිෂාන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කළකිරුණු නාමල් ඉල්ලා අස්වෙයි


පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී දැනුම් දී ඇත .කෙසේ වෙතත් එම පුරප්පාඩු වූ දූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පත්කර ඇති බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පලාගිය හසීනා ඉන්දියාවේ


ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා ඇගේ සොහොයුරිය රෙහානා සමඟ ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂෙයික් හසීනාගේ උත්සාහය දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමට බවත් ඒ සඳහා තමන්ට අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද තවදුරටත් වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වාසු දේශපාලන දිවියට සමු දේ.


ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා සිය අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් තම දේශපාලන දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඔහු දැනටමත් එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දී ඇත. එමෙන්ම එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකර නොකිරීමට දැනටමත් තීරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්ද ,චමල් පොහොට්ටුවට විරුද්ධ වෙයි


ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාහට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දිය යුතු බවට මහින්ද රාජපක්ෂ මහතා සති කිහිපයකට පෙර තමන් සමඟ පැවසූ බවයි.කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා යන දෙදෙනාම පක්ෂය වෙන තීන්දුවක් ගතහොත් තමන් ස්වාධීනව තීන්දුවක් ගන්නා බව සඳහන් කර ඇති අතර තම පක්ෂය වෙනත් පියවරක් ගන්නේ නම් ඊට මුහුණ දීමට විකල්ප වැඩපිළිවෙලක් මේ වන විට සූදානම් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් මෙම අවස්ථාවේ දී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඔලිම්පික් ගිය දර්ශනගේ අවසන් පූර්ව වටය අද

අද (06) ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අරුණ දර්ශන සහභාගී වන තරඟය පැවැත්වීමට නියමිතව ඇති අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.5ට පමණ ආරම්භ වේ .
මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වෙනි තරඟයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය හිමිකර ගත් අතර එහිදී අරුණ දර්ශන තත්ත්පර 44 දශම 9.9කින් තරගය අවසන් කළ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස වාර්තා විය.
අද රාත්‍රී අරුණ දර්ශන සහභාගී වන තරගය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවෙන් වෙනම සංධානයක්

උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ක්‍රික් බල මණ්ඩලයේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බවයි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත්ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලංකාව ආදර්ශයට ගත් බංගලාදේශයේ අගමැතිනිය පලා යයි


අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් බංගලාදේශය පුරා ඇතිවූ විරෝධතාවලින් පසුව අගමැති ධූරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වී ඇති බව සහ මේ වන විට ඇය එරටින් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තවත් ප්‍රභලයෙක්ගෙන් ඇප තැන්පතුවක්

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර ඇති අතර එතුමා වෙනුවෙන් මෙලෙස ඇප මුදල් තැම්පත් කර ඇත්තේ වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart