රාජපක්ෂ හා එල්ලාවල සජබෙට

වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවල ඉදිරියේදී සමගි ජන බලවේගයට එක් වීමට සුදානමින් සිටින බව වාර්තාවේ.
මේ අතර එම පක්ෂය සමඟ සන්ධානගත වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස් ජනතා සභාව සූදානමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර ඩලස් අලහප්පෙරුම , මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගය එක්ක කටයුතු කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පවසා තිබේ. බලපෑම් සිදුකර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් වර්ජනය පැවතිය නමුත් දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකාගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි


බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා එම ඇප ඉල්ලීම පහළොස්වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.
තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලද අතර එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරමින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවධානමක් .

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා ඇත.
එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට


ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව මුං ඇට 1kg මිල රු.988.00 ක්ද , ආනයනික අර්තාපල් 1kg මිල රු.205.00 ක්ද , දුඹුරු සීනි 1kg මිල රු.375.00 සහ සුදු සීනි1kg මිල රු.263.00 ක් ලෙසද මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අද (10) සිට මෙම මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඔක්කොම එකට තබා පරද්දන්න අපිට පුලුවන්


පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බවත් එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන්නට පුලුවන් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වන්නේ ණය ගැනීම සහ විකිණීමයි එබැවින් ඊට ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බවත් ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මිස මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බව ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සාවුරුද්දක් ඉක්මවා වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යොදයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් පවතින අනුකූලතාවයන් නිරාකරණය කිරීමට එතුළින් බලාපොරොත්තු වී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට යෝජනාව ඉදිරිපත් කර තිබුණු අතර ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවල ඇති ‘සාවුරුද්දක් ඉක්මවා’ යන වචන වෙනුවට ‘පස් අවුරුද්දක් ඉක්මවා’ යන වචන ආදේශ කිරීම මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පා. මන්ත්‍රී අලි සබ්‍රි මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු


රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධි ලෙස ඇතුළුවීම සහ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
කල්පිටිය කුරුඥම්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර නඩුව කැඳවූ මාර්තු 4 සහ අප්‍රේල් 1 යන දින දෙකේදී සහ ජූලි 8 වැනිදා වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිට නැති බවද සඳහන් වේ.
රාජ්‍ය නොවන සංවිධානයට අයත් යතුර ඔවුන්ට වහාම භාරදීමට ක්‍රියා කරන ලෙසට ද නියෝග කර තිබේ.
22 වැනිදා නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සමඟි ජන සන්ධානයට එක්වන ඩලස්


ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර ඇති බව අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසා ඇත .
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවත් රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවත් ප්‍රකාශ කර ඇත.
ඔවුන් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන බව හා ඒ සඳහා එකතු වන සියළු සන්ධාන සමග එකමුතුව එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තබා ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ 16ක්


වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජය නැමැත්තා විසින් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ තම සහෝදරයාද මෙම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවයි. ඒ අනුව
සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව ඔහුද ඝාතන සැලසුමට සම්බන්ධ බව තහවුරු වී ඇත. තමන් ටැටූ ශිල්පය හදාරා තිබුණද ටැටූ ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නොමැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී මෙම ආයතනය අරඹන්නට සහාය ලබාදී තිබේ. ඊට හේතුව වී ඇත්තේ එය විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගෙන්වා ගැනීමයි. මෙම අපරාධයට සම්බන්ධ වැඩි පුද්ගලයන් පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart