රෝහිතට ගිය පොහොට්ටුවේ බලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර බවට වාර්තා වේ, පොදුජන පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේදී කැඳවූ අතර එම අවස්තාවේදී මේම පත් කිරිම සිදු කර බවට වැඩිදුර වාර්තා වේ,
එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අනුරට බය වූ සජිත්

සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර සිදු කිරීමට බලාපොරොත්තු වූ විවාදය සඳහා සහභාගී නොවන බව සමඟි ජන බලවේගය සඳහන් කර ඇති බව වාර්තාවේ.

මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළ බව එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා ඇත.

නමුත් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවය විසින් කිසිම එකඟතාවකින් තොරව විවාදය සඳහා සහභාගිවීමට තීරණය කර ඇති බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනි ආයතනය වෙත මන්ත්‍රීවරයා විසින් ලිපියක්ද යොමුකර ඇති බව වාර්තාවේ.

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

විදුලි බිලෙහි දැනෙන වෙනසක්

විදුලි බිල අඩුකිරීමෙ යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිසා ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.එහිදී ගෘහස්ත කාණ්ඩ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට එම අමාත්‍යංශය තීරනය කර ඇත.
ඒකක 0 – 30 අතර ඒකකයක් සඳහා රුපියල් 08 සිට 06 දක්වා ද,
ඒකක 30 – 60 අතර ඒකකයක් රුපියල් 20 සිට 09 දක්වා ද,
ඒකක 60 – 90 දක්වා ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වා ද, අඩු කිරීමට තීරනය කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
තවද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒකක 90- 180 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතිබවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අතුරුදන් වූ සජිත්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දින(06) පැවැත්වීමට නියමිත විවාදයට මේ වන විට සූදානම් බව දැනුම් දෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්වාධීන රූපවාහිනියට ලිපියක් යොමු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව මෙම විවාදය සඳහා ප්‍රතිපාර්ශ්වය වන සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වනවා ද යන්න වැඩිදුරටත් මෙම ලිපිය මගින් විමසා ඇති බව සඳහන්ය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් හෝ ලිපියකින් හෝ මේ වන විට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇතැයි ස්වාධීන රූපවාහිනිය පවසයි.

සමඟි ජන බලවේගය සඳහන් කරන්නේ තම පක්ෂය විවාද දෙකටම සූදානම් නමුත් ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහැරීමට උත්සාහයක් දරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනපතිගේ ගැසට්ටුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි හා ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.ඊට අමතරව රෝහල් සහ ඔසුහල් ද අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ආරංචි මාර්ග මෙහිදී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනාධිපතිවරණයට අපි සූදානම්

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර තම දේශපාලන කාර්යාලය කොළඹදී සුභ මොහොතින් විවෘත කළ බව ආරංචි මාර්ග පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ, අනුව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකොට ඇති බව වාර්තා වේ.
ඒ වගේම සංශෝධිත මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත.

ඒ අනුව රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

ඒ වගේම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,582 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

විපතට පත් ජනතාවට සහන සැලසීමට ‍ජනපති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය


පවතින අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව රජයේ වියදමින් යළි ඉදිකර දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර චකුලේඛ මත පදනම් නොවී විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම හා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල් ප්‍රමාණය වැඩිකිරීම ද මෙම යෝජනාවට ඇතුළත්ව ඇත.
ඒ අනුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය අවළංගු කර ඒ සදහා වෙන් කර තිබූ මුදල් විපතට පත් ජනතාවට සහන සැලසීමට යොදා ගන්නා ලෙස ජනපති උපදෙස් දී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වැඩ බලන කෑලි අයින් කරලා නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙන යනවා. – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පක්ෂ කාර්යාලයේ අයිතිය තම කණ්ඩායමට ලැබී ඇති හෙයින් වැඩ බලන කෑලි සියල්ලම ළගදීම අවසන් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
පක්ෂය ආරක්ෂා කරගැනීමට නීත්‍යානුකූල පියවර ගත් බව හා නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අලියත් සටනට සූදානම්

පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (2) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඇති බව වාර්තා වේ.

එහි දි මැතිවරණ ඉලක්ක කරගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන ඇති බව ද ආරංචි මාර්ග විසින් සඳහන් කර ඇත.

ඒ අනූව ජාතික මැතිවරණ ලේකම් ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් දුරයට පත් කර ඇත.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරොස් ශාබ්දින් මහතා ද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් මහතා උප සභාපති ලෙස ද ක්‍රිෂාන් තියඩෝර් මහතා නියෝජ්‍ය මහ ලේකම් ලෙස ද පත්කර ඇත.

එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , මහ ලේකම් පාලිත රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අඛිල විරාජ් කාරීයවසම් මහත්වරුන් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වාගෙන යෑමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කරන බව ද වාර්තාවේ

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart