අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්

 

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

මීට පෙර වාර්තා වූයේ:

වෛද්‍ය රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2024 වසරේදී රැඳවියෙකු රෝහලේ නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 300,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට ගන්නා විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියා

නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

මෙම පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව ඇති අතර, අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පත්වීම් ලිපිය නව පොලිස්පතිවරයාට භාර දී ඇත.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වේ.

පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන සියලු තනතුරු පසුකරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු නිලධාරියා වීමද ඔහුගේ සුවිශේෂීත්වයකි.

හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට

 

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2024 වර්ෂයේදී බන්ධනාගාරගතව සිටි රැඳවියෙකුට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා දීම සඳහා රුපියල් 1,500,000 ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් 300,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේය. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!

 

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එය පසුගිය සතියේ ඔහුගේ නිවසේ පැවති සාකච්ඡාවේම දිගුවක් බව වාර්තා වේ.

එහි අරමුණ, ආණ්ඩුවට සෘජුවම අභියෝග කරන සන්ධානයක් පිහිටුවීම නොව, විපක්ෂයේ පක්ෂ අතර පොදු එකමුතුවක් ගොඩනැගීම බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ පැවසූහ.

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

 

අද (13) දහවල් මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු විය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ‘පස් දිලීප’ නම් පුද්ගලයා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!

 

මහජනතාවට සහ පොලිස් නිලධාරීන්ට පොලිස්පති කාර්යාලය සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකි නව WhatsApp අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙය, අපරාධ සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් කඩිනමින් දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කර ඇත.

අද (අගෝස්තු 13) සිට ක්‍රියාත්මක වන මෙම නව අංකය 071 – 8598888 වේ.

මෙමඟින් මහජනතාවට කෙටි පණිවිඩ, වීඩියෝ සහ ඡායාරූප යොමු කිරීමට හැකි අතර, දුරකථන ඇමතුම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ටද ඔවුන්ගේ ගැටලු සහ තොරතුරු සම්බන්ධයෙන් මෙම අංකය ඔස්සේ දැනුම් දීමේ අවස්ථාව හිමිවේ.

කන්ටේනර් 323 ගැන සෞඛ්‍ය ලේකම් CIDයට !

පසුගිය වසරක පමණ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරී නිසි විමර්ශනයෙන් තොරව මුදා හැරීමක් සිදුවන්නේද, එසේ ගෙන්වන ලද සමාගම් සහ ඒවා නිසි පරිදි අදාළ ප්‍රසම්පාදන ආයතන මගින් නිසි ලේඛනවලට යටත්ව මුදා හැරීමක් සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද පසුගියදා වරාය පරිශ්‍රය තුළදී සිදු වූ ආන්දෝලනාත්මක කන්ටේනර් තොග මුගදා හැරීමේදී එම කන්ටේනර් තුල රටට හානිදායක ඖෂධ වර්ග පැවතියේදැයි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකොට ඇත.

වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මත පදනම් මෙම විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.

පසුගියදා වරාය පරිශ්‍රයෙන් උදාහරණ ලද ආන්දෝලනාත්මක කන්ටේනර් තුළ රටට හානිදායක සායනික අප ද්‍රව්‍ය ශල්‍ය උපකරණ අන්තරාදායක ඖෂධ හෝ ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලද ඖෂධ හෝ තිබියේ දැයි.

සැකයක් නිර්මාණය වන බැවින් ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට එම වෘත්තිය සමිති සඳහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය ජුනි මාසයේදී ඉල්ලීමක් කරනු ලැබීය.

එම ඉල්ලී මානුව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව අදාළ කරුණු දැක්වීම සිදුකරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

සෙවණගල ඉඩමක් ගැන ඉත්තෑකන්දෙට ප්‍රශ්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ, සෙවණගල සීනි කර්මාන්තශාලාවට අයත් ඉඩමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළවය.

ප්‍රකාශය ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට වැඩම කළ උන්වහන්සේගෙන්, මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී, මිතුරෙකු හමුවීමට පැමිණි බවත්, එය වැදගත් කරුණක් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බලශක්ති ඇමති අධිකරණයට අපහාස කරයි

බලශක්ති ඇමති කුමාර ජයකොඩි 2015 වර්ෂයේදී ලංකා පොහොර සංස්ථාවේ කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ හුනුපිටිය ගබඩා සංකීර්ණයේ පාරක් කාපට් කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා පහකින් දෙකකට වරදකරුවී සේවයෙන් ඉවත් වූ බව බලශක්ති ඇමති කුමාර ජයකොඩි දෙරණ 360 වැඩසටහනේදී පිළිගෙන ඇත.

මෙහිදී ඔහු විසින් එම පාර කාපට් කිරීමට සිය අත්සන යෙදූ බවටද පිලිගෙන ඇත.ඔහු එහිදී සඳහන් කරනු ලැබුවේ තමා එම ලිපිගොනුවට කොක්කක් (අත්සනක්) යෙදූ බවයි.

තවද බලශක්ති ඇමති කුමාර ජයකොඩි මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු උසාවියට ගිය බවත් කලින් විනිසුරුවරයා මාරු උන බවත් අලුතින් පැමිණි විනිසුරුවරයා තමාගේ නඩුව සම්බන්ධයයෙන් කිසිවක් නොදන්නා හෙයින් තමන්ට එරෙහිව තීන්දුවක් ලබා දුන් බවත් ප්‍රකාශ කොට ඇත. මෙය කෙලින්ම විනිසුරුවන් විවේචනය කිරීමක් වන අතර අධිකරණයට අපහාස කිරීමකි.

මීට ප්‍රථම අධිකරණයට අපහාස කල එස්.බී දිසානායක,රන්ජන් රාමනායක,ගලගොඩ අත්තේ ඥානසාර හිමි හා මේජර් අජිත් ප්‍රසන්නට හිමිවූ දඩුවම බලශක්ති ඇමති කුමාර ජයකොඩිටත් ලැබේදැයි ජනතාව ප්‍රශ්න කර සිටියි.


(විශේෂ ලියුම්කරුවෙකු විසිනි )

විගමණික ප්‍රේෂණ හී 19.5% ක වර්ධනයක්

2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ මුළු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 4.43 ක් මෙරටට ලැබී තිබේ.

2025 වසරේ මුල් මාස 7ක කාලය තුළදී 173,189 දෙනකු රැකියා සඳහා විදේශ ගතවි ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයින් 106,229 හා කාන්තා ශ්‍රමිකයින් 66,960 දෙනෙකු අයත් වේ.

Add to cart