12වැනි ලෝක ක්‍රීඩා සමාරම්භය චීනයේදී
12 වන ලෝක ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.
ජවසම්පන්න බවින් යුත් තරුණ තරුණියන් සහ දරුවන් ද ඇතුළු 500 කට අධික රංගන ශිල්පීන් සජීවීව එක්වූ ඒක පුද්ගල නර්තනාංග සහ විනෝදජනක අංග රැසකින් එය සමන්විත විය. එමෙන්ම නර්තන ශිල්පීන් 500කට අධික පිරිසක් එක්ව W අකුරින් ලෝක ක්‍රීඩා උළෙලේ දැවැන්ත ලාංඡනයක් ද නිර්මාණය කළහ. මේ සියල්ල සමඟින් Chengdu නගරය ලොව රටවල් රැසකින් පැමිණි අමුත්තන් පිළිගනු ලැබීය.
වපරැසින් බලනු එපා සුප්‍රීම් සැට් නිවේදනයක්
අසාර්ථක සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමක් ලෙස හුවා දක්වමින් වසර 13ක් තිස්සේ රටේ ජනතාව නොමඟ යවමින් පැතිර ගිය අසත්‍ය වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සමාගම් සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් ඉදිරියටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගන්නා පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්.
පැලවත්තට එරෙහිව ජවිපේ උසාවියට
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ අරමුදලට බැර කරගත් වැටුප් හා දීමනා වහාම ලබා දෙන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් පේමසිරි මානගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි.
ප්‍රාදේශීය සභා පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රැසකගේ වැටුප් දීමනා වාහන බලපත්‍ර මුදල් ඇතුළු ඔවුන්ට ලැබිය යුතු මුදල් කෝටි ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට දිගු කලක සිට බැර වී ඇති බව පෙන්වා දෙන මානගේ මහතා එම මුදල් වහාම ඔවුන්ට ලබාදිය යුතු බව අවධාරණයය කරයි.
1977 වසරේ සිට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අකමැත්ත නොවීමසා අසාධාරණ ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට මුදල් බැර කර තිබෙන බවත් ඊට අදාළ සියලු සාක්ෂි මේ වන විට ගොනුකර ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම කාලය තුළ මන්ත්‍රීවරුන් ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට අඩුම වශයෙන් එක් මන්ත්‍රීවරයකු රුපියල් කෝටි තුනකට වඩා වැඩි මුදලක් බැර කරගෙන තිබෙන බව පවසන පේමසිරි මානගේ මහතා එම මුදල් වහාම ඔවුන්ට ලබා දිය යුතුවඇතැයි පැවසීය.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බව පවසන හිටපු මන්ත්‍රීවරයා එය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන්නේය. විශ්‍රාම ගොස් සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්ගේ එකම ආදායම විශ්‍රාම වැටුප බව පවසන ඒ මහතා එය අහෝසි කළහොත් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත් වනු ඇතිබව සඳහන් කළේය.
හිටපු මන්ත්‍රිවරුන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසම, අන්තර් පාර්ලිමේන්තු සංසදය, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදෙස් තානාපති කාර්යාල මෙන් ම ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට හා කාදිනල්තුමාට පැමිණිලි කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ජේමසිරී මානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
පාකිස්තාන පිතිකරුවෙක් අත්අඩංගුවට
පාකිස්තාන යොවුන් පිතිකරු හයිඩර් අලි එංගලන්තයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.
මේ බව තහවුරු කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එංගලන්තයේ අපරාධ පරීක්ෂණයකට අදාළව ඔහුව මැන්චෙස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
බය නැතිව කරන්න නැත්තම් අමාරුයි
ගෝලීය ආර්ථිකය වඩ වඩාත් තරගකාරී වෙමින් පවතින බැවින් අභීත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක වෙනස්කම් නොකිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය පසුබෑමකට පත්වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් අනතුරු ඇඟවූවාය.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ විවිධාංගීකරණය, තීරු බදු නොවන බාධක අඩු කිරීම, රජය සතු ව්‍යාපාරවල අකාර්යක්ෂමතාව නැති කිරීම, මානව ප්‍රාග්ධනය සහ ඵලදායිතාව වැඩි කිරීම යන ප්‍රතිසංස්කරණ විය යුතු බව ඇය අවධාරණය කළා ය.
ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට තරග කිරීමට සහ සමෘද්ධිමත් වීමට නම් එම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය වනු ඇති බවත් ඇය පැවැසුවාය. ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon chamber of commerce) ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ 9 වන වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.
මහනුවර දළදා මංගල්‍යය අද
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කෙරේ.ඒ දින 9 ක් පුරා පැවති ඇසළ පෙරහර මංගල්‍යයේ කූඨප්‍රාප්තිය සටහන් කරමින් ය.
පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙන්ම බෞද්ධ සැදැවතුන්ද මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටියි.
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
සමන්තා අනුරව හමුවෙයි
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කරන ලදී.
මෙම සංචාරයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුනාමි ව්‍යසනයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදීද ඕස්ට්‍රේලියානු රජය සෘජුව මෙන්ම, ජාත්‍යන්තර ආයතන හරහා ලබා දුන් සහයෝගය සිහිපත් කර සිටියේය. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.
ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා අගෝස්තු 06දා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතය.
@PMD
නිකිණි පුන් පොහොය අදයි
නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට යෙදී තිබේ. සම්බුදු හිමිගේ උපස්ථායකත්වය දැරූ උතුම් ආනන්ද හිමි රහත් භාවයට පත්වීම ඇතුළු ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදුවීම නිසා නිකිණි පොහොය ලොව මහත් බෞද්ධ ජනතාව ඉතා උනන්දුවෙන් සමරනු ලැබේ.
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු සාසනික කරුණු ගණනාවක් මෙම පුන් පොහොය හා බැදී ඇත.
වසර 80 කට පසු ගිනිගත් ප්‍රංශය
ඊයේ දිනයේදී ප්‍රංශයේ ඕඩ් කලාපයේ දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එරට තුළ වසර 80කට ආසන්න කාලයකට පසු ඇති වූ විශාලතම ලැව් ගින්න මෙය බවයි. ගින්න පාලනය කිරීම සඳහා ප්‍රංශ ගිනි නිවන භටයින් දැඩි සටනක් දුන්නද, ඒ වන විටත් දකුණුදිග ඕඩ් කලාපයේ විශාල ලෙස ගින්න පැතිරගොස් අවසන්ය. එම කලාපයේ වනාන්තර සහ ගම්මාන හරහා ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, අවම වශයෙන් නිවාස 25ක් ගිනිබත් වන්නට ඇති බවටද ප්‍රංශ බලධාරින් විශ්වාසය පළකර තිබේ. මේ අතර Perpignan නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ශාන්ත ලෝරන්ට් ඩි ලා කැබ්‍රෙරිස් ගම්මානයේ එක් පුද්ගලයෙකුද ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ජීවතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කර ඇති බවත්, ප්‍රංශය මෙවැනි ලැව්ගිනි තත්ත්වයකට අවසන් වරට මුහුණදී ඇත්තේ 1949 වසරේදී පමණ බවත් එම වාර්තා වැඩිදුරටත් පවසා ඇත.