දඩ මුදල් වැඩි කරයි

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවම රනිල්ට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරිව සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කොට ඇත. එමෙන්ම පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් ජනාධිපති හට සහාය නොදැක්වුවහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානම් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. ඒ වගේම වැඩි දුර අදහස් දැක්වූ මොහු ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු යැයි මතයක සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බවද ප්‍රකාශ කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනතාවගේ සල්ලිවලින් උඩ ගිය මෛත්‍රී මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා සිටි දුර කාලය තුළදී රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මුදල් අවභාවිත කරමින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යනා වාර 97 ක් ගොස් ඇති බව වාර්තාවේ.ඔහු මේ සියල්ල සිදුකර ඇත්තේ ජනාධිපති වරප්‍රසාද යටතේ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වසර 5කට පෙර ගුවන් ගමන් වාර 557 ගොස් ඇති බව ද වාර්තා වේ.
ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු මගින් මෙය අනාවරණය වී ඇති බව සහ මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2014 දක්වා ගුවන් ගමන්වාර ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇතැයිද 2009 වසරේ සිට 2017 දක්වා එය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද වාර්තාවේ. කෙසේ වෙතත් ගුවන් ගමන් වාර 111ක් ගමන් කරමින් දෙදෙනාගේ සමස්ත ගුවන් ගමන් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙන් පසුව සම දුර කාලය තුළදී වාර්ෂිකව වැඩි වශයෙන් මහජන මුදල් වැයකර ඇත්තේ හිටපු ජනපති මෛත්‍රී පාල සිරිසේන බවත් මහින්ද රාජපක්ෂ මහතා ගොස් ඇත්තේ ගුවන් ගමන් වාර 88ක් බවත් සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්


2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ගතවූ වසර දෙකට සාපේක්ෂව සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ප්‍රකාශ කර ඇත.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායම් මෙන්ම එහි අවාසි සහගත තත්වයන්ද පාලනය කිරීමට ගත් ක්‍රියාවන් නිසා මෙම ප්‍රගතිය වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂිකර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය අද දිවයිනට


ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය සහ ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ගුවන් තොටුපොළ වෙත අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අද රැයෙන් පසු ජනාධිපතිවරණයට දිනයක්


අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.
මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇති අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව තවදුරටත් සභාපතිවරයා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කවුද හරි.?

ජුනි 30 වැනිදා වනවිට මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කරගත යුතුව ඇති රුපියල් කෝටි 1100/=ක් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අයකරගෙන නොමැති බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත.
ඒ පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ කාරක සභා නියෝජිතයින් 2024 ජූලි 10 වැනිදා රැස්වූ අවස්තාවේදීය.
මත්පැන් නිෂ්පාදන ආයතනයගෙන් අයකර ගත යුතුව ඇති බදු මුදල් අමාත්‍යාංශයට අය කර ගැනීමට දැනුම් දීමක් සිදු කර තිබුනද මෙතෙක් එය සිදුව නැති බව ද සභාපතිවරයා එහිදී සඳහන් කොට ඇත.
ආණ්ඩුවට අයවිය එහෙත් පැහැර හැරි බදු මත්පැන් නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ බලපත් නතර කළ කාලය අතරතුර ගෙවා දැමුවද නැවතත් ඒ ආයතන විසින් බදු ගෙවීම පැහැර හැර ඇති බව ද ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා විසින් පෙන්වා දී තිබේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් සභපතිවරයා විසින් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 1659ක්, හිඟුරාන ඩිස්ටලිරීස් රුපියල් මිලියන 102ක් සිනර්ජි සමාගම රුපියල් මිලියන 37ක්, වයඹ ඩිස්ටලරීස් රුපියල් මිලියන 79ක් 2024 ජුනි 15 දින වනවිට ආණ්ඩුවට ගෙවිය යුතු වුවත් මෙතෙක් ගෙවා නොමැති බවත් ඊට මුළු හිඟ බදු හා අයභාර රුපියල් බිලියන 1.8ක් බව ද සඳහන් කොට තිබේ.
එසේ වුවද හිඟ මුදල් අයකර ගැනීමට මෙතෙක් සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කොට නොමැත.
මේවනවිට මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සුරා බදු දෙපාර්තමේන්තුව සමග ඇති කරගෙන ඇති ගෙවීම් ගීවිසුම් අක්‍රීය තත්වයට පත්ව ඇත.
රජයට සහ රටට අය විය යුතුව ඇති බදු මුදල් අය නොකොට මේවනවිට සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ක්‍රම සහ විධි කාරක සභාව ද මග හරිමින් සිටින බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.
රටේ සාමාන්‍ය පුරවැසියන් හට අධික බදු බරක් පැටවී ඇති මොහොතක සුරා බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන රජයට අයවිය යුතු බදු අය කර ගැනීමට කටයුතු නොකිරීම ගැන කම සහ කාරක සභාවේ සාමාජිකයන් විමතිය සහ කනස්සල්ල පළ කරන අතර එසේ වීමට හේතුව කුමක්දැයි දන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඇතුළු තීන්දු තීරණගන්නා තනතුරු දරන අය පමණකි.
ක්‍රම සහ විධි කාරක සභාවෙන් නගන කිසිදු චෝදනාවකට මෙතෙක් සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් හෝ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් ද කිසි දු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ බදු පැහැර හැරි ආයතන ගැන සිදු කරන ප්‍රචාරයන් සඳහා අදාළ සමාගම් හෝ මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීමද සඳහන් කළ යුතුව ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශයේ සභාපතිවරුන් ඇතුළු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හේතුවෙන් නිසාවෙන්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
නොඑසේනම් ක්‍රම සහ විධි කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම දේශපාලනය වෙනුවෙන් කරන රඟපෑමක්දැයි මෙරට ජනතාව විසින් නිගමනයට එළඹිය හැකිය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ධම්මික පෙරේරා?

ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කර ඇත.මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු රට පුරා සංවිධානය කර ඇති බව සහ මෙතෙක් ජනාධිපති අපේක්ෂකයෙක් නම් නොකර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත්තේ.කෙසේ වෙතත් ජනාධිපතිවරණය කැඳ වූ වහාම ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරිපත් කරන බව ද ඔහු මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විදුලි ගාස්තු 22.5% කින් පහළට

විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (16) සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.
ඒකක 30ට අඩු – රු. 8 සිට රු.6 දක්වා ද,
ඒකක 30-60 අතර – රු. 20 සිට රු.9 දක්වා ද අඩු කෙරේ.
පළමු ඒකක 60 දක්වා – රු. 25 සිට රු.15 දක්වා ද,
ඒකක 61-90 අතර – රු. 30 සිට රු.18 දක්වා ද,
ඒකක 91-120 අතර – රු. 50 සිට රු.30 දක්වා ද,
ඒකක 121-180 අතර – රු. 50 සිට රු.42 දක්වා ද,
ඒකක 180 ට වැඩි – රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල වැඩවර්ජනය අවසන් කරයි


විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 75ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු වෘත්තිය සමිති ඊයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැස්වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට එකමතිකව තීරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart