වසන්තට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා, සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වසන්ත සමරසිංහ මහතා විසින් හඩ්සන් සමරසිංහ මහතා ඉලක්ක කර කරනු ලබන තර්ජනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
හඩ්සන් සමරසිංහ මහතා විසින් එම ප්‍රකාශය පදනම් කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

බැංකු පොලිය අඩුවේ

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොලිස්පතිට අතුරු තහනම් නියෝගයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව පාර්ශවකරුවන් කිහිපදෙනෙක් විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මුජිබර්ගෙ නිවසේ කංජිපානි එක්ක සාදයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රාහුමාන් මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් සමඟ සිය නිවසේ දී සාදයක් පැවැත්වූ බවට මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු විවාදයක් අමතමින් චෝදනාවක් එල්ල කොට ඇත.
කෙසේ වෙතත් මෙවැනි සම්බන්ධතාවයක් තිබුණේ නම් තමන්ට එරෙහිව ගෝඨාභය රජය විසින් නීතිය ක්‍රියාත්මක වනු ඇති බව සහ එකල එවක ආණ්ඩුව තමන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවී සිටි බවත් තමන්ගේ දුරකථන ඇමතුම් පවා නිරීක්ෂණය කළ බවත් ඔහු වැඩිදුරටත් එම අවස්ථාවේදී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සැප්තැම්බරයේදී එන සා.පෙළ ප්‍රතිඵල

විභාග දෙපාර්තමේන්තුව අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට සූදානම්ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසා තිබේ. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත් පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වෙනකොට අවසන් වීමෙන් පසු ඒ පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. තවද පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාලයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වේ. එතුමා මේ අදහස් දක්වා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සිවිල් සංවිධාන 100කින් පොදු අපේක්ෂකයෙක්

වර්තමානයේ පවතින දේශපාලන බේදකම් පක්ෂ මූලික ජනතා ප්‍රඥප්ති අමතක කර ඉදිරියට කටයුතු කරන්නේ නම් වෘත්තීය හා සිවිල් සංවිධාන වලින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පසුගියදා කොළඹ තරුණ බෞද්ධ ශාලාවේදී පැවති රැස්වීමේදී වෘත්තීය හා සිවිල් සංවිධාන එකතුව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව වර්තමානයේදී ක්‍රියාකාරී ලෙස සමාජ, ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට මැදිහත් වන වෘත්තීය හා සිවිල් සංවිධාන සියයකට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් එම සංවිධාන වල නායකයින් මෙම රැස්වීමට සහභාගී විය. ඒ අනුව මෙම රැස්වීමේදී වර්තමාන ආණ්ඩුව කෙරෙහි දැඩි ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති අතර එනමුත් විපක්ෂ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කාරණයක් බව දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වූ කරුණක් ලෙස සඳහන් වේ. එමෙන්ම මෙහිදී මෙම සිවිල් සංවිධාන වල මූලික එකඟතාවයකට ලක් වූ කරුණක් ලෙස තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා වලට එකඟතාවය ඵල නොකරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සිවිල් සංවිධාන වලින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව ඒ සම්බන්ධව වන නිල ප්‍රකාශය අගෝස්තු මස මුල් සතිය තුළදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත් බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පඩි වැඩි කිරීමට අනුමැතිය

සේවක අවම වැටුප ඉහල නැංවිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය ලැබී ඇත.
නව සංශෝධිත යෝජනා අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 17500 දක්වාත්, දෛනික අවම වැටුප රුපියල් 700 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර ඇති බව සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය අතර ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේද අවසරය ලැබී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය චරිත්ට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වී තිබේ. සංචිතය සඳහා කැඳවා ඇති ක්‍රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ නම් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල් නිසා පොහොට්ටුව දෙකඩ වන ලකුණු


පොදු ජන පෙරමුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතු බව යෝජනා කරමින් ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණ සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව වාර්තා වේ.ඒ අනූව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර පවතින අර්බුදකාරී තත්ත්වයන් විසඳාගැනීමට මෙමඟින් පොදු ජන පෙරමුණ අපේක්ෂා කරන බවත් එම නිසා සියලු ආසන සංවිධායකයන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අද දිනයේ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාර්ලිමේන්තුව අද සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව අද (23) රැස්වීමට නියමිතව ඇති අතර පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව වාර්තා වේ. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතව පවතින අතර අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart