ට්‍රම්ප්ගේ ජූනියර්ට ඉල්ලා අස්වෙන්නයි බලපෑම්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් ඉල්ලා අස්විය යුතු බවට් මහජන ඉල්ලීම වැඩි වන බව වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ප්‍රකාශ කර තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී බර්නි සැන්ඩර්ස් මේ බව ප්‍රකාශ කර තිබු අතර එක්සත් ජනපද සෞඛ්‍ය ආයතනවල මෑත කාලීන අවුල් සහගත තත්ත්වයෙන් හේතුවෙන් ඔහු ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යය අනතුරේ හෙළන බවයි.

සාකච්ජ්ජාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් බර්නි සැන්ඩර්ස් අනතුරු අඟවා තිබුණේ, වෛද්‍ය ප්‍රජාවේ අතිමහත් විරෝධය නොතකා, ලේකම් කෙනඩිගේ මීළඟ ඉලක්කය ළමා ප්‍රතිශක්තිකරණ විය හැකි බවත්, එයට සරම්ප, පැපොල සහ පෝලියෝ ඇතුළු රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත එන්නත් භාවිතයෙන් ඉවත් කළහොත් මේවන විට ආරක්ෂිත සහ ඵලදායී එන්නත් නිසා මුළුමනින් අතුගා දැමූ රෝග නැවත මතු වීමට ඉඩ ඇති වීමයි.

දිගුකාලීන එන්නත් විරෝධී උපදේශකයෙකු වන කෙනඩි, සෞඛ්‍ය ආයතන සේවකයින් සේවයෙන් පහ කරමින් සිටින අතර පසුගිය සතියේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ සුසන් මොනාරෙස් සේවයෙන් පහ කිරීමත් සමඟ සේවකයන් 750 දෙනෙකුගේ අත්සනින් කෙනඩි මහජන සෞඛ්‍යයට පැවැත්මේ තර්ජනයක් බවට ලිපියක් ජනාධිපති ට්‍රම්ප් වෙතද යොමුකර තිබේ.

පද්මෙගේ කල්ලිය මෙරටට ගෙනා නිලධාරීන්ට උපහාර

 

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කුප්‍රකට අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා දායක වූ නිලධාරීන් වෙත උපහාර පිරිනැමීමේ උත්සවයක් පැවැත්විණි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු, මෙම මෙහෙයුමට සහභාගී වූ ඉන්දුනීසියානු නිලධාරීන් ද මෙහිදී ඇගයීමට ලක් විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පතිවරයා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ බව වාර්තා වේ. මෙම නිලධාරීන්ගේ කැපවීම සහ දක්ෂතාව හේතුවෙන් මෙම වැදගත් මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වූ බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස කටුනායකින් රැගෙන යයි

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා දැඩි ආරක්ෂාවක් මැද කටුනායක ගුවන්තොටුපොළින් රැගෙන යයි.

පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හූති අගමැති මරුට

ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හූති කැරලිකරුවන්ගේ අගමැති වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සානාහි සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බව හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2024 අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස කටයුතු මොහු කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුව හිරවෙයි! රනිල් උසාවියට කිව්වේ ඇත්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කල ලිපිය සත්‍ය බවට විශ්වවිද්‍යාලය විසින් සනාත කරමින් ලිපියක් එවා ඇත. මේ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල ධනුෂ්ක රාමනායක සිය මුහුණු පොතේ සටහනක් තබමින් සනාථ කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වන සරෝජා සිරිසේන යන අයට නිල වශයෙන් ආරාධනාපත්‍ර යැවූ බවට එංගලන්තයේ විශ්වවිද්‍යාලය විසින් එවූ ලිපියේ සඳහන් කර ඇත.

නිල වශයෙන් රාජ්‍ය නායකයාට සහ මහකොමසාරිස්වරියට එවන ලද ආරාධනයකට අනුව සහභාගී වීම පෞද්ගලික කාරනයක් නොවන බව එයින් සනාථ වන බව රනිල් වික්‍රමසිංහගේ නීතීඥයින් අවධාරණය කරයි

හිටපු ජනාධිපතිවරයා සාවාද්‍ය ලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී මානව හිමිකම් නඩුවක් අධිකරණයට ගොනු කිරීමට නියමිත බව ද අප කල විමසීමකදී ඔවුන් අනාවරණය කළහ.

 

May be an image of ‎ticket stub and ‎text that says '‎UNIVERSITY OF WOLVERHAMPTON 26 August 6August2025 2025 LETTER VIA EMAIL TO: hereby certify that the attached letters were sent from the University of Wolverhampton. beth Christine ChristineFraser Fraser UniversitySecretary University Secretary SAVEASITIE OATHAMETO University Walveshamptom, Offices the Chancellos Ciry Campus Walfruna, Walvesharpton WVI ،ل.ء United Kingdoe T:+44 08902 321000 W: :า.ฟ.. THE UNIVERSITY OF OPPORTUNITY‎'‎‎

 

May be an image of text

 

May be an image of text

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් අද රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළට

මෙරට සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රසිද්ධ නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනා රැගත් ගුවන් යානය අද (30) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේය.

මෙම අපරාධකරුවන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගුවන්ගත වන අතර, ඔවුන්ව මෙරටට භාර දීමට ඉන්දුනීසියානු රජයේ සම්පූර්ණ සහය හිමිව ඇත.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ,කමාන්ඩෝ සලින්ද හෙවත් පිට්ටුවා,පානදුරේ නිලංග,බැකෝ සමන්,තැඹිලි ලහිරු යන පාතාල කල්ලි සාමාජිකයන් රැගෙන එන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ASPවරයකුගේ අධීක්ෂණය යටතේ, ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් සමගයි.

ඉන්දුනීසියාවේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් වීම නිසා, මුලින් සැලසුම් කළ දවසට පෙරම ඔවුන්ව අද දිනයේ මෙරටට ගෙන එන බව ද වාර්තා වෙයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිට ගුවන් තොටුපල පරිශ්‍රයේත් ඉන් පිටතත් රැඳී සිටිමින් ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වෙයි.

 

 

ත්‍රිකුණාමල සත්ත්ව ගොවිපළේ නව ආරම්භයකට පියවර

කෘෂිකර්මය සහ සංචාරක යන අංශ දෙකම ප්‍රවර්ධනය වන පරිදි කෘෂි සංචාරක ව්‍යාපාර නිර්මාණය කිරීමට රජය අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ත්‍රිකුණාමලයේ සත්ව නිෂ්පාදන ගොවිපොළක් නැරඹීමට එක්වූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් විය.

ත්‍රිකුණාමල ගොවිපොළ නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන අතරම, කෘෂි සංචාරක ව්‍යාපාරය හරහා ප්‍රජා ජීවනෝපායන් නිර්මාණය කිරීමට කටයුතු සූදානම් කෙරේ.

මෙම ගොවිපොළ ත්‍රිකුණාමලයේ ජන ජීවිතය හා සමීප කරවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙහිදී ප්‍රකාශ කළේය.

අමෙරිකානු උසාවියෙන් ට්‍රම්ප් බද්දට තහංචි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවල් රැසකට බලපාන පරිදි නිකුත් කර ඇති බදු රැසක් නීතිවිරෝධී බව එරට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
මෙම බදු පැනවීමට එරට හදිසි ආර්ථික බලතල පනතක් යටතේ අවසර ඇකි බවට ට්‍රම්ප් පාර්ශවය ගෙන ආ තර්කය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඨෘත් Sඔcඉඅල් සමාජ ජාලය ඔස්සේ මෙම අධිකරණය තීන්දුව විවේචනය කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තීන්දුව ඉදිරියට ගෙන යාමට ඉඩකඩ ලැබුනහොත් එය ඇමෙරිකානු එක්සත් ජනපදයට දැඩි විනාශයක් අත් කර දෙන බවයි.

මෙම නඩු තීන්දුව ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ අතර කාලයේදී මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කරා යාමට ඇමෙරිකානු රජයට කාලය හිමිවේ.

අනුලා සෑයට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ – බෙල්ලන්විල විමලරතන නාහිමි

මිහින්තලේ දිග්ගල පිහිටි අනුලා සෑය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කටයුතු විහාරාධිපතිවරයෙකුට හෝ පුද්ගලයකුට පැවරීම නුසුදුසු ක්‍රියාවක් බව බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේදී 2025.08.28 පැවති මාධ්‍ය හමුවකදී නාහිමියෝ සඳහන් කළේ, ”අනුලා සෑය ලෝක බෞද්ධයාම එකතු කරන මධ්‍යස්ථානයක් බවට ගොඩනගිය යුතු බවත්, එය පුද්ගල අයිතියට පැවරීමෙන් එම අරමුණ විනාශ වන බවත් ය. අනුලා සෑය ප්‍රතිසංස්කරණය කරල ලෝක බෞද්ධයාම එකතු කරන මධ්‍යස්ථානයක් කළ යුතුයි. ඒක පුද්ගලයකුට පැවරීමෙන් එම අරමුණ ඉටුවන්නේ නෑ. ලෝකයේ භික්ෂුණී සමාජයේ බලගතුම මධ්‍යස්ථානය මෙතන කරන්න පුලුවන්. ඒකට පළමුව මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැන් ඒක විහාරාධිපති කෙනෙක් පත් කරල අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරල තියෙනවා” යැයි බෙල්ලන්විල නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට සහභාගී වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මහා ලේඛකාධිකාරී මාඉටිපේ විමලසාර නාහිමියෝද තම මතය දැක්වීය. ඔහුගේ අදහස වූයේ, අනුලා සෑය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නීත්‍යානුකූලව, නාගානන්ද විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් ගොඩනගිය යුතු බවයි. “මෙය කඩාකප්පල් නොකිරීමටත්, අභූත චෝදනා මත මැදිහත් නොවීමටත් අවධානය යොමු කළ යුතුය” යැයිද ඔහු අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ද පැවසුවේ, අනුලා සෑය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් වන අතර එය කිසිවිටත් පුද්ගලයකුට පවරිය හෝ විකිණිය නොහැකි බවයි. 2022දී සොයාගත් අනුලා සෑයේ පුරාවස්තු මේ වනවිට අනුරාධපුරයේ පුරාවස්තු ගබඩාවල තබා ඇති බවත්, ඒවා රජයට අයත් වස්තුවල බවත් ඔහු පැවසීය.

“කණිෂ්ඨතිස්ස රජු විසින් මේ විහාරය සෑදුවේ භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූණීන් රැඳවීමේ අරමුණින්. එහෙම තැනක භික්ෂුවක් විහාරාධිපති ලෙස පත් කිරීම ගැටලුකාරී කරුණක්” යැයි මණ්ඩාවල මහාචාර්ය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

ප්‍රබල පාතාලයෝ 18ක් අල්ලන මෙහෙයුමක්

ඩුබායි රාජ්‍යය ඇතුළු යුරෝපීය රටවල සැඟව සිටිමින් මෙරට විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පාතාල ප්‍රබලයන් 18 දෙනෙකු එම රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා විමර්ශන අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම 18 දෙනා සම්බන්ධ තොරතුරු සහ ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳව ද මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට අධීක්ෂණය කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තු‍ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදෙස් රටවල සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් 75 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් ඉන් 4 දෙනෙකු මේ වන විටත් එරට පොලිසි සහ ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ.

ඔවුන්ට එරෙහි එම රටවල නඩු කටයුතු සිදුවන බැවින් සමහරුන් එරට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එම විමර්ශන නිම වීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් කියැවේ.

කෙසේ වෙතත්, මෙම 18 දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව විමර්ශන කිරීම සහ සාකච්ඡා පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනිස් ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම් ආදිය සිදුකොට මෙරටින් පලා ගිය සමහරුන් සිය අඹු-දරුවන්ද එම රටවලට ගෙන්වාගෙන එම රටවල සිට මෙරට විවිධ අපරාධවල නියැළෙති.

කෙසේ වෙතත්, මෙරට පොලිසිය ඉන්දුනීසියානු පොලිසිය සමඟ එක්ව කළ රහසිගත මෙහෙයුමත් සමඟ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් ම මේ වන විට බියට පත්ව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනය සිදු කරයි.

Add to cart