ඖෂධ මිලටත් ගැසට්ටුවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. විනිවිද භාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති අතර යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ. තවද වෙළඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධ වල උපරිම සිල්ලර මිළ ගණන් නිර්ණාය කිරීමට නියමිතව තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නායකයෙකු බිහිවන්නේ ජනතාව අතරින් -මහින්ද රාජපක්ෂ


ඊයේ රාත්‍රියේ චීනයේ බීජිං නුවර පැවති සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වෙනි සංවත්සරයට සහභාගී වීමෙන් අනතුරුව නායකයෙකු බිහිවන්නේ ජනතාව අතරින් බව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරගෙන නොමැති බව පවසා ඇත.මේ වන විට චීනය ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ස්ථාවරයක පසු වන බව සහ චීන ජනාධිපති ෂී ජින්පිං සහ එරට විදේශ මාධ්‍ය වෑන් ඊ සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති සටනට මිහින්තලේ නාහිමිත්


රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසුහ. තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළහ.
ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බැවින් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් වන අතර පක්ෂය ගන්නා යෝජනාවකට එකඟ බවද උන්වහන්සේ පැවසූහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළියගේ පෙත්සම ගැන තීරණ අගෝස්තු 01


නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය සහ ඔහු ඇප මත මුදා හරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යාපනයට ඉන්දීය අරමුදල්

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ,
යාපනය දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිණිස ඉන්දීය රජය විසින් පිරිනමන ලද අරමුදල් උපයෝගී කර ගෙන වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 – 10 – 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි, එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කෙරිණි.
ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉතිරිව පවත්නා අරමුදල් වලින් වැසි ජලය එක් රැස් කිරීමේ ටැංකි 934ක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ආ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සදහන් වේ,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අධිකරණ නියෝගයක් ගත් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දක්ෂිණාංශික පක්ෂය ජයගනී


යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ පරාජය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ මැතිවරණයක් පසුගිය දිනක පැවැත් වූ අතර එහි පළමු වටයෙන් එමානුවෙල්ගේ ප්‍රතිවාදියා වන දක්ෂිණාංශික පක්ෂය ජයග්‍රහණය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත. ඊයේ නිකුත් කළ ප්‍රති­ඵ­ල­ව­ලට අනුව විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු දක්ෂි­ණාං­ශික පක්ෂය 34% ක වැඩි ප්‍රති­ශ­ත­යක් ලබා ඇති අතර රෙනයිසන්ස් පක්ෂයට පළමු වටයේදී ලැබී ඇත්තේ 20.5% ක ඡන්ද ප්‍රතිශතයක් ද වාමාංශික පක්ෂ 29%ක ඡන්ද ප්‍රතිඵලයක් ද ලබා මැක්‍රෝන් අබිබවා ගිය බව තව දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහනුවර අධිකරණයට අභිරහස් බෝම්බයක්


මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇත. මේ හේතුවෙන් එහි නඩු විභාග කිරීම නවතා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට එහි බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට අනාවරණය වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රටේ ණය තත්වය ජනපති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදු‍රටත් ප්‍රකාශ කර ඇත,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ෂැංග්හයි සහයෝගීතා සමුළුව 06 වෙනිදා දක්වා


24 වැනි වරටත් පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර කසකස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන මස 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙහි ප්‍රධාන සාමාජිකයා චීනය වන අතර මේ සඳහා සහභාගී වීමේ අරමුණින් ද, චීන ජනාධිපති ෂී ජින්පින් කසකස්තානයේ නිල සංචාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. චීනය, කසක්ස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart