කාසියේ වාසිය ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වේ. මෙහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඥානසාර හිමි ඇප මත මුදා හරියි

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් අද (22) නියෝගය කර ඇත.
සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල්ගේ අපේක්ෂකත්වය කොට උඩ යන ලකුණු !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද යාපනයේදී ගිවිසුමකට එළඹ තිබෙන බව වාර්තා වෙනවා.
ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දමිළ ඡන්ද ජනාධිපති දිනවීමේ කාර්‍ය්‍යයේ විශාල වැඩ කොටසක් සිදු කරන අතර බොහෝ දමිළ පක්ෂ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය වටා එකරාශී වීම නොදන්නා කරුණක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට කවදත් උතුරු නැගෙනහිර දමිල ඡන්ද ලබා දීමට මෙම කණ්ඩායම් පෙර වසර වලදී එනම් 1999,2005 වැනි ජනාධිපතිවරණ වලදී ක්‍රියාත්මක වී ඇත. මෙවරද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන්නේ නම් මෙම උතුරු නැගෙනහිර දමිල පක්ෂ වල සහයෝගය ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවේ. නමුත් මෙම පක්ෂ එකතු වී වෙනම දමිළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය හරහා විශාලම බලපෑම එල්ල වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව බලාපොරොත්තුවටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අරික්කලනාදන් මහතාගේ නායකත්වයෙන් යුතු ටේලෝ පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ම ලිංගම් සිද්දාර්ථන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්ලොට් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙ නායකත්වයෙන් යුත් EPRL පක්ෂය, නීතිඥ එන්. ශ්‍රී කාන්තා මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂය ඇතුළු පක්ෂ හතක් සහ දෙමළ සිවිල් සංවිධාන රැසකින් සැදුම්ලත් දෙමළ ජනතා පොදු සභාව ද මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බව සදහන් වෙනවා,
නමුත් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා ඇතුලත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ නීතිඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ ගිවිසුමට අත්සන් නොකල බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයකුට මිද්දෙනියේදී වෙඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇතැයි මිද්දෙනිය පොලීසිය සඳහන් කරයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජූලම්පිටියේ පදිංචිව සිටින කේ.කේ. ප්‍රභාත් ඉන්දික නම් අයෙකු බවත් පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු විය හැකි බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඇඹිලිපිටිය රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකා එළියට

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා දහ අටකට වරදකාරිය වෙමින් පසුගිය ජූනි මස 28 වැනිදා වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කොට ඇත. ඒ මහාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් අභියාචනයක් ගොනු කිරීම සලකා බලමිනි. නමුත් ඇය අද දිනයේදී ඇපමත මුදාහරණ ලද්දේ විදේශ ගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවමිනි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සටනින් ඉවත්වන වත්මන් ජනපති

සිය සමාජ මධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් සඳහන් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තමා තරඟ නොකරන බවයි.
එමෙන්ම, “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්ද ඔහු එහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්ය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකවත්වය උප ජනාධිපති ලෙස සිටින කමලා හැරිස්ට නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ලබාදීමට සුදුසු බවත් ජෝබයිඩන් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ගැසට් කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) සඳහන් කළේ, අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.
මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
http://www.documents.gov.lk/files/bill/2024/7/523-2024_S.pdf

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබට නව සභාපති කෙනෙක්


සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමෙන් අනතුරුව නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිතව තිබෙන අතර මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව පවතින බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රූපවාහිනී ආයතනයකට ගිනි තැබීමක්

බංගලාදේශ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත. ඒ එරට රජයට විරුද්ධව විරෝධතා දක්වන විරෝධතා කරුවන් පිරිසක් විසිනි. ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වීමෙන් එම පිරිස් බේරාගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලිසියට වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකිරීමට සිදුවී ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. බංගලාදේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇත. මෙම උණුසුම්කාරී තත්වය සාමාන්‍ය තත්වයකට පත්කිරීම සඳහා මේ වන විටත් බංගලාදේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට විනය පරීක්ෂණ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විනය පරීක්ෂණයක් සඳහා අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙමෙ ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
අධිකරණ නියෝගය පිළිපදින ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට පසුගිය සතියේ දැනුම් දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart