ආගමන විගමන දෙපාර්තුමේන්තුව තුළ තදබදයක්


ආගමන විගමන දෙපාර්තමේන්තුවට කලින් ලියාපදිංචි නොවී පුද්ගලයින් පිරිසක් පැමිණීම හේතුවෙන් අද (19) එහි තදබදයක් හටගෙන තිබේ. එම නිසා අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටු රනිල් හමුව අසාර්ථකයි

මීළඟ ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුණේ යෝජනාවලට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවීම නිසා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව එහි ප්‍රාකාශකවරයෙකු දන්වා සිටි බව ද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ජනාධිපතිවරණයට තමන් තරග කරන බව පක්ෂය දැනුවත් කළහොත් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා මහින්ද බැසිල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකියාව ඇති නමුත් දැන් සිදුවෙමින් ඇත්තේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ හිතවාදී පිලට එකතු කර ගැනීම බවත් වැඩිදුරටත් සදහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආසියානු කාන්තා T 20 තරඟාවලිය අද දඹුල්ලෙදී

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය අද දින (19) දඹුල්ලේදී ආරම්භ වේ. මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනු ලබයි. එමෙන්ම B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය තරග කිරීමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් ගම්බිම්වල ජනතාවයි‘‘ – හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් නීතිමය අයිතියක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාව වන බවත් ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලබන 24 වනදාට වත්මන් පොලිස්පති ගැන තීන්දුවක්

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර ඇත.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අගෝස්තුවේදී වාහන ගෙන්වීමට සූදානමක්

අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.
ඒ අනුව විදුලියෙන් ක්‍රියා කරවන වාහන ගෙන්වීමට වැඩි නැඹුරුතාවක් දක්වන බව හා වාහන ආනයනය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ ආරම්භයක් ලබ‍ා දීමට සූදානම් අතර ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණය කල් දමන ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව මෙයද?


ජනාධිපතිවරණය කල් දැමීම ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජේ. එල්. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල හිමි වූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්තිවල ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් වැඩිදුර අදහස් දැක්වූ මොහු කියා සිටියේය. මෙහිදී විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් කෙටුම්පත සම්මත වුවහොත් දින 30කදී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජේ. එල්. පීරිස් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියේ එය ඉතා පැහැදිලිව දක්වා ඇති බව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා එය ගැසට් කර නොමැති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරල ක්‍රියාදාමයක් නොව සංකීර්ණ ක්‍රියාවලියක් බවද කීවේය. එමෙන්ම වැඩි දුරටත් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොමිෂන් සභාව තව දින 13 කදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බංගලාදේශයේ විරෝධතා රැල්ලක්


බංගලදේශයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තවද ඇතිව ඇති තත්ත්වය නිසාවෙන් අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම්ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තමන්ගේ ඇමතිකම් පසෙකලා ජනතාවගේ අභිමානය ගැන හිතන ඇමති


හෝමාගම පිටිපන ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද රට බීමහල සතියක් ඇතුළත ඉවත් නොකළහොත් එයට විරුද්ධව තීණ්දුවක් ගන්නා බව ඊට එරෙහිව පැවතුන සත්‍යග්‍රහයකට එක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.තමන්ට ඇමතිකම් ,මන්ත්‍රීකම්වලට වඩා හෝමාගම ජනතාවගේ අභිමානය වටින බව සහ එම ප්‍රදේශයේ ලේකම්වරයා අන්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව ද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු එහි දී වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඥා​ණසාර හිමි නිදහස් කරන්න නියෝග

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥා​ණසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම අද (18) දින කැඳවීමෙන් අනතුරුව බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි ඥා​ණසාර හිමියන් ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart