අලුතෙන් දුන්න බාර් ලයිසන් සියල්ල අහෝසි කරනවා – සජිත් ප්‍රේමදාස

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ගත්තේයැයි කියන බාර් ල‍යිසන් නැවත රජයට බාර දෙන ලෙස දැනුම් දී තිබුනද මෙතෙක් කිසිවෙකුත් එම බලපත්‍ර රජයට යළි බාර නොමැති බව ආරංචි මාර්ග පවසයි.
බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේ මෑතදී විවෘත කිරීමට මත්පැන් අලෙවිසැල් හයක් සඳහා බලපත්‍ර රජය විසින් ලබා දී ඇති අතර ඉන් එකක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු හරහා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියාගේ නමට ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ එම ප්‍රදේශයේ නායක හිමිවරු සජිත් ප්‍රේමදාස මහතාට පුද්ගලිකව පැමිණිලි කර ඇත. මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති කාලයකදී මෙලෙස අලුතෙන් නිකුත් කරන ලද සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බව හා එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත් වලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර .ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

විග්නේෂ්වරන් රංගෙට එකතු වෙයි.

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වා මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට හානි කිරීමට තමනුත් කැමති නැති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු උතුරු පළාත් මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇති බව සඳහන් ය.

මෙලෙස රටේ පාලනය වෙනස් වුවහොත් ආර්ථිකය ගොඩනැඟීමට මෙතෙක් සිදුකළ වැඩපිළිවෙළ ඉදිරියේදී වෙනස් විය හැකි බව සහ මෙරට ස්ථාවරභාවයට ගැටලු ඇතිවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනූව යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙලෙස අදහස් දක්වා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වනිඳු පළමු තැනට

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිදු හසුරංග සමත් වී ඇති බවට වාර්තාවේ. ඒ වනිදු හසරංග බංගලාදේශ ක්‍රීඩක සකීබ් අල් හසන් සමඟ සම මට්ටමේ සිට ප්‍රසාද ලකුණු මට්ටම 228 දක්වා වැඩි විමෙන් පසුය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අධික උෂ්ණත්වයෙන් බැට කන ඉන්දියාව

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අධික ලෙස අනතුරුදායක තත්වයෙන් ඉහල ගොස් ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරයි.
දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලට වන අතර ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙලෙස අසාමාන්‍ය උණුසුම් කාලගුණයකින් සති කීපයක් තිස්සේ ඉන්දියාව පීඩා විදින බව වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අනුර කුමාර අද අධිකරණයට

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29) උදෑසන නඩු විභාගයකට සාක්ෂි දිම සඳහා කොළඹ දිසා අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

මෛත්‍රීට එරෙහි වාරණය ලබන මස 12 දක්වා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

මැතිවරණය නියමිත කාලයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ අනිවාර්යෙන් පවත්වන බවත් කිසිදු අයුරකින් එය කල් දැමීමට සූදානමක් නැති බවත් ය.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බවයි.

වසර දෙකකින් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට යෝජනාවන් ඉදිරිපත් කිරීම තම තමන්ගේ කැමැත්ත බවත් විවිධ මතයන් ඉදිරිපත් කිරීමට අනෙක් පාර්ශවයන්ට හැකි බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පවසා ඇත.

ඔහු මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

දේශපාලන පිංකම සිදුකරන සර්වජනබලය

දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුර ලෙස “සර්වජන බලය” නව දේශපාලන සන්ධානය පිහිටා ඇතිබව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඉහත කී දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පරදවන දේශපාලන පිංකම සිදු කිරීමට “සර්වජන බලය” සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය,

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා 27 දින කොළඹදී මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජ.වි.පෙ න් ඇයි මෙච්චර ආර්ථික විවාදය මඟහරින්නෙ


විවාදය සඳහා සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

මෙහිදී නලීන් බණ්ඩාර ඇමතිවරයා දැනුම් දී තිබෙන්නේ ආර්ථික කමිටු විවාදයට ඇරයුම් කර තිබිය දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයට කළ යෝජනාව කිසිදු පැකිලීමකින් තොරව සිය පක්ෂය පිළිගෙන ඇති බවයි. මෙහිදී ආර්ථික විවාදය පළමුව පවත්වා දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීම පිළිබඳව සිය ස්ථාවරය එලෙසම පවතින බවයි. ඒ අනුව
ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරයා මෙහිදී දැනුම් දී ඇත. අදාළ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයේ ද කිසිදු වෙනසක් නොමැති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart