කේ.සුජීවාට දීර්ඝ සැත්කමක්


අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ සුජීවා පැය කිහිපයක ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. ඇය හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. මෙම ශල්‍ය කර්මය සිදු කොට ඇත්තේ ඇයගේ කලවා ප්‍රදේශයටයි. කෙසේ වුවද දීර්ඝ ශල්‍ය කර්මයෙන් පසු ඇයගේ පාදය කපා දැමීමකින් තොරව බේරා ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ. මේ අතර ශල්‍ය කර්මයෙන් පසුව ඇය සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇති බවත් එනමුත් ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට ටික කලක් ගතවනු ඇති බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආධාර ලබා ගැනීමට සමුළුවක්


පුත්තලමේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායක සහ සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට තුළ ආධාර සමුළුවක් පවත්වන බව පවසා ඇත.ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් සඳහා එමගින් ආධාර ලබාගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේග රජයක් තුළ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය කරමින් තම නායකත්වය ලබාදෙන බවත් ඔහු එහිදී අදහස් දක්වමින් තව දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ළමා රෝහලකට මිසයිල ප්‍රහාරයක්


රුසියන් හමුදාව විසින් යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක් ප්‍රහාරයක් හේතුවෙන් ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ල විනාශ වී එහිදී දෙදනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලකෙන අතර ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව වාර්තා වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අද පාර්ලිමේන්තුවේදී නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විදුලි බිල අඩුවක් ලඟදීම


වත්මන් විදුලි ගාස්තුවට සාපේක්ෂව විදුලි බිල සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත. මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස 18වනදා සිට ක්‍රියාත්මක වන බව එතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු සැණින්ම නව ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වන බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වසන්තගේ මරණය කේපීඅයි ගේ ගේමක්?

ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කංජි පානි ඉම්රාන්ගේ සැලැස්මකට අනුව ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සැක පළ කර ඇති බව සඳහන් වේ.
පොලිස් විමර්ශනවලට අනුව වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 අය ගිනි අවියේ උණ්ඩයක් වැටී ඇති අතර එහි කේ.පී.අයි යනුවෙන් සටහන් කර තිබුණු බව විමර්ශනවලින් වැඩි දුරටත් වාර්තා වී ඇති අතර එමගින් ඉස්මතු වන්නේ කන්ජි පාණි ඉම්රන් විය හැකි බවටයි පොලිසිය සැක පළ කර ඇත්තෙ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වැටුප් වැඩි කළොත් , වැට් එක තවත් වැඩිවෙයි.


වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කළහොත්, මේ වන විට පනවා තිබෙන 18%ක්වන වැට් බද්ද 20% – 21%ත් අතර අගයක් දක්වා වැඩි කිරීමට සිදුවන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා ඇත.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී මේ බව පවසා ඇති අතර මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත. .
පවතින අයවැය ප්‍රතිපාදන මත 2024 වසරේදී වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් භාණ්ඩාගාර ලේකම් මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිතුවක්කාර වනිඳුට දඩයක්


වෙනත් ලාංඡනයක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීමට පිටියට පැමිණි වනිදු හසරංගට LPL තරගාවලියේ ඇඳුම් වලට අදාළ නීතිය කඩකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් 3000ක දඩයක් ගෙවීමට ළ්ඵ්ළ් තරඟ කමිටුව තීරණය කර ඇති බව වාර්තාවේ..ඒ අනුව අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත් එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුව වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වෙඩික්කරු පැමිණි මෝටර් රථය සොයා ගැනේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ වෙඩි තැබීමේ සිද්ධියට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. මෙම වෙඩිතැබීම අද (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ඝාතනයට සැක කෙරෙන වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බවට පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart