රනිල් අත්තඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තඩංගුවට පත්විය.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තඩංගුවට පත්විය.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයෙකු ලෙස සිටින සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ අලුත්වැඩියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.
අදාළ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කර ඇති අතර, ඒ අනුවයි ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.
බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තම දරුවන්ගේ වෘත්තීය තේරීම් පිළිබඳව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
ඔහු සඳහන් කළේ, වැඩිමහල් පුත් ආර්යන් ඛාන් රංගනයට කිසිදු උනන්දුවක් නොමැති අතර, අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස තම වෘත්තිය ගොඩනගා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි. මේ වන විට ආර්යන් අධ්‍යක්ෂණය කළ “Bad’s Of Bollywood” චිත්‍රපටය නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී.
“මගේ පුතාට රඟපාන්න කැමති නැහැ, ඔහුට චිත්‍රපට නිර්මාණය කරන එකයි කැමති. ඔහු ලියනවා, හොඳින්ම ලියනවා. ඒ නිසා ඔහු අධ්‍යක්ෂකයෙක් හෝ ලේඛකයෙක් වීමට ඉගෙන ගනිමින් ඉන්නවා” යැයි ෂාරුක් ඛාන් පැවසීය.
ඉදිරියටත් තම පුතාගේ සිහින සැබෑ කර ගැනීමට ආධාර කිරීමට සූදානම් බවත්, අවශ්‍ය වුවහොත් ඔහුගේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට තමන් සූදානම් බවත් ෂාරුක් කියා සිටියේය.
මේ අතර, ඔහුගේ දියණිය සුහානා ඛාන් ද මේ වනවිට රංගනයට පිවිස ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආණ්ඩුව විසින් තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගයට ගන්නා මර්දනීය ක්‍රියාමාර්ග අත්හිටවූයේ නැතිනම් සියලු වෘත්තිය සමිති එක්ව තැපැල් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් පෙරට එන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එම සංගමවෙය් ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන්ගේ වැටුප් නතර කරන බවට ආණ්ඩුව ලිපියක් නිකුත් කර ඇති බවත් එය පැහැදිලිවම වෘත්තීය අයිතිවාසිකම් මර්ධනයක් බවත්ය.
මෙයාකාරයෙන් මර්ධනීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ නායකයන්ට ගෙදර යන්නට සිදුවූ ආකාරයද සිහිපත් කරගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් කොළඹදී පැවති ඒකාබද්ධ වෘත්තීය සමයති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදි පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවු වෙඩි හුවමාරුවකදි එක් සැකකරුවෙකු මියගොස් තිබේ.
වෙඩි වැදිමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා රෝහල් ගත කිරිමේදි මියගොස් තිබෙන අතර, මෙම වෙඩි හුමවාරුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙයි.
නව අයෝජන කලාප 7 ක් මේ වසරේදී පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කලාප 03ක් මෙන්ම වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් පිහිටුවන බවයි.
මේ සමග ප්‍රාදේශීය වශයෙන් ආයෝජන ගලා යාම වේගවත් වී ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අනුව, උතුරු පළාතේ කන්කසන්තුරෙයි හි අක්කර 300ක විශාලත්වයෙන් යුත් ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත වන අතර, අක්කර 200ක් විශාල මාන්කුලම් ආයෝජන කලාපයේ කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
අර්ජුන හේරත් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.
තවද, මඩලකපුව එරාවුර් හි පිහිටුවන ආයෝජන කලාප තුළ ඇගලුම් නිෂ්පාදනට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදී නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට නියමිතය.
මේ අතර, හම්බන්තොට ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිතයි.
බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය රක්ෂිතය තුළ බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (21) පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ හා බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස් වයස අවුරුදු 35 සිට 56 අතර පුද්ගලයින් වන අතර, ඔවුන් බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.
දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කර තිබේ.
පොලිසිය සඳහන් කළේ ඊට අදාළ නියෝගය ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ බවයි.
බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.
එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000/=, පළුදු නෝට්ටු රුපියල් 6000/= , රුපියල් 390,000/= ක් වටිනා ඇමෙරිකන් ඩොලර් 1300 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.
බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ පිහිටි මූල්‍ය ආයතනවල මුදල් එක්රැස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනුු ලබන ආයතනයක ඉකුත් 13 වෙනිදින කොළඹ ප්‍රදේශයේ පිහිටි ඒ ටි එම් කුටි 15 ක එක් රැස්ව තිබූ මුදල් රියැදුරු ඇතුළු සිව් දෙනකු විසින් එකතු කරගෙන බම්බලපිටියේ ආයතනය වෙත පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
ඔවුන් විසින් මුදල් මලු 15 ක් රැගෙන ආවද මුදල් එකතු කිරීම සඳහා ගිය නිලධාරීන් ආයතන වෙත භාරදී ඇත්තේ මුදල් මලු 14 ක් බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒ ටී එම් කුටියෙන් ලබා ගත් රුපියල් කෝටියකට අධික මුදල් අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක්, මුදල් එකතු කිරීම සඳහා ගිය කණ්ඩායමේ නිලධාරීන් තිදෙනාගෙන්ද හා රියදුරාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර අනතුරුව සීසීටිවි දර්ශනද පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම සැකකරුගේ මඟ පෙන්වීම මත සැකකරු පදිංචි පයාගල නිවස වෙත ගොස් කාමරයේ අල්මාරියේ සඟවා තිබූ රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරන අතර, 34 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
දකුණු ඇමරිකාවට අද දින රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ,එමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල කඳක් වන ඩ්‍රේක් පැසේජ් හි ද කම්පන වාර්තා වී ඇති බවයි.
මීට පෙර, භූමිකම්පාව 8.0 ක ප්‍රබලතාවකින් වාර්තා වූ නමුත්, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුව එය 7.5 දක්වා පහත හෙලා තිබුණු අතර එමගින් සිදුවූ හානි පිළිබඳ වාර්තා තවමත් ලැබී නොමැත.
විදෙස් නිවේදනයක සඳහන් කර තිබුණේ ගෙවුණු බදාදා සවස බේස් ෆ්‍රෙයි සිට වයඹ දෙසින් කිලෝමීටර් 258 (සැතපුම් 160) ක් දුරින් ඇති වූ රික්ටර් මාපකයේ 8.0 ක භූමිකම්පාවකින් පසු චිලී නාවික හමුදා ජල විද්‍යා හා සාගර විද්‍යා සේවය චිලී ඇන්ටාක්ටික් ප්‍රදේශය සඳහා සුනාමි පූර්වාරක්ෂාවක් නිකුත් කළ බවයි.