පොහොට්ටුව රනිල්ටද ධම්මිකටද ?. තීරණය අද හවස හතරට.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතව ඇත.ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සදහා මෙම සාකච්ඡාව පවත්වන අතර මෙම සාකච්ඡාව පස්වරු 4.00ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පවත්වන බව වාර්තා වේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවත් තවත් පිරිසක් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ ව්‍යාපාරික ධම්මික පෙරේරා බවත් මත පළ කොට ඇත.ඒ හේතුවෙන් පක්ෂය දෙකඩ වෙනවාද නැතිනම් එක් තීරණයකට පැමිණ එකට ගමන් කරනවාද යන්න යන නිගමනයට අද එළඹීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මුස්ලිම් කොංග්‍රසයත් සජිත් ට

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබලවේගය සමග දැනටමත් කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නොමැති බවත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බවත් ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්දගෙන් සහය පතන රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින බව පවසමින් ඒ සඳහා තමන්ට සහය ලබා දෙන බවට පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම පෙරමුණේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී ඇති අතර එය අද පස්වරුවේ පැවැත්වෙන පෙදුජන පෙරමුණේ විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත බව සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ සහය රනිල්ට දෙන ලෙස සාගල-සුසිල් මහින්දගෙන් ඉල්ලයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහාය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර සුසිල් ප්‍රේම්ජයන්ත හා සාගල රත්නායක,ජනාධිපතිවරයාට සහය ලබා දෙන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
තවද, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් දැනුම් දෙයි

NPP නිල වෙබ් අඩවිය හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කරයි

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ AKD.lk නම් නිල වෙබ් අඩවිය එළිදැක්වීම හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය හා NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබේ.
මෙම පක්ෂය සඳහන් කර ඇත්තේ මෙම වෙබ් අඩවිය AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම මෙම ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට ප්‍රවේශයක් ලබා දෙන බවද, මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතින බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අවසන් සටනට එක් වන සිංහ ධේනූවෝ

2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වූයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 140ක් රැස් කරගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හිමි ඉලක්කය ලකුණු 141 විය. පන්දුවාර දහනවයයි පන්දු පහක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම ගත් අනුෂ්කා සංජීවනී, එක් පන්දුවක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණ කරා රැගෙන යමින් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවට සුදුසුකම් හිමි කර දුන්නා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රටේ ආරක්ෂාව තහවුරු කරන සියලු පියවර ගන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත ඒ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අගමැතිනිය කිඹුල් කඳුළු සලයි

පසුගිය දිනවලදී ඇති වූ විරෝධතා අතරතුරදී එම විරෝධතා හේතුවෙන් හානියට පත් වූ දුම්රියපොළක් නැරඹීමට ගිය අවස්ථාවකදී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලාසිටින ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
නමුත් එරට ජනතාව පවසන්නේ අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවයි. එමෙන්ම එරට පැවති උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එලෙස මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රජයේ රැකියාවලින් 30%ක් යුද විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇති වී තිබේ. මේ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවූ අතර පසුව එරට අධිකරණය මැදිහත්වී රැකියා කෝටාව 7%ක් දක්වා අඩු කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැ.කොගෙන් පණිවිඩයක්

අපේක්ශකයින්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් මැතිවරණයට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට නිදහස් හා සාධාරණ චන්ද වීමසීමක් පැවැත්වීම සඳහා කොමිසම විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පවසා ඇත.ඒ අනූව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මැතිවරණ නීතිරීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කිරීමට සූදානම්ව සිටින බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart