සමන්තා ජෝයි අද දිවයිනට

ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය නිල සංචාරයක් සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, එතුමිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරීම බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය නිරීක්ෂණය කිරිමට බලාපොරොත්තු වන බවත්, එතුමිය මේ මස 10 වන දින දක්වා මෙරට රැඳී සිටින බවත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්තඩංගුවට

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි.

විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අද!

 

විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (අගෝස්තු 6) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත අතර, එහිදී වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වේ.

ප්‍රධාන වශයෙන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයස්කරට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඔවුන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

මීට අමතරව, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුවේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනාවක් ද මෙම රැස්වීමට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම හමුව, ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ ස්ථාවරය තහවුරු කිරීම සඳහා තීරණාත්මක එකක් වනු ඇත.

111 වන ජාතික ටෙනිස් ශූරතාවලිය අගෝස්තු 08 සිට

ශ්‍රී ලංකාවේ 111 වන ජාතික ටෙනිස් ශූරතාවලිය අගෝස්තු 08 වන දා කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ දී ආරම්භ වීමට නියමිත ය. වාර්තාගත ලෙස ක්‍රීඩකයන් 1200ක් වයස් කාණ්ඩ 22ක් යටතේ තරග වදින අතර පිරිමි, කාන්තා, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් මෙයට අයත් ය. මෙවර තරගාවලිය සදහා රෝද පුටු ටෙනිස් අංශයක් ද එක් වීම මෙහි විශේෂත්වය වන අතර සියලු වයස් කාණ්ඩ සඳහා ජාත්‍යන්තර ශ්‍රේණිගත ක්‍රමය භාවිත කෙරේ. තරගාවලිය අගෝස්තු 18 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ස්ත්‍රී දූෂණයට එරෙහි Rapex

2005 වසරේදී, දකුණු අප්‍රිකාවේ ඉහළ යන ස්ත්‍රී දූෂණ අපරාධ මැඩලීමේ අරමුණින්, සොනෙට් එලර්ස් නම් වෛද්‍ය කාර්මික ශිල්පිනිය විසින් Rapex නමින් හැඳින්වෙන උපකරණයක් හඳුන්වා දෙන ලදී. පසුව Rape-aXe ලෙස නම් කරන ලද මෙය, කාන්තා කොන්ඩමයකට සමාන වන අතර, එහි ඇතුළත දෙසට යොමු වූ තියුණු කොකු වැනි කොටස් අඩංගු වේ.

ස්ත්‍රී දූෂණයකට උත්සාහ කිරීමේදී, මෙම උපකරණය පැළඳ සිටින කාන්තාවගේ යෝනි මාර්ගයට පුරුෂ ලිංගය ඇතුළු කළහොත්, එම කොකු වැනි කොටස් ලිංගයේ සමට සම්බන්ධ වේ. ඉන්පසු ලිංගය ඉවතට ගැනීමේදී දැඩි වේදනාවක් ඇති කරන අතර, එම උපකරණය ශල්‍යකර්මයකින් තොරව ඉවත් කළ නොහැක. එමගින් වින්දිත කාන්තාවට පැන යාමට අවස්ථාව සැලසෙන අතර, අපරාධකරු පහසුවෙන් හඳුනා ගැනීමට ද හැකි වේ.

මෙම උපකරණය දකුණු අප්‍රිකාව තුළ දැඩි කතාබහට ලක් වූ අතර, ඇතැම් විවේචකයන් පෙන්වා දුන්නේ මෙය මධ්‍යකාලීන දඬුවම් ක්‍රමයක් වැනි බවයි. කෙසේ වෙතත්, එලර්ස් ප්‍රකාශ කළේ දශක ගණනාවක් පැරණි ම්ලේච්ඡ ක්‍රියාවක් සඳහා මෙවැනි උපක්‍රම අවශ්‍ය බවයි. අරමුදල් හිඟකම ඇතුළු විවිධ හේතු නිසා මෙම උපකරණය තවමත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර නොමැත.

යූත් එකම අද කොළඹට!

 

යෞවන සමාජ සම්මේලන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කරමින්, දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන යෞවන සමාජ තරුණ තරුණියන් අද (06) දහවල් 2ට මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වේ. මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ දිස්ත්‍රික් මට්ටමේ යෞවන සමාජ සම්මේලන විසිනි. ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පමණක් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට යොදා ගැනීම නීති විරෝධී බවයි. විරෝධතාවට සහභාගී වන පිරිස, තම ගැටලුවලට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරන බවත්, ඔවුන්ගේ අරමුණ කෝලාහල ඇති කිරීම නොව, සාධාරණය ඉල්ලා සිටීම බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ යෞවන සමාජ සම්මේලන දේශපාලන පොරපිටි බවට පත්වෙමින් පවතින බවට චෝදනා එල්ල වීමත් සමඟ, දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් පැමිණි යෞවන සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (06) මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය. ඔවුන් පවසන්නේ යෞවන සමාජ සම්මේලන ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය වත්මන් ආණ්ඩුවට පක්ෂපාතී පුද්ගලයන්ට පමණක් සීමා වී ඇති බවත්, එය රටපුරා ක්‍රියාකාරී සාමාජිකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට කරන අසාධාරණයක් බවත්ය.

මෙම තත්ත්වය, යෞවන සමාජ නිලවරණ අවස්ථාවලදී ඇතිවන නොසන්සුන්තා සහ ගැටුම් මගින් තවදුරටත් තහවුරු වේ. දේශපාලන බලය අල්ලා ගැනීමේ අරමුණින් යෞවන සමාජය භාවිත කිරීම, තරුණ පරපුරේ ස්වාධීනත්වය සහ අනාගතය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. හිටපු සංස්කෘතික කාර්යාංශ සභාපති ඉමන්ත විමලවීර මහතා පෙන්වා දුන්නේ, මෙම විරෝධතාව රටේ කෝලාහල ඇති කිරීමට නොව, යෞවන සමාජවල අයිතිවාසිකම් සහ සාධාරණත්වය ඉල්ලා සිටීමට බවය. මෙම සිදුවීම, තරුණ සංවිධානවල ස්වාධීනත්වය තහවුරු කිරීමටත්, ඒවා දේශපාලන අතපෙවීම්වලින් මුදා ගැනීමටත් ඇති අවශ්‍යතාව අවධාරණය කරයි.

“අපි එන්නේ ගහන්න නෙමෙයි, අඩුම තරමින් වැලි කැටයක්වත් අරගෙන එන්නේ නැහැ. අපි ආදරේ අරගෙන එන්නේ,” යැයි ජාතික යෞවන සමාජ සම්මේලනයේ හිටපු සංස්කෘතික කාර්යාංශ සභාපති ඉමන්ත විමලවීර මහතා පවසන්නේ, අද (06) මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවේ අරමුණ පැහැදිලි කරමිනි.

දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන යෞවන සමාජ සාමාජිකයන් සිය දේශපාලනීකරණය වූ සම්මේලනවලට එරෙහිව හඬ නැගීමට සූදානම්ව සිටී. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ, යෞවන සමාජ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී වත්මන් ආණ්ඩුවට හිතවත් පුද්ගලයන්ට පමණක් අවස්ථාව ලබා දීම නීති විරෝධී බවයි. රටපුරා සිටින යෞවන සමාජ සාමාජිකයන් ලක්ෂ තුනක් නියෝජනය කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ, තමන් මුහුණ දෙන ගැටලුවලට සාධාරණ පිළිතුරක් ලබා දෙන ලෙසය. “යෞවන සමාජවලට සිද්ධ වෙච්ච අසාධාරණය සඳහා පිළිතුරු බලාපොරොත්තුවෙන්” ඔවුන් විරෝධතාවට එක්වන බව අවධාරණය කරයි. මෙම සාමකාමී විරෝධතාව මගින්, යෞවන සමාජවල ස්වාධීනත්වය සහ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් අපේක්ෂා කරයි.

අලුත් ලිස්ට් එකක් අලුත් නම් ගොඩක්

ජනාධිපති අරමුදලෙහි මුදල් මැති ඇමැතිවරුන් විසින් ප්‍රයෝජනයට ගෙන එහි මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නැවත වරක් පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිදරව් විය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ලබා දී ඇති බවයි.

එහිදී 2005 සිට 2014 දක්වා එම අරමුදලින් විදේශ ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබා දුන් නාමලේඛනයක් ඇමැතිවරයා විසින් සභාගත කරනු ලැබූ අතර එම ලේඛණයේ 2005දී ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ පුතකු වන හර්ෂණ සුපුන් රාජකරුණා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, 2006 දී කරුණාසේන කොඩිතුවක්කු මහතා විසින් අයි.එන්. කොඩිතුවක්කු,දිනේෂ් දොඩංගොඩ,කේ.කේ. පරණවිතාන සහ තවත් පුද්ගලයින් රාශියකගේ නම් ඇතුලත්ව ඇත.

රාජ්‍ය සේවය නටඹුන් වෙලා

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටඹුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සිටී.

නටඹුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කරයි.

ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ඔහු මේ අදහස් පලකරන ලදි.

තාරුණ්‍යයට අත තබනු එපා!

ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් සමාජ — යූත් ක්ලබ්’ හි නිලතල සඳහා පත්වීම් සිදු කිරීමේ ක්‍රමවේදයට හා යොවුන් සමාජ දේශපාලනීකරණය කිරීමට විරුද්ධ හෙට දින (06) දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධෙයන් වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදුවෙමින් ඇති බව ‘දිනණ දකුණ’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වේ.

ප්‍රජානත්‍රවාදීව විරෝධය දැක්වීම මුලික අයිතිවාසිකමක් වන අතර, එම අයිතිය තහවුරු කිරීම රාජ්‍යය සතු වගකීමකි. සාමකාමී විරෝධතාවයකට සැලසුම් සහගත ලෙස ‘වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු කිරීම’ දිනන දකුණ දැඩිව හෙළා දකී.

යොවුන් සමාජ පිහිටුවීමේදී විවිධ දේශපාලන මතවාදයන් නියෝජනයකරන තරුණයින් ඒවාට ක්‍රියාකාරී ලෙස සහභාගීවීම දශක හතරකට වැඩි කලක් අප සමාජය බුක්ති විදි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් බිහි කිරීමේ ව්‍යවහාරයකි.

මෙවර ෙයාවුන් සමාජ පිහිටුවීමේ ක්‍රියාවලිය ආණ්ඩු පක්ෂෙයේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව පැහැදිලිව හදුණා ගත හැකිය.

දේශපාලනීකරණය යනු දේශපාලනයට සම්බන්ධ පක්ෂයක තරුණයින් නිලතල සඳහා තරඟ කිරිම පමණක් නොවේ ඔවුන් තනතුරු සඳහා මධ්‍යගත මෙහයවීමක් සහිතව පෙලගැස්වීම හා අනෙක් පුද්ගලයින්ට සංවිදානාත්මක බාධා කිරීමය.

යොවුන් සමාජ පිහිටුවීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, පරාජිත අපේක්ෂකයින් රැස්වීම් සඳහා පැමිණීම හා ඔවුන්ගේ වෛරී හාකෝප ගන්වන දෙසුම් තරුණ සේවා සභා ඉතිහාසෙ අත් දකිණු ලැබූයේ පළමු වරටය. තරුණයින්ගේ කටයුතු සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් මැදිහත්වීම හා පළමුවරට
සංවිධානාත්මකව ෙද්ශපාලන පක්ෂයක් ෙලස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම හේතුවෙන් වසර ගණනාවක් යෛවන සමාජ ක්‍රියාකාරීන් ෙලස සිටි තරුණයින්ට බලවත් අසාධාරණයක් සිදුව ඇත. යෞවන සමාජවල විවිධ ෙද්ශපාලන මතවාදයන් තිබූ පුද්ගලයින්ට අවස්ථාව ලැබුණි.

මෙවර රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන මැදිහත්වීම් මත නිලවරණ පැවැත්වූ ක්‍රමය ෙද්ශපාලන න්‍යාය පත්‍රයකට යට කර ඇත. පත්වීම් සිදු කළ ක්‍රමය සහ බලහත්කාරය සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය.

එහි ප්‍රතිඑලයක් ලෙස තරුණයින් අතර බෙදීමක් ඇති කිරීම, ෛවරය පැතිරවීම අනිවාර්ය ප්‍රතිඑලයක් බවට පත්ව
ඇත. ෙම් සම්බන්ධෙයන් තරුණ කණ්ඩායම් අගෝස්තු 6 දින පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවයකට එරෙහිවද ද, එය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම ප්‍රචාරක ව්‍යාපාරයක් සිදු ෙවමින් ඇත.

දේශපාලනිකව හා තරුණ ක්‍රියාකාරීන් සඳහා බාධා කිරීමේ අමිහිරි ඇත්දැකීම් දශක පහකට වැඩි කලක් අප රට විද ඇත. උතුරේද, දකුණේ ද කැරළි බවට පත්වූ අදහස් ප්‍රකාශ කිරීෙම් නිදහස, විරෝධතා දැක්වීම සඳහා වන අයිතිය අහිමි කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයයි.

නිදහස් පුරවැසියන්ට විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කර කටයුතු කරන ලෙස රජෙයනුත්, ආරක්ෂක අංශ වෙතිනුත් ‘දිනන දකුණ’ ඉල්ලා සිටී.

දේශබන්දු ඉවතට , යෝජනාව සම්මතයි

 

අද (5) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තීරණයක් ගනිමින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත කළේය.

මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර, ඊට විරුද්ධව කිසිදු මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කළේ නැත. රාමනාදන් අර්චුනා පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය යටතේ සේවය අත්හිටුවා සිටි පොලිස්පතිවරයාට මෙම චෝදනා ගෙන එන ලදී .

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ දූෂණ හා විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙකු අදහස් දැක්වූ අතර, මෙම ඡන්ද ප්‍රතිඵලය ඔහුගේ ඉරණම අවසන් වශයෙන් තීරණය කරනු ඇත.

Add to cart