ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තුනට බෙදෙයි

එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචා­රය ආරම්භ කිරී­මට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ග­ණ‍යේදී (එස්එස්සී) කණ්ඩා­යම් 3කට බෙදී විස්සයි20 තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට සූදා­නම් වෙයි. අගෝස්තු මස 7 වැනිදා ආරම්භ වන මෙම තර­ගා­ව­ලිය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යන කණ්ඩා­ය­ම්ව­ලින් පිටි­යට පිවිසේ.

මේ තර­ගා­ව­ලි­යේදී දක්ෂතා දක්වන ක්‍රීඩ­ක­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමි­ටුවේ අපේ­ක්ෂාව වේ. නිමා­වට පත්වූ බංග්ලා­දේශ තර­ගා­ව­ලි­යට එක්වූ ක්‍රීඩ­ක­යින්ට අම­ත­රව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යට එක්ක­ර­ගෙන ඇත.

මූලික වටයේ අව­සා­න­යේදී ඉහ­ළම දක්ෂතා දක්වන කණ්ඩා­යම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාං­ග­ණ‍යේදී අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තර­ගය අගෝස්තු 29 හා 31 දින­වල පැවැ­වෙන අතර, සැප්තැ­ම්බර් 3, 6 හා 7 දින­වල විස්සයි20 තර­ගා­ව­ලිය පැවැත්වේ.

රොෂෙල් අබේගුණවර්ධන අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව ඇය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළවය.

කොස්ගොඩ වෙඩිතැබීමක් 23 හැවිරිදි තරුණයෙක් මරුට

කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි අයෙකු මරණයට පත්ව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකුටී 56 ගිනි අවියක් භාවිතා කොට වෙඩි තැබීම සිදුකර ඇතිබවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බවයි.

කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ලලිත්-කූගන් නඩුවට ගෝඨා උසාවියට

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් ‘කෝපුස් නඩුකරයට’ අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ, මෙම ඉල්ලීම අද සිට සති හතරක් තුළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළේය.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.

කටුනායකට නොගිය නාමල්ගේ වරෙන්තුව

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා මාල­දි­ව­යිනේ සිට ඊයේ (29) උදෑ­සන කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණි­යේය.

හම්බ­න්තොට අධි­ක­ර­ණය මඟින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස පෙරේදා (28) වරෙ­න්තු­වක් නිකුත් කර තිබුණු පසු­බි­මක ඔහු පැමි­ණි­යද බාධා­ව­කින් තොරව ගුව­න්තො­ටු­පො­ළින් පිටව ගියේය.

ඒ කටු­නා­යක ගුව­න්තො­ටු­පළ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් වෙත හෝ පොලී­සි­යට ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ වරෙ­න්තුව ලැබී නොති­බුණු බැවිනි.

මාල­දි­ව­යිනේ මාලේ නුවර සිට ඊයේ (29) දින උදෑ­සන 11.30ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුව­න්යා­න­යෙන් ඔහු පැමිණ තිබිණි.

නාමල් රාජ­පක්ෂ මහ­තාගේ පැමි­ණීම බලා­පො­රො­ත්තු­වෙන් නීති­ඥ­ව­රුන් කිහිප දෙනකු සහ ඔහුගේ ආධා­ර­ක­රු­වෝද කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

WhatsApp ගැන පොලීසියෙන් පණිවුඩයක්

WhatsApp මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර WhatsApp ගිණුම් වෙත අනවසර ප්‍රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධ සිද්ධීන් මේ දිනවල වැඩිවෙමින් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙම වංචාකරුවන් විසින් පරිශීලකතායේ WhatsApp එක්-කාලීන මුරපද (OTP) අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශිලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයින් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙවැනි වංචාවන් සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා පොලිසිය ඉල්ලා සිටියි. එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම්වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

ලෝකේ ලස්සනම දූපත ශ්‍රී ලංකාව

ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

කැරිබියන් දූපත්වල ඉන්දුනීසියාව දක්වාත්, යුරෝපයේ සිට නවසීලන්තය දක්වාත් කෙස ලොවපුරා පැතිරී ඇති දූපත් 50ක් වෙබ් අඩවිය විසින් මෙලෙස ඒවායේ සංචාරක ආකර්ෂණය සහ සුන්දරත්වය අනුව ස්ථානගත කර තිබේ.

ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරයි.

වෙබ් අඩවියෙහි දක්වා ඇති ආකාරයට ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ කඳුළු බිඳුවක හැඩැති දූපතේ රන්වන් වෙරළ තීරයේ සිට ටෙරස් සහිත තේ වතු දක්වා වන සියල්ල තිබෙන අතර, සැතපුම් 833ක් වන වෙරළ තීරය දිගේ දින ගත කිරීම ප්‍රීතිමත් චමත්කාරයක් වන නමුත් ශ්‍රී ලංකාව වෙරළෙන් ඔබ්බට තවත් බොහෝ දේ සංචාරකයන් වෙත ලබා දෙයි.

මෙම වසරේ ශ්‍රේණිගත කිරීම නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන මිශ්‍රණයක් ඉස්මතු කරයි. මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ සමුච්චිත ලකුණු අනුවයි.

පිළිවෙලින් එම ලැයිස්තුවේ පළමු දූපත් 10 මෙසේය.
1. Sri Lanka
2. Mo’orea, French Polynesia
3. Socotra, Yemen
4. Madeira
5. The Galapagos, Ecuador
6. Great Exuma, Bahamas
7. Seychelles
8. Achill Island, Ireland
9. Koh Lipe, Thailand
10. Milos, Greece

පලස්තීනය පිළිගන්න එංගලන්තය සැරසේ

ගාසා තීරයේ වර්තමානයේ ඇතිව ඇති තත්වයට ඊශ්‍රායලය කඩිනම් පියවර නොගන්නේ නම් සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබාදෙන දිගුකාලීන තිරසාර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර සැපයීම නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බවට ඔහු පවසා ඇත.

ඉන්ධන දීමනාවක් වෛද්‍යවරුන් ඉල්ලයි

සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ට රජයේ අනෙකුත් නිලධාරීන්ට පහසුකම් සලසන 2/99 චක්‍රලේඛයට අනුව ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන් ඉල්ලා ඇත.

වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා 2025 අයවැයට සිය සංගමය ඉදිරිපත් කළ 22/99 චක්‍රලේඛයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා සිටින වෛද්‍ය සංගමය පවසන්නේ නිවසේ සිට රාජකාරියට ගමන් කිරීමේදී සිදුවන දුෂ්කරතා අනුව, ප්‍රවාහන පහසුකම් හෝ ඉන්ධන දීමනාවක් නොලැබීමෙන් වෛද්‍යවරුන් බරපතළ ගැටලුවකට මුහුණ පා ඇති බවයි.

බොරුවක් කියා පචවී කුට්ටි සමාවගනී

විදේශ රටවලින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට මුදල් ලැබුණ බවත් ඉන් ඩොලර් බිලියන පහක මුදලක් එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නමින් මෝල්ටා රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කර ඇති බවටත් තමා ප්‍රකාශ කරනු ලැබුවේ නිසි පරිදි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව බැවින් තමා කළ එම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරනා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඊයේ (29දා) කොළඹ දිසා අධිකරණය හමුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් 2023.10.13 වැනිදා කළ එම ප්‍රකාශයට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී ඇති බවත් එමගින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් බිලියන 10ක වන්දියක් අය කරදෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකළ නඩුවක් ඊයේ (29දා) කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම ජීවන්දර මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එලෙස පැවැසීය.

එම නඩුව ඊයේ (29දා) උදෑසන කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයා හා පැමිණිල්ල අතර ඇති කරගත් එකඟතාවය අනුව පැමිණිල්ලට විවෘත අධිකරණය හමුවේදී කනගාටුව ප්‍රකාශ කර නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව අධිකරණයට පෙන්වා දුන්නේය. එම කරුණු දැක්වීමට පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විරුද්ධත්වය නොදැක්වූයෙන් එලෙස කනගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් දැයි අතිරේක දිසා විනිසුරුවරයා විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් විමසා සිටි අතර ඔහු ඒ බව සනාථ කළේය.

Add to cart