රාජ්‍ය සේවය දිගින් දිගටම අසනීප වේ.

වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී රාජ්‍ය සේවය නියෝජනය කරමින් අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. මෙලෙස අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතව නිවාඩු ලබා ඇත්තේ තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් ය. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පැවසුවේය. එමෙන්ම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කොට ඇත. ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය. නමුත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර ඇති බවද සඳහන්ය. කෙසේ වුවද අද දිනයේදී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙන බවද අනාවරණය වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත මරුට, කේ සුජීවා රෝහලේ


අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේන බවට තොරුතුරු වාර්තා වේ.
මෙම වෙඩිතැබිමෙන් තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත, තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැහැදිලි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
අද (08) ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදු කළ අතර අදාළ පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය විසින් සඳහන් කර ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් වෙමින් පවතින ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිගේ සහ නාමල්ගේ තීරණාත්මක සාකච්ඡාව

පොදු ජනපෙරමුණ මේ වන විට සඳහන් කර ඇත්තේ තම සහාය ලබා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟවන හා රට ගොඩනැඟිය හැකි අපේක්ෂකයෙකු වෙත බවයි..
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදු ජන පෙරමුණේ සහාය ලැබුණු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අතර පැවැත්වෙන සාකච්ඡාව අවසන් වීමට නියමිත බව ද වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර පසුගිය සතියේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවත් මේ පිළිබඳ අවසන් තීන්දුව ජනාධිපතිවරණයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පක්ෂ බෙදීමෙන් වෙන්නෙ මැතිවරණ පරාජයක් – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා ඇත්තේ අතීතයේ පක්ෂ බෙදා මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේ එසේ කිරීමට නොහැකි බවයි. ඒ අනූව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් එම ක්‍රමය යල් පැන ගිය උපක්‍රමයක් බවත් 2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් පක්ෂයට උරුම වූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පවසා ඇත. පක්ෂයක් විදියට එක්ට එක්ව කටයුතු කිරීම මේ අවස්ථාවේ වැදගත් බව සහ පක්ෂ බෙදීම නිසා සිදුවන්නේ මැතිවරණ පරාජයක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආරක්ෂක නිලධාරීන්ට පාසලට එන්න ළමයින් ගෙදරට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා සහභාගී වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙන බව කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබීමට නියමිතව පවතී. පෙරහැර මංගල්‍ය අවසන් වනතුරු පාසල් වසා තිබෙන අතර පාසල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දියන් විදුලිය ලංකාවට ගේන්න හවුල් ව්‍යාපාරයකින් ප්‍රතිපාදන

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට අනුරාධපුරය දක්වා මුහුද යට සම්ප්‍රේෂණ මාර්ගයක් මගින් සෘජු විදුලි රැහැනක් හරහා සම්බන්ධ කිරීමට යෝජනා කර ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ කිලෝමීටර් 130ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හිදී මුහුදු යට සම්ප්‍රේෂණ මාර්ගයක් (සබ්මැරීන් කේබලයක් හරහා) මගින් මෙම ජාල සම්බන්ධ කරන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් ලබා ගැනීමට හැකිවන අතර යෝජිත හවුල් ව්‍යාපාරය මගින් ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කෙරන බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාවට ණය සහනයක්

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එලෙස ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසයි. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නෙදර්ලන්තයේ සිට යුක්තියේ මෙහෙයුමට පැමිණි අමුත්තන්


නෙදර්ලන්තයේ සිට පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන ආ බව වාර්තා වේ.
ලංකාව පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම මගින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීමත් ඔවුන් යොදාගැනීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතන පරිශ්‍රයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මෙම සුනඛයින් භාර ගෙන ඇත.
ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු , බෙල්ජියම් මැලි නොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු මෙම සුනඛයන් අතර සිටන අතර එම සුනඛයන් මෙරටට රැගෙන එනු ලැබුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුලසේකර මහතා සහ නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතා විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.
ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනයෙහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාමට එම සුනඛයන්ගේ පුහුණු කරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසුව මෙම සුනඛයින් මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ මර්ධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබ ගම්පහ සංවිධායක ධූරය හිටපු ජනපතිගෙ මුණුබුරුට

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන සමගි ජනබලවේගය සමඟ එක් වී තිබෙන අතර ඔහු මෙලෙස එකතු වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධායක ධුරය සඳහා පත් කර තිබෙන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart