ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස පත්ව ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.6ක් ලෙස ගණන් බලා ඇති අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් වේ.

මේ අතර, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මුකේෂ් අම්බානි පෙරමුණේ පසුවන අතර, ඔහුගේ වත්කම ඩොලර් බිලියන 118ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඊට අමතරව, දකුණු ආසියාවේ ධනවතුන් අතර පාකිස්තානයේ ෂාහිඩ් ඛාන් (ඩොලර් බිලියන 13.5), බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර් (ඩොලර් බිලියන 12), සහ නේපාලයේ බිනෝද් චෞද්‍රි (ඩොලර් බිලියන 1.6) ද ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

දොස්තරලා වර්ජන නෑ අඩියක් පස්සට ගනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවු බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

සංගමයේ විධායක සභාව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාරයන් සලකා බලා මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.

අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කනර ලද පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි විය යුතු අතර නිවැරදි ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙන තෙක් අයදුම් පත් යොමු නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ඔවුහු නිරත වී ඇති බවද වෛද්‍ය විජේසිංහ පෙන්වාදේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගස්ථ ක්‍රමය යටතේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් බදවා ගැනීමට ලබා දී තිබනෙ කාලය අදින් අවසන් වීමට තිබු නමුත් එය ලබන 15 වෙනිදා දක්වා කල් දමා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියි.

හරි සහ වැරදි කමිටුවක් පත්කරන්න

“පහුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකටි යවපු එකෙන් ලොකු ගාණක් ලංකාව වියදම් කරලා තියනවා, ඒක වංචාවක් කරලා තියනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දොලණයක් වුනා.

ඊට පස්ස ඒ පිලිබද පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ අහනකොට අගමැතිතුමිය පිලිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නැ කියලා. ඒත් ඇමතිවරු කිහිපදෙනෙක් කියනවා ඒකට වියදම් කරලා තියනවා. අගමැතිතුමියගේ පිලිතුර හරි නැහැ කියලා.

දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී.රාධා ක්‍රිෂ්ණන් පවසයි. හැටන් නගරයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්නන් මෙසේද ප්‍රකාශ කලා.

අපි දැනගන්න ඕන පාර්ල්මේන්තුවේ ඇත්ත කථාව නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නැ. මිනිස්සු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියන සේරම දේවල් ඇත්ත කියලා. වැරදි නැතුව ඒ දේවල් කියනවා කියලා.

හරි කියලා වැරදි කියලා කමිටුවක් පත් කරනවා නම්, අපිට ඒ දේවල් පිලිගන්න බැ කියලා තමයි උත්තර දෙන්න තියෙන්නේ.

ඒ වගේම පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාම කිව්වා වතුකම්කරුවන්ට රු.1700ක් පඩි දෙන්නම් කියලා. අද වෙනකම් ඒ පඩි දීලා නෑ. තවමත් රු. 1350ක් තමයි එයාලට ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේම කිහිප සැරයක් කියලා මිනිසුන්ව නොමග යවන ප්‍රශ්න තමයි කරන්නේ.

ඒක නිසා පාර්ලිමේන්තුව කියන දේවල් හරියට කරන්න ඕන. එවා ඉශ්ට කරන්න ඕන.

හොරු අල්ලනවා කියලා, හොරු අල්ලනවා ආය නිදහස් කරනවා. මේ වගේ සෙල්ලම් වැඩ පාර්ලිමේන්තුවේ කරන්න හොද නැ. පිලිවෙළට වැඩ කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශීය විදේශීය ජනතාව බලන එකක්.

රට පැන සිටින ප්‍රභූන් අල්ලන්න රතු නිවේදන

ඉකුත් කාලයේදී මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුකර අල්ලස් කොමිසමේ විමර්ශන මගහරිමින් විදෙස් රටවලට පලාගොස් සිටින හිටපු ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රජයේ ඉහළම තනතුරු දැරූ නිලධාරීන් පිරිසක් ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට යන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනවලට සහාය නොදී එලෙස විදෙස් රටවලට පලාගොස් සිටින පිරිස සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ජාත්‍යන්තර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.

හිටපු කැබිනට් ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ඉහළ තනතුරු දැරූ නිලධාරීන් පිරිසක් එලෙස විදෙස් රටවලට පලාගොස් සිටින බව පැවසේ.

අල්ලස් කොමිසමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය කරන පුද්ගලයන්ට මෙරටට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට වට්ස්ඇප්, ඊමේල් සහ තානාපති කාර්යාල මගින් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එම දැනුම් දීමට අනුව ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ජාත්‍යන්තර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගන්නා බව අල්ලස් කොමිසම කියා සිටී.

මූලාශ්‍රය – අරුණ

උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය දිවි නසාගෙන!

 

වීරගුල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

අද පස්වරු 2:00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම වෙයි!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වන දින සිට දෙසැම්බර් 5 වන දින දක්වා පැවැත්වෙනු ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරිය පවසයි.

එමෙන්ම, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 වන දින සිට පෙබරවාරි 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවද සඳහන්ය.

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර!

 

අද (10) පැවති 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වන දිනට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටියහ.

ජනපති ලබන මාසේ ඇමරිකාවෙන් ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ සහ ජපානයේ නිල සංචාර දෙකක නිරත වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 25 වන දින ඇමරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමටයි. සැප්තැම්බර් 24 වන දින පැවැත්වෙන මෙම සැසිවාරයේදී රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, ඔහු ලෝක නායකයින් කිහිප දෙනෙකු ද හමුවීමට අපේක්ෂා කරයි.

ඇමරිකා සංචාරය අවසන් කර, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂීගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. සැප්තැම්බර් 29 වන දින ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා, සැප්තැම්බර් 30 වන දින ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට ද නියමිතය.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු වනුයේ ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙම සංචාරය අතරතුර ජපානයේ පැවැත්වෙන 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට ද ජනාධිපතිවරයා සහභාගී වන අතර, එහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම සඳහා ද එක්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සහභාගී වනු ඇත. මීට අමතරව, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ලන්ඩනයේ පැලස්තීන ක්‍රියාකාරී රැලියකින් 474ක් අත්අඩංගුවට!

බ්‍රිතාන්‍යය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ‘පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප්’ (Palestine Action Group) නම් සංවිධානයට සහාය පළ කරමින් ලන්ඩනයේ පැවති රැලියකට සහභාගී වූ 474කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍ය නීතියට අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය හෝ එයට සහාය දැක්වීම අපරාධමය වරදක් වන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

පොලීසියට අනුව, පසුගිය වසර 10 තුළ ලන්ඩන් පොලීසිය එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙයයි.

මන්ත්‍රීන් 499කට පෙන්ෂන් නැතිවෙන ලකුණු!

 

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වුවහොත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත මගින් විශ්‍රාම වැටුප් අහිමි වන පිරිස අතරට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ද ඇතුළත් බව වාර්තා වේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දිගු කලක සිට සමාජය තුළ විවේචන පැවති අතර, මෙම පනත් කෙටුම්පත ඒ සඳහා යෝජිත විසඳුමක් ලෙස සැලකේ.

Add to cart