කට කැඩිච්ච කතාකියූ මන්ත්‍රීට විරෝධය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුදත් බලගල්ල මහතා පසුගිය දිනක ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන නිලධාරීන් පිළිබදව දක්වනු ලැබූ අදහස් දැඩි පිලිකුළෙන් යුක්තව හෙලා දකින බව සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියයි.

සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කිරීමේදි පෙර ගමන් කරුවන් වශයෙන් කටයුතු කළ රජයේ නිලධාරීන් පිළිබදව මෙලෙස ද්වෙශ සහහතව කරනු ලබන මෙම පදනම් විරහිත ප්‍රකාශ තුලින් රටේ ජනතාව අතර රජයේ නිලධාරීන් පිළිබදව දැඩි ක්‍රෝධයක් ඇතිවිය හැකි බවයි. ඔහු මේ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කරයි.

යම් රජයේ නිලධාරියෙක් හොරකමක්..දුෂණයක්..වංචාවක් කර ඇත්නම් රටේ පවතින නිතිය අනුව ඔවුනට නිසි ක්‍රියාමර්ග ගැනිමට හැකියාවක් තියෙන බව නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාට මතක් කර දීමට කැමැත්තෙමි.මීට පෙරත් ජාතික ජන බලවේගය රජයේ වගකිවයුතු පුද්ගලයන් විසින් මෙවැනි ප්‍රකාශ කිරිම දෙස අප අවධානයෙන් යුතුව බලා සිටියා.දිගින් දිගටම රජයේ සේවකයින් සම්බන්ධව පොදුවේ පදනම් විරහිත ලෙස කටයුතු කරන්නේ නම් වෘත්තීය සංගම් වශයෙන් යම් ක්‍රියාමාර්ගයන් සදහා අකමැත්තෙන් වුවද යොමු විමට සිදුවන බව ප්‍රකාශ කරමු.” යනුවෙන්ද ඔහු සඳහන් කරයි.

දකුණු යුරෝපය ගින්නෙන් දැවේ.

දකුණු යුරෝපය උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවන අධික උෂ්ණත්වය හේතුවෙන්, බොහෝ ප්‍රදේශවල දැවැන්ත ලැව්ගිනි තත්ත්වයක් මතුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂය ලබා ඇති අතර, දහස් ගණනක් ජනතාවට නිවෙස් අත්හැර පිටව යාමට සිදුව තිබේ.

ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් ප්‍රදේශවල රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සෙල්සියස් අංශක 40 ඉක්මවන උෂ්ණත්වය සෞඛ්‍යයට දැඩි අවදානමක් බව ද නිවේදනය කර ඇත.

ස්පාඤ්ඤයේ කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, සෙවිල් සහ කෝර්ඩෝබා නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ළගා විය හැකි බවය.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, පවසා තිබුණේ, ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවීමේ සේවා වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවය.

මේ අතර, රට පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සොල්දාදුවන් 1,000ක් පමණ යොදවා ඇති බවද වාර්තා වෙයි.

ග්‍රීක බලධාරීන් එළඹෙන දිනවල තත්ත්වය තවදුරටත් අභියෝගාත්මක වී හැකි බවට අනතුරු අඟවා, ජනතාවට අවධානයෙන් සිටීමට කැඳවනු ලැබීය.

Invest Sri Lanka සිංගප්පූරුවේදී ඇරඹේ

කොළඹ කොටස් වෙළඳපොල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන ලද ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව ඊයේ (12) පෙරවරුවේ සිංගප්පූරුවේදී ආරම්භ විය.

ගෝලීය ආයෝජකයින් සමග තවදුරටත් සම්බන්ධ වෙමින් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම සමුළුව සංවිධානය කර තිබේ.

මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කරන ලදී.

සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කළ රුසියානු යෝජනාව

යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, සටන් විරාමයක් සඳහා ඩොන්බාස් ප්‍රදේශය අත්හැරීමට රුසියාව ඉදිරිපත් කළ යෝජනාව කිව් පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

විදෙස් වාර්තා අනුව, සාම ගිවිසුමකට එළැඹෙන ක්‍රියාවලියේදී භූමි සම්බන්ධ එකඟතාවකට යා හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා විසින් කිව් පාලනය යටතේ පවතින ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. සෙලෙන්ස්කි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, රුසියානු හමුදාව මේ වන විටත් යුක්‍රේනයට එරෙහිව අඛණ්ඩ ප්‍රහාර දියත් කරමින් සිටින බව චෝදනා කළේය.

ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලින් සැදුම්ලත් ඩොන්බාස් හි කොටසක් දැනටමත් රුසියානු පාලනය යටතේ ඇති අතර, රුසියාව ලුහාන්ස්ක් පූර්ණයෙන්ම සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශ වලින් ආසන්න වශයෙන් 70%ක් අල්ලාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.

මේ අතර, යුරෝපා සංගම් නායකයින් ද ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනයේ දේශසීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බවයි.

ගම්මන්පිලගේ හොට පැටලෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වර්යෙකුගේ පුතෙකු ඇතුළුව තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් රඳවා තබා ගැනීමෙන් පසුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පිළිබඳව විකෘති අර්ථකතන දෙන උදය ගම්මන්පිලට එරෙහිව විවිධ සංවිධාන සහ පුද්ගලයින් නැගී සිටී.

අධිකරණ නියෝග අනුව යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවල දී සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල වියරු විකෘති ප්‍රකාශ දිගින් දිගටම සිදු කරමින් සිටී. මේ සම්බන්ධයෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) පැමිණිලි කළාය.

ජාතික ආරක්ෂාවට අදාළව කිසිම දෙයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකරන අතර, සැලසුම් සහගතව සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පමණක් අදාළ විමර්ශන මෙහෙයවමින් සිටී. ඒ බව හොඳින් ම දන්නා උදය ගම්මන්පිල වියරු විකෘති ප්‍රකාශ සිදු කරන උදය ගම්මන්පිල, පිල්ලෙයාන් නොහොත් සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් ජාතික වීරයෙකු ලෙස හැඳින්වීමට ද පසුබට නොවීය.

 

ළමා සහ කාන්තා අපයෝජන ඉහළට

පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි.

මෙම වසරේ මුල් මාස හයේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව, 9503 කි.

ඒ අතර බරපතල ළමා අපයෝජන සිදුවීම් 1620ක් වන බව, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේ ය.

බරපතල කාන්තා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 373 ක් ද, ලැබී තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ආසියානු U20 සෙවන්ස් රග්බි අනුශූරතාවය ශ්‍රී ලංකාවට!

ඉන්දියාවේ බිහාර් හි පැවති ආසියානු U20 සෙවන්-ඒ-සයිඩ් රග්බි ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා පෙන්නුම් කළ අතර, කණ්ඩායම් අදියරේදී හොංකොං, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් පරාජය කිරීමට ඔවුන් සමත් විය. එයින් ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී ඔවුන් චීනය අභිබවා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්හ.

ශක්තිමත් ආරම්භයක් තිබියදීත්, ශ්‍රී ලංකාව හොංකොං සමඟ පැවති අවසන් තරඟයේදී අසාර්ථක වූ අතර, ඉතා තරඟකාරී තරඟාවලියකින් අනතුරුව දෙවන ස්ථානය දිනා ගැනීමට ඔවුන්ට සිදු විය.

ප්‍රධාන පුහුණුකරු ෂම්ලි නවාස් කණ්ඩායමේ ජයග්‍රහණය අගය කරමින්, “මෙතරම් පරිමාණයේ තරඟාවලියකට සහභාගී නොවී වසර පහකට පසු, අනුශූරතා ශූරතාව දිනා ගැනීම විශාල ඉදිරි පියවරක්. මෙය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය සඳහා පොරොන්දු වූ ආරම්භයක් සනිටුහන් කරයි” යනුවෙන් සඳහන් කළේය.

ඉන්දුනීසියාවම හෙල්ලූ භූ කම්පනය

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ ඊයේ දිනයේදී (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වූ බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.

බස් 40කට බිමල්ගෙන් AI

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය.

“AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AI වලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම”

මිග් ගැන නැවත උදයංගගෙන් අසයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රශ්න කර ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණ ගොනු යළි විවෘත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, රුසියාව සහ යුක්රේනය යන රටවල සහය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව සඳහන් වේ.

Add to cart