ක්ලබ් වසන්ත ඝාතනය පාටි දාලා සජීවීව නරඹලා


අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය ඩුබායි වල සිට සැලසුම් සහගතව ක්‍රියාත්මක වූවක් බවත් එම ඝාතනය ලොකු පැටී නැමැත්තා විසින් සජීවිව නරඹා ඇති බව වාර්තා වේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලොකු පැටිට ලබා දුන් ප‍්‍රංශයේ සැගව සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා ද මෙම දර්ශන මුල් අවස්ථාවේ සිටම සජීවීව නරඹා ඇතැයි ද පැවසෙයි. එමෙන්ම ඩුබායි රටේ සැඟවී සිටින ලොකු පැටි ඇතුළු කණ්ඩායම මෙම ඝාතනය සජීවීව නරඹා ඇත්තේ මත්පැන් සාදයක් පවත්වමින් බවට ද තොරතුරු හෙළිවී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

T20 නායක වනිඳු ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා පිරිමි T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.
ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම තමාගෙ උරිම උත්සහය ලබා දෙන බවත්,කණ්ඩායමට හා නායකත්වයට උපරිම සහය පලකරන බවත් වනිඳු හසරංග ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ, හසරංග ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් සැලසුම් තුළ වැදගත් ක්‍රීඩකයකු ලෙස අඛණ්ඩව ක්‍රීඩා කරනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දිමුතු සහ බබී අත්අඩංගුවට ඩූබායි සිට අද කටුනායකට


මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රාශියක් සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේන බවට වාර්තා වේ. මොවුන් දෙදෙනා අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙලෙස රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් “බබී” නැමැත්තා සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනාය.
කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නැමැත්තා කොළඹ, නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත අතර කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බව වැඩිදුර වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබ හමුව තහනම් වූ රාජිත

සමඟි ජන බලවේගය විසින් මතුගම සංවිධානය කරන ලද ජන හමුවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පැමිණීම තහනම් කර තිබෙන බව එම පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ‍ප්‍රකාශයට පත් කර තිබේ. ඉදිරියේදී මෙරට ජනාධිපතිවරයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සඳහා මෙම රැළිය පවත්වන බවද ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විපක්ෂයේ මන්ත්‍රීගේ රති කෙළිය මාට්ටු

විපක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාතේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ කාර්යාලයේදී එහි සේවිකාවක සමඟ අසභ්‍ය ලෙස හැසිරෙනු සේවකයෙකු දැක ඇති බව වාර්තාවේ. එහිදී එම කාන්තාව ඇඳුම් සකසමින් සිටි අවස්ථාවේ විපක්ෂයේ ප්‍රබලයකුගේ බිරිඳක් එය දැක ඇති බවත් මෙම සිදුවීම බිරිඳ විසින් විපක්ෂය ප්‍රබලයාටද දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අවසන් කිව්වත් අවසන් නැති විශ්වවිද්‍යාල අනධ්‍යයන වැඩ වර්ජනය


මාස දෙකකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (11) පවසා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙම තීරණය ගත් බව ඔහු පවසා ඇත .
කෙසේ වෙතත් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් කරමින් දැනුම් දී ඇත.
එමෙන්ම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා වර්ජනයේ නිරතව සිටින බවත් ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට අනුමැතිය

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එක දුන්නයි මරණ තුනයි


බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා එංගලන්තයේ දී උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කරමින් නිවසේදී ම ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පිලිපීනයේ භූමිකම්පාවක්


පිලිපීනයේ මින්දනාඕ දූපතට ආසන්නව කිලෝ මීටර් 630 ක් ගැඹුරු වූ මුහුදේ රික්ටර් මාපාංක 6.7 අගයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මෙමඟින් කිසිදු හානියක් සිදුව නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල්ගේ බලාපොරොත්තුවත් රනිල්


රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුුතු බව එහි පක්ෂ සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා ඊයේ දින (09) එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව තුම්බෝවිල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාව තමා වෙත ලබාදීම ගැන තමන් අවංකවම සතුටු වෙන බවත් තමාගේ පළමු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම බවත් රනිල් විල්ලද්දරගේ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart