ආදිත්‍යා වැලි­වත්ත කිරුළක් සොයා පිලිපීනයට

ශ්‍රී ලංකාවේ ජන­ප්‍රිය ගායි­කා­වක වන ආදිත්‍යා වැලි­වත්ත පිලි­පී­නයේ මැනිලා නුවර පැවැ­ත්වෙන “මිස් ටුව­රි­සම් යුනි­වර්ස්” (Miss Tourism Universe) තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.

ඇය මෙම “මිස් ටුව­රි­සම්” තර­ගා­ව­ලියේ “යුනි­වර්ස්” කාණ්ඩය යටතේ තර­ග­වැ­දී­මට නිය­මි­තය.

ඇයගේ පුහු­ණු­කරු ලෙස මිස් ටුව­රි­සම් ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහු­ණු­කරු වූ රුක්මාල් සේනා­නා­යක මහතා කට­යුතු කර තිබේ.

පැලවත්තේ EPF මාස 09කින් ගෙවා නෑ

පැල්වත්ත සීනි සමාගම සේවකයන්ට මාස 9කින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නැති බවත්, මේ වනවිට එම ආයතනය සේවකයන්ට ගෙවිය යුතු සම්පූර්ණ අර්ථසාධක මුදල රුපියල් ලක්ෂ 3240 ඉක්මවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම්වල වර්තමාන අර්බුදය සම්බන්ධව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේබව කියා සිටියේය.

මාස 3ක සේවක අර්ථසාධක අරමුදලේ අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවද ඔහු කීවේය.

ආයතනය විසින් සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ඉකුත් වසරේ (2024) අගෝස්තු මාසයේදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත්, එම වසරේ නොවැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 10000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් ලක්ෂ 3000 ක්ද, සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 4000ක්ද ගෙවීමට ඇති බවද ඔහු කියා සිටියේය.

පැල්වත්ත සමාගමේ සේවකයන් 3795ක් සේවය කරන බවත්, දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

සෙවනගල සමාගමද ගොවීන්ට රුපියල් ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, රු. ලක්ෂ 150ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 1000ක්ද, රජයට වැට් බදු ලෙස රුපියල් ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සෙවනගල සීනි සමාගමේ සේවකයන් 1300ක් සේවයේ යෙදී සිටින බවත්, ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් එම සීනි සමාගමට සම්බන්ධවී සිටින බවත්, එම සමාගම විසින් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක්ද ගෙවීමට ඇති බවත් ඔහු කීවේය.

රික්ටර් මාපකයේ 8.0ක භූකම්පනයක් රුසියාවට

රුසියාවේ පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එය රික්ටර් මාපකයේ 8.0ක අගයක් සදහන්වූ භූකම්පනයක් බවයි වාර්තා වන්නේ.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.

භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

වී කිලෝ එකක් රුපියල් 90යි

පොළොන්නරුව මහවැලි බී කලාපයේ වී කිලෝවක් මිල රුපියල් 90ක් බව ගොවීන් චෝදනා කරයි. රජය වී කිලෝ එකකට සහතික මිලක් නියම නොකිරීම නිසා මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ අස්වැන්න අඩුමිලයට කොල්ල කමින් සිටින බවද ගොවීන් පවසයි.

පෙර පැවැති රජයන් සේම වර්තමාන රජයද තමන්ගේ අස්වැන්න අඩු මිළයට මහා පරිමාණ හාල් මෝල් හිමිකරුවන්ට ලබා ගැනීමට ඉඩ සලසා බලා සිටීම අසාධාරණ ක්‍රියාවක් බවත් තමන්ට පොහොර සහනාධාරය ලබාදීමේ සිටම රජය මගින් කලේ අසාධාරණකම් බවද ගොවීන් පවසයි.

ඉන්දියාවේ අනතුරකින් 18 දෙනෙක් මරුට

ඉන්දියාවේ ජමුනියා වනාන්තරය අසල බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර තිබේ.

අද රෑ 12ට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් කැදවා ඇති බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව ප්‍රකාශ කරයි.

ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක නොවූ බව සදහන් කරන චන්දන වියන්දූව අවධාරණය කරන්නේ එකී ඉල්ලීම් දිනා ගැනීම සදහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඇමරිකාවේ වෙඩි තැබීමක් 05 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

හිටපු නාවික හමුදාපති CID අත්තඩංගුවට

පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

නාමල්ට වැඩ වරදී අත්තඩංගුවට ගන්නැයි නියෝග

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්තඩංගුවට ගැනීම සදහා අද වරෙන්තුවක් නිකුත් කලේය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයට නොපැමිණීම නිසා මන්ත්‍රීවරයා අත්තඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පොලීසිය තහවුරු කලහ.

අද උදෑසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සදහන් කල අතර ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින බලා ගමන්කල ගුවන් යානයේම නාමල් රාජපක්ෂ මහතාද ගමන් කල බවයි.

හොර තානාපති කාර්යාලයක් මීගමුවෙන් මතුවෙයි

මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය යුරෝපය ඇතුළු රටවල් රැසක වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කරන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලා ඇත.

මෙම වැටලීමේදී ව්‍යාජ ලෙස සැකසූ ලියවිලි සමඟ රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක මුදලක් සහ කිලෝ එකහාමාරක් බරැති රන් භාණ්ඩ සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

විවිධ රටවල වීසා අච්චු 05ක්, වීසා බලපත්‍ර සඳහා අන්තර්ගත කළ යුතු රටවල් කිහිපයකට අයත් එම්බෝස් මුද්‍රා 12ක්, ව්‍යාජ වීසා බලපත්‍ර ඇතුළත් කළ විදෙස් ගමන් බලපත්‍ර පිටු 11ක්, මෙරට විදෙස් ගමන් බලපත්‍ර 10ක්, බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක්, විවිධ රටවලට අයත් වීසා ස්ටිකර් 312ක් ඇතුළු රටවල් රැසකට අයත් වීසා බලපත්‍රවලට අදාල ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා අනාවරණය කළේය.

Add to cart