රිචඩ් පීරිස් සමූහයේ සභාපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එම ආයතනයේ නිළධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් අදාළ කාන්තාව කොල්ලූපිටිය පොලිසියට සිදුකල ඇති පැමිණිල්ලක් අනුවයි. පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සභාපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව තවදුරටත් වාර්තා වේ. නමුත් සභාපතිවරයා ඊට පෙර රටින් පිටව ඇති නිසා ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නියමිතව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාස්කු වන්දියේ ඉතිරිය ගෙවන්න මෛත්‍රී වසර 06ක් ඉල්ලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රරහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දි මුදලින් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති අතර එහි ඉතිරි මුදල ගෙවිම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මෙම මස (ජූලී) අවසානයේදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වනදා මැතිවරණ කොමිසමට හිමිවන බව වාර්තා වේ. මැතිවරණ කොමිසම සඳහන් කළ පරිදි නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමෙන් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මෙම කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇත. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කර ගැනීමට ද නියමිතව තිබෙන බවට වාර්තා වේ. එමෙන්ම මිලියන 17ක පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අතර ඒ මෙම වසරේ පළමු කාර්තුව තුළදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජිත් සතපහකට වැඩක් නෑ මං ජීවත් වෙලා ඉන්නකම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නෙත් නෑ


ජනතා විමුක්ති පෙරමුණේ රට විනාශ කරන වැඩපිලිවෙලට ඉඩ දිය නොහැකි බවත් තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ජන රැලියක් අමතමින් සදහන් කලේය. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ගැන නම් කතා කරන්න දෙයක් නැති බවත් ඔහු සත පහකට වැඩක් නැති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලබන සඳුදා සලකා බැලෙන ජනපතිවරණ පෙත්සම


ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන අතර එය ලබන සඳුදා (15) සලකාබැලීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මතවී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස වැඩිදුරටත් එහිදී දක්වා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අධික දුමට ක්ෂණික විසදුමක්


අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි යොමු කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරන අතර ඒ සඳහා 070 3500 525 යන WhatsApp ලබා දී ඇත.
එවැනි රථවාහන ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුරාබදු දෙපාර්තමේන්තුවට පාඨලී ප්‍රමුඛ ක්‍රම සහ විධි යෙන් අප්‍රසාදය


පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැර ඇත. මෙහිදී 2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී. එහිදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් , පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන්ද ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටියත් ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

චන්ද්‍රිකා නැවතත් උඩුගත වෙයි

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසා ඇත.
පාසල් සිසුන්ට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා මිලියන 800ක මුදලක්

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවත් ප්‍රකාශ කර ඇත.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජන අභිලාශය නිසා ජනමතවිචාරණයකට නොගිය 19


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක ජනාධිපතිවරයාගේ ධුරකාලය සම්බන්ධව පරස්පර කරුණු ඇතුලත් වී ඇති බව හෙළිවේ. නමුත් අවස්ථා දෙකකදීම ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අභිලාෂයන් වෙනුවෙන් නීතිය නම්‍යශීලී විය යුතු බවත් ජාතික ජන බලවේගයෙහි විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට ඇත. නමුත් මෙහිදී දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී මුලික ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ජනමත විචාරණයකට එය ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නිවේදකයා විසින් ඔහුවෙත ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදී ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලද ජනවරම පිළිබඳ සිතා සමාජයේ එවකට පැවති ජනතා අභිලාෂයන් අනුව එය සිදුකළ බවද කාලය අඩුකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද නීති විශාරදයින්ගේ තර්කය වූ බව ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart