ශ්‍රීලනිප මූලස්ථානයට පොලිස් රැකවල්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. අද (05) උදෑසන කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එන ලෙස එම පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබූ අතර එහිදී කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමානය කර මෙම තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අපි පලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

එරාවුර් ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ශ නායක ප්‍රේමදාස මහතා මේ වසර අවසානය වන විට දෙබිඩි කතා නැතුව ශ්‍රී ලංකා ජනතාව පලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනා බව පවසා ඇත.ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගෙන් පලස්තීන ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්‍රහාරයන් වහා නතර කරන ලෙස තමන් ඉල්ලීම කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බ්‍රිතාන්‍ය අගමැති ලෙස Keir Starmer පත්වේ.


ඊයේ (04) බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිතව ඇත. මේ අනුව කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊයේ (04) දිනෙන් මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ගැසට් නිවේදනය ඔස්සේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පක්ෂ මහලේකම් ධූරය නැවතත් දයාසිරි ජයසේකර මහතාට

අද (05) උදෑසන සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.
තවමත් පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ තමන් බවත් යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාටම එකතුවන ලෙස ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසූ අතර ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වතු කම්කරු වැටුප් පිළිබඳ අතුරු නියෝගයක්

කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව , සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව ක්‍රියාත්මක වූ වර්ජනය වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වායු දූෂණය හේතුවෙන් වසරකට මරණ 33000ක්

ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ සිදුවීම වාර්තා වේ. ඒ හේතුවෙන් වසරකට ඉන්දියාව තුළ මරණ 33000ක් පමණ සිදුවන බවට “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන් ඉක්මවා ගොස් ඇති බව ද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන අතර අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම මරණ වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රේගු නිලධාරීනුත් අසනීප වෙයි

දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය අද (04) හා හෙට (05) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද එතුමා තරයේ විශ්වාස කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. තවද ඊයේ දින (03) ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව මහතා විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එ මෙන්ම එම පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමග මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ලබානොගත් බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart