ජවිපෙ චන්ඩිකම් යලිත් කරළියට ?


පසුගිය 16 වැනි දින ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදී ප්‍රචාරක රැළියක් පැවැත්වූ අතර එහිදී මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට පැවැති ජාජබ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් ජාජබ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත තමන්ට බැණ තර්ජනය කළ බව කියමින් මහනුවර මහනගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වගේ වත්ත නමැති පුද්ගලයා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. එහිදී ඔහු විසින් රැලියේදී මෙම තර්ජනය සිදු කළ බව කියමින් එහි හඬ පටයක් ද පොලිසියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ලාල්කාන්ත විසින් තමන්ගේ නම දහස් සංඛ්‍යාත ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම තුළින් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව ද වගේවත්ත නමැති අය පොලිසියට වැඩිදුරටත් පවසා තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී 14 වැනිදා පැවැති ජන රැලිය හේතු කොට ගෙන මෙම අනුර දිසා- නායක මහතාගේ රුව සහිත විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරුව තාවකාලිකව ඉවත් කිරීම පොලිසියේ ද උපදෙස් මත වැටලීම් අංශය මඟින් සිදු කරනු ලැබ ඇත්තේ නගර සභා පරිපාලනයේ උපදෙස් මත වන බවද අදාළ ප්‍රචාරක පුවරුව සඳහා නගර සභාවට කළ යුතු ගෙවීම් ද කර නොතිබියදී එය ආරක්ෂාකාරීව තබා – ගෙන නැවත ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලිය දින ඔවුන්ට ලබාදුන් බවද මේ සම්බන්ධව කළ විමසීමකදී නගර සභාවේ ඉහළ නිලධාරීනියක විසින් සඳහන් කර ඇත. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්දගේ සහය ?

තම වැඩපිලිවෙල සමග එකග වන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එමෙන්ම ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව ඔවුන්ගේ ආණ්ඩුවක් බවත් පැවසූ ඔහු ස්ථිර වශයෙන්ම තම කණ්ඩායම ඉදිරි ආණ්ඩුව පිහිටන බවත් කියා සිටියේය. දැනටමත් ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ පක්ෂය විසින් සකස් කර අවසන් බවත් සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කලේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජසභා ගොඩනැගිල්ල කැඩූ නගරාධිපතිගේ දඬුවම් ලිහිල් වෙයි.


වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මෙලෙස දඬුවම් ලබා සිටි අතර එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තිස්ස අත්තනායකට අනතුරක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය වාර්තා කරනවා. මෙම අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනාම නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් රථයක් පෙරළී 23 ක් මිය යයි

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේම අනතුරින් තුවාල ලැබූ ගණන 14 කි. බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුවි ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රීලනිප ජනපති අපේක්ෂක සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදීය. තවද ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීම කල් දැමීමට උත්සාහ කළොත් රට තුළ ලේ වැගිරීමක් සිදුවිය හැකි බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කල බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටු අපේක්ෂකයා ධම්මික වත් රනිල් වත් නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
තමාද පක්ෂයට එවැන්නක් දැනුම්දී නොමැති බව ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදී පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයට පොලිසියෙන් වියදම් ලැයිස්තුවක්

ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අවශ්‍යය සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ. ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථානය සඳහා අවම වශයෙන් නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කිරීමට පොලිසිය බලාපොරොත්තු වන අතර පොලිස් කොට්ඨාස මට්ටමින් අපේක්ෂිත වියදම් ඇතුළත් වාර්තා කැඳවීමට පොලිසිය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තරඟයේ වීරයා සම්මානය පිළිකා රෝහලට පරිත්‍යාග කල මහීෂ් තීක්ෂණ

2024 ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තීක්ෂණ තමා දිනාගත් ඇමරිකානු ඩොලර් 1,500 ක මුදල පිළිකා රෝග නිවාරණය වෙනුවෙන් Indira Cancer Trust වෙත පිරිනමා ඇත.
මෙය ‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ‘ජූලි 14 ඉරිදා පවත්වන ලද LPL ‘රෝස දිනයට’ සමගාමීව සිදුකර තිබේ.
“Strike with Hope: LPL Goes Pink for Breast Cancer Awareness” යන මාතෘකාව යටතේ පැවති මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේදී සියලුම ක්‍රීඩකයන් සහ ආධාරකරුවන් ‘රෝස දිනය’ වෙනුවෙන් සහයෝගය දක්වා ඇති අතර ඔවුන් සොයලු දෙනා ‘රෝස’ පැහැති ඇඳුම් ඇඳ සිටිනු දක්නට ලැබිණ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වෙඩි තබා ඝාතනය කළ ක්‍රිකට් නායකයා

ගල්කටස් වර්ගයේ ගිණි අවියක් භාවිත කරමින් 2002 වසරේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තා හට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය විසින් සඳහන් කර ඇත. 41 හැවිරිදි මොහු මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ කන්දවත්ත ප්‍රදේශයේදී ඔහුගේ සිය නිවස ඉදිරිපිට බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart