මම ගරිල්ලා භටයෙක් ජවිපේ නන්දන කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙනයන ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සිය මුහුණු පොතේ සහටහනක් තබා ඇත.

එම සටහනේ දක්වා ඇති පරිදි ඔහු ජවිපේ 88/89 කැරැල්ලට සහභාගීව ආයුධ සන්නද්ධ ගරිල්ලා භටයෙකු ලෙස රජයට එරෙහි කුමන්ත්‍රණයට එක්ව ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකත්වය පවා අත්හැරීමෙනි. ජවිපේ හිටපු විධායක සභික නන්දන ගුණතිලක තැබූ සටහන මෙසේය.

“මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .
1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.
ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..
අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.
ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.
මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්රීවරු ජේවීපී , ශ්රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .
ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්යේෂ්ඨ මන්ත්රීවරයෙක්ට කිව්වෙ..
හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.
ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.
වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.
මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!
මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .
ඔක්කොම හොරු කියල හදාපු මිත්යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!
මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..
දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!
මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.
අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..
දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..
තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..
ඔව් මැරෙනව…!!!
හැබැයි තනියෙං නෙවෙයි.
මම ගරිල්ලා භටයෙක්..!!!
ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.
යුද්ධෙ හිටියෙ..!!!
ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!
මම මැරෙන්න ලෑස්තියි..!!!
අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..
ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!

විස්කි බොන්න ගිය PSDලට බඩු බනිස්

ජනපති අනුර දිසානායකගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඩියුටි ෆ්‍රීහි අලෙවිය පිණිස තබා තිබූ මත්පැන් බෝතල් 35කට අධික ප්‍රමාණයක් රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වේ. ඒ ජනාධිපතිවරයා මාලදිවයිනේ සංචාරය සදහා පිටත්ව යාමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් එම නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඔවුනට ස්ථාන මාරුවීම් ද ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

නාවික හමුදාව CID පිටුපස පන්නලා මාට්ටු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිටුපස නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ලුහුබැඳ ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. එලෙස ලුහුබැඳ ඇත්තේ නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් පුද්ගලයන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනයක් සඳහා ගිය CID නිලධාරීන් පිරිසක්වය.

සිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පේදුරුතුඩුවේ මීට අදාළ විමර්ශනයකට ගිය අවස්ථාවේ ඔවුන් පසුපස පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් ලුහුබැඳ ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඔවුන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් බව තහවුරු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

එම බුද්ධි නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ට එම ලුහුබැඳීමේ නියෝගය දී ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර්වරයකු බව අදාළ ලුහුබැඳීම කළ බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.

(සිළුමිණ)

ගොළු මාධ්‍ය හමුවක් අද උදේ 10ට

පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භය සම්බන්ධයෙන් එම ආයතනය අද පෙරවරු 10.00ට මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබේ.

මේ මාධ්‍ය සාකච්ඡාව හරි අපූරු එකක් වන අතර ඒ අදාළ ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධානම චරිතවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති-ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ගෙන් හෝ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට නොහැකි වීම නිසාය.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න අසන්නේ නම් මෙහි මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනය මාධ්‍යවෙත සපයා ඇති QR කේතය ස්කෑන් කර එයට අදාළ පිළිතුර ලිඛිතව යැවිය යුතුය.

අදාළ උපදෙස් ලබාදී තිබුණේ ඉකුත් ජුලි 29 වැනිදාට පෙර යවන ලද ආරාධනා ව මගිනි. ඉන් පසුව ඔවුන් විසින් එයට පිළිතුරු දෙන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබයි. කිසිදු ප්‍රශ්නයක් ඇසීම අවස්ථාවක් ද නැතැයි ආරාධන කොන්දේසිවල දැක්වේ.

එසේම, අදාල මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන ඇඩ් ෆැක්ටර් ආයතනය විසින් ඔවුන් විසින් කලින් යවනු ලැබූ ආරාධිත මාධ්‍ය ප්‍රධානීන් සදහා ඊයේ දුරකථනයෙන් දන්වා ඇත්තේ ඔවුන් විසින් කියන තෙක් කිසිදු ඡායාරූප ශිල්පියකුට ඔවුන්ගේ කැමරාව භාවිතා කළ නොහැකි බවයි.නොඑසේ නම් ඔවුන් ඉඳගත් තැනින් නැගිටින්නට කියනතෙක් ඔවුන් ඈදිගත් ස්ථානයේම ඈදිගෙන සිටිය යුතු බවයි.

මේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම් මාධ්‍යවේදීන් ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයේ නියෝජිතයන්ට බැණවැදී ඇති බවයි.

කෙසේවුවද, අදාළ ආරාධිත මාධ්‍ය ආයතන බොහොමයකටම COD නමින් දැන්වීම් ලබාදී ඇති බැවින් ඔවුන්ට අදාළ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
City of Dreams Sri Lanka මාධ්‍ය ආරාධනය සමඟ ඔවුන් විසින් පණවා තිබූ කොන්දේසි කිපයක් පහත දැක්වේ.

“පහත සඳහන් ප්‍රධාන උපදෙස් සටහන් කර ගන්න.

• මාධ්‍ය ලියාපදිංචිය පෙ.ව. 9 ට ආරම්භ වන අතර සියලුම මාධ්‍ය නිලධාරීන් නියමිත වේලාවට පැමිණ සිටිය යුතුය.
• සියලුම මාධ්‍ය නිලධාරීන් අනිවාර්යෙන් වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් රැගෙන ආ යුතුය.
• සෑම මාධ්‍ය ආයතනයකින්ම/වේදිකාවකින්ම එක් පුද්ගලයෙකුට පමණක් අවසර දෙනු ලැබේ.
• මාධ්‍ය හමුවෙන් පසු සිහින නගරයේ විශේෂ සංචාරයක් සංවිධානය කර ඇත. සියලුම මාධ්‍ය නිලධාරීන්ට සහභාගී වීමට ආරාධනා කෙරේ. කෙසේ වෙතත්, ක්‍රීඩා ප්‍රදේශ තුළ ඡායාරූපකරණය හෝ වීඩියෝකරණය සඳහා අවසර දෙනු නොලැබේ.
Quizine හි නමවැනි මහලේ සංචාරයෙන් පසු දිවා ආහාරය සඳහා අප හා එක්වන ලෙස අපි සියලුම මාධ්‍යවේදීන්ට ආරාධනා කරමු.

ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කර මාධ්‍ය ආයතන වෙත යොමුකර තිබූ සම්පූර්ණ ආරාධනා පත්‍රය හා ප්‍රශ්න ඇසීමේ QR ඛේතය පහත දැක්වේ.

Dear ————-,

We are pleased to invite you to the official Grand Opening Press Conference of City of Dreams Sri Lanka, Colombo’s newest and most iconic integrated lifestyle destination.

Date: Saturday, 2nd August 2025
Time: 10:00 AM onwards
Venue: City of Dreams, Port City Colombo
Dress Code: Formal

Please note the following key instructions.

• Media Registration commences at 9am and we require all media personnel to be present on time.
• All media personnel must carry a valid media ID.
• Only one person will be permitted from each media institution/platform.
• A special tour of the City of Dreams has been arranged after the press conference. All media personnel are invited to attend. However, no photography or videography will be permitted inside the gaming areas.
• We invite all media to join us for lunch after the tour at Quizine, on Level 9.

Also attached to this email is a QR code that can be scanned and filled out, if you have any questions for either Mr.Krishan Balendra, Chairperson-CEO of John Keells Holdings PLC or Mr.Lawrence Ho, CEO of Melco PBL Entertainment (Macau) Limited. This would need to be submitted on or before 6pm on 29th July 2025. Please note that there will be no Q&A session during the press conference and we encourage all media to send in their questions beforehand.

Please RSVP via email with the name of attendee and contact number on or before 6pm on Monday 29th July 2025.

We look forward to welcoming you to this historic occasion.

ලොව වයස්තම බිළිඳා මෙළොව එළිය දකියි

ලොව “වයස්ගතවම උපන් බිළිඳා” එක්සත් ජනපදයේ උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකින් බව සඳහන් වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි 1994 දී මෙම කලලය නිර්මාණය කර ඇත.

කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇති අතර 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර තිබෙයි.

දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එජාපයෙන් රජයට තුති

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙයි.

එම නිවේදනයට අනුව තීරු බදු අඩු කරගැනීම සම්බන්ධයෙන් රජයට විශේෂ ස්තූතිය පිරිනමන බව සඳහන් වෙයි

බද්ද 15% උනානම් ගොඩක් සතුටුයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු සහනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහනට අනුව ඔහු ප්‍රකාශ කර සිටින්නේ තීරු බදු 20%ට අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය තවදුරටත් 15 % දක්වා අඩු වූයේ නම් තවදුරටත් යහපත් බවයි.

එස්.එම්.චන්ද්‍රසේන ඇප ලැබී ගෙදර යයි

“දූෂණය” නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

බද්ද 20% වීම ගැන සජබේ හර්ෂ සතුටින්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවන ලද අන්‍යෙන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මෙම බදු අඩුකිරීම හරහා මෙරට කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවය. හර්ෂ  සිල්වා මන්ත්‍රීවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.

ආචාර්ය හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී “

අනුර අද රෑ Dream එකේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවය අද පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණ ව්‍යාපෘතියයි.

City of Dreams Sri Lanka හි ආරම්භයත් සමඟ වැඩ අල්ලන Nuwa හෝටලය හා මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts & Entertainment) විසින් ඉදිකර ඇති අති විශාල කැසිනෝ සංකීර්ණය නිරීක්ෂණය කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය.

කෙසේවුවද මෙහි පළමු කොටස ලෙස ඉකුත් වසරේ ඔක්තෝබර් (15) මාසයේදී කාමර 687කින් සමන්විත සිනමන් ලයිෆ් හෝටලය විවෘත කෙරුණි.

Nuwa හෝටලය කාමර 113කින් සමන්විත එකකි.

මෙල්කෝ (Melco) විසින් මැකාව්, පිලිපීනය සහ සයිප්‍රස් හිද ඒකාබද්ධ නිවාඩු නිකේතන (integrated resort (IR) ද ක්‍රියාත්මක කරන අතර, ඒ සියල්ල City of Dreams සන්නාමය යටතේ ක්‍රියාත්මක වේ.

මේ අවස්ථාව, ආවරණය සිදුකරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බවද වාර්තා වේ.

Add to cart