කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමි කරගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Mohamed Shiraz අද එක්දින වරම් දිනා හිමිකර ගෙන තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගංගාරාම විහාරාධිපති අපවත් වෙයි


කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් අපවත්වී ඇත.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් සිදු කල උන්වහන්සේ අපවත් වන විට 80 වැනි වියේ පසුවූහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මාළිමාව විශාල පසුබෑමක…ඉදිරියෙන්ම සජිත්


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නවතම සමීක්ෂණයක් පවත්වා ඇති අතර එම වාර්තාවට අනුව සමඟි ජන බලවේගයේ සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී ඇත. තවද ජාතික ජන බලවේගය 26%ක ඡන්ද පදනම දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති අතර තීරණයක් ගෙන නැති පිරිස 8% ලෙස පෙන්නුම් කරයි. ඒ අනූව මෙම සමීක්ෂණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 16% දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂය සඳහා ඇති ඡන්ද පදනම දැක්වෙන්නේ 7% ලෙසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලක්මවගේ සිංහධේනුවෝ අයර්ලන්ත සංචාරයකට සැරසේ

ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව පවතී. මෙම සංචාරය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද වෙයි.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 – 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇති බව වාර්තා වේ. මේ අතර දෙරට අතර මේ දක්වා (2009 – 2022) විස්සයි20 තරග 03ක්ද පැවැත්වී ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාව වේ. එමෙන්ම මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එක්දින තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 2022-2025 අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේද පැවැත්වේ. එමෙන්ම දැනට ශ්‍රී ලංකාව අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානයට උරුමකම් කියයි. ඒ වගේම ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩාකර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් ද පරාජය වී ඇති නමුත් අයර්ලන්ත කණ්ඩායම පසුවන්නේ මෙහි අවසන් ස්ථානයේ බව වාර්තා වේ. මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති ඔවුන්, ඉන් තරග 10ක්ම පරාජය වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මාතර පෙරලෙයි , සාගර පන්නයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරය සඳහා සාගර කාරීයවසම් මහතා කිසිසේත්ම නොගැලපෙන බවත් ඒ සඳහා නව ලේකම් ධූරයේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් බලමණ්ඩලයේ දී සම්මත කරගෙන ඇති බව වාර්තා වේ. ඒ අනූව ඉදිරි ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ පොදු ජනපෙරමුණේ සම්පූර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට සූදානම් බව ද එහිදී යෝජනා සම්මත වී ඇති බව වැඩිදුරටත් වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජිත් හා නාමල් අතර හමුවක් ?


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර පසු ගිය දිනක හමුවක් පවත්වා ඇති බවට මාධ්‍ය තුල වාර්තා වේ. මොවුන් දෙදෙනා කොළඹදී රහසේ හමුවූ බවත් සජිත් ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් එහිදී නාමල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වී ඇත.

එලෙස හමුවූයේ නම් ඒ කුමක් සඳහාද යන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශ කර ඇත. “සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරන බවට පළ වූ පුවත් අපි දැනටමත් සමාජ මාධ්‍යවල දැක තිබෙනවා. සජිත් ප්‍රේමදාස මේ වාර්තාවේ ඇත්ත නැත්ත හෙළිකළ යුතුයි.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පානීය ජලය පිළිබඳ අනතුරු ඇඟවීමක්


ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ,ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්ව පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයක දී මෙරට ජනගහනයෙන් 67%කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානය ජල පහසුකම් නොමැති බව අනාවරණය වී ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මේ පිළිබඳ කරුණු අනාවරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික – නිල නිවේදනය එළඹෙන 07 වනදා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත අතර එය ලබන 07 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට වාර්තා වී තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින සිවු දෙනකු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් වැඩි පිරිසක් කැමැත්ත පළකර ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙතයි.
ඊට අදාල සංවිධාන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතින අතර ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ, පක්ෂය තුල ඇතිවූ තත්වයන් නිසාවෙන් බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඔලිම්පික් තරඟ බිමට අද ශ්‍රී ලංකා නියෝජනයක්

අද (02) දින තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිත බව වාර්තා වේ.
ඇය සහභාගී වන මීටර් 800 තරග ඉසව්ව අද රාත්‍රී 11.15 ට ආරම්භවීමට නියමිතව ඇති අතර ඇය සහභාගී වන්නේ මීටර් 800 මූලික වටයේ heat 6 වන තරඟයටයි.
ඒ අනුව වන අතර අද රාත්‍රී 12.00 ට එ​ම තරගය පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයින් 10 දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු දැනට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කොට ඇත. මෙලෙස ඇප මුදල් තැන්පත් කරන ලද අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අපේක්ෂකයින් සිටින බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart