IMF නියෝජිතයින් ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඔහු එහිදී සඳහන් කර සිටියේ, කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් එම වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජපක්ෂත් ඇප තැන්පත් කරයි.


රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇප මුදල් තැන්පත් කිරීම ඉක්මනින් සිදු කරන ලෙස මැ.කො ගෙන් දැනුම් දීමක්


හැකි ඉක්මනින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසා ඇත.
කල් වේලා ඇති ව ඇප මුදල් තැන්පත් කිරීමෙන් අවසන් මොහොතේ ඇති විය හැකි තදබදය වළක්වා ගත හැකි අතර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍ය්හාන 12.00න් අවසන් වීමට නියමිත බවත් ඒ මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කංජිපානි සහ ලොකු පැටී අත් අඩංගුවට


අතුරුගිරිය ප්‍රදේශයේදී සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමුලකරුවන් ලෙස සැලකූ පාතාල නායක කංජිපානි ඉම්රාන් හා ලොකු පැටි නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.ඩුබාහී දී ලොකු පැටි නැමැත්තා ද කංජිපානි ඉම්රාම් බෙලරූස් හීදී ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අතේ සහයත් රනිල්ට ද?


එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් තමන් වෙත ලබදෙන ලෙස ඉල්ලමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.ඒ අනූව අද පස්වරුවේ ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් අමතමින් එහි මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් එම ලිපිය කිය වූ බව ද ආඅරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එක්දින සංචිතය නම් කරයි – නායකත්වය චරිත්ට


ඉන්දියාව හා ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇත. 16 දෙනකුගෙන් යුත් එම සංචිතයට දිනේෂ් චන්දිමාල් මෙන්ම මීට පෙර එක්දින කණ්ඩායමට ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්ව නොමැත.
අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක සහ චාමික කරුණාරත්න එක්දින කණ්ඩායමට නම්කර තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:-

චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිෂාන් මධුෂ්ක
වනිදු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
අකිල ධනංජය
ඩිල්ශාන් මධුසංඛ
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තවත් ප්‍රබලයෙක් ඇප තැන්පත් කරයි


2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හමාස් නායකයා ඝාතනය කරයි


ආරක්ෂකයෙකු සමඟ සිටිය දී හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.කෙසේ වෙතත් මෙම ඝාතනයෙ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවත් එය ඊස්‍රායලය වෙත එල්ල වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුපුරුදු පරිදි ලංකාව පරදා ඉන්දියාව ජය ගනී


සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇත. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගෙන ඇත.

මෙම තරඟය අතරතුරදී,
පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 39 ක් හා Riyan Parag ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වී ඇත.
එමෙන්ම පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණු බව වාර්තා වේ. මෙම තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු සම කිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණද සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත හැකිවූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 2 ක් පමණි. ඒ අතර සුපිරි පන්දුවාරයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. .

මෙහිදී විස්සයි විස්ස තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජ්‍ය මුද්‍රණාලයේ සේවක හිඟයක්


රාජ්‍ය මුද්‍රණාලයේ දැනට සේවක හිඟයක් පවතින බව වාර්තා වේ. නමුත් ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු මුද්‍රණ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකරන බව රජයේ මුද්‍රණාලයේ පොදුජන පෙරමුණු ශාඛාවේ සභාපති නිහාල් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart