ජනපති වෙලානාට ළඟා වෙයි

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වේ.

PMD

නව නිර්දේශ 100ක් සමඟ මැතිවරණ ප්‍රතිසංස්කරණයක්

ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියල්ලන්ගේ සහභාගීත්වයෙන් කඩිනමින් කළ යුතු මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවක් ලබන මස මුල ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

සිදුකළ යුතු මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ 100ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් කඩිනමින් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කවරේද යන්න පිළිබඳ මූලික සාකච්ඡාවක් ලබන මස පැවැත්වෙන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල්) සංවිධානය සඳහන් කරයි.

බොරැල්ල අනතුරක් අයෙක් මරුට 05කට තුවාල

බොරැල්ල, කනත්ත හන්දියේ අද උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ බේස්ලයින් මාර්ගය හා අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතී. විකල්ප මාර්ග භාවිතාකරන ලෙස රථවාහන පොලීසිය රියැදුරුන්ගෙන් ඉල්ලා සිටී

විස්තර සහ ඡායාරූප

රහුල් රණතුංග

 

අසිරිමලේට නැවත ආරක්ෂාව

අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශාභිධාන නාහිමියන්ට නැවත ඇමැති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබා දී තිබේ.

අරිසිමලේ හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැන සමාජ මාධ්‍ය ජාලාවල ද බෙහෙවින් ප්‍රචාරය වූ අතරදෙමළ හා මුස්ලිම් අන්තවාදී බලවේගයන්ගෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් තමන් වහන්සේ මෙම ප්‍රදේශයේම වැඩ සිටීම ගැන වෛරයෙන් පසුවන පිරිසක් නිසා තමන්ට ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

මීට සති කිහිපයකට පෙර භාවනානුයෝගීව වැඩ සිටි ස්වාමින් වහන්සේ නමක ද අතුරුදන්ව ඇති බවත් හමුදාවේ භට පිරිස් සෝදිසි මෙහෙයුම් සිදු කළ ද උන්වහන්සේ ගැන කිසිදු තොරතුරක් නැති බවත් නාහිමියෝ පවසති.

ලොකු දොස්තරලා 50කට ආණ්ඩුව පිටුපායි

පසුගිය සමයේ රට හැරගිය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කළත් ඔවුන් සේවය හැරගියා සේ සලකා එම ඉල්ලීම් බැහැර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන නිරීක්ෂණ කැඳවීම්වලදී යළි සේවය ඉල්ලා සිටි වෛදවරුන්ට දැනුම් දී ඇත්තේ, මේ වනවිට රට තුළ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛදවරුන් අනුමත සංඛ්‍යාව ද ඉක්මවා සිටින බැවින් අදාළ අනුයුක්ත කිරීම සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දුෂ්කර වී ඇති බවයි.

මෙලෙස ආපසු සේවයට එක්වීමට ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව 50ක් පමන වන බවද වාර්තා වේ.

රුපියල තවත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සතිය අවසානයේ 3% ක අගයක් සටහවූ රුපියල ජූලි 26 වන විට 3.1% දක්වා අවප්‍රමාණය වී ඇත.

කළු සල්ලි නිසා ලංකාවට උසස් වීමක්

කළු සල්ලි සුදු කරන රටවල් සම්බන්ධයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 80 වැනි ස්ථානයට පත්ව ඇත. ජාත්යාන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකොට ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අනාවරණය කළේය.

මෙම ශ්‍රේණිගත කිරීමට ලෝකයේ රටවල් 164 ක් යොදාගෙන ඇත. එම ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව නිකුත් කළ මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝක ආර්ථිකයේ සංසරණය වන මුදල්වලින් 2% ත් 5% ත් අතර මුදලක් කළු සල්ලි බවද සඳහන්ය.

එසේම කළු සල්ලි ජාවාරම සම්බන්ධව ඉහළම අවදානම ඇති රට ලෙස වාර්තා වන්නේ හයිටි දේශයයි. එහි අවදානම් ශ්‍රේණිය 8.25% කි. අඩුම අවදානම ලෙස ඇති රට ලෙස වාර්තා වන්නේ අයිස්ලන්තයයි.

එහි අවදානම් ශ්‍රේණිය 1.17% කි. මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවදානම් ශ්‍රේණිය 5.28% කි.

විශ්‍රාමිකයන්ගෙන් ආණ්ඩුවට දොස්

රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය මගින් විශ්‍රාම ගැන්වූ පිරිසට හිමිවිය යුතු 90%ක වැටුප් ප්‍රතිශතය වසර විස්සක් තිස්සේ ලැබී නැතැයි රා.පරි.ච. අංක 44/90 විධිවිධාන අනුව විශ්‍රාම ගැන්වූවන්ගේ සංවිධානය කියා සිටියි.

1991.01.01 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පිරිසක් 2004 වර්ෂයේ සිට මෙම ගැටලුවට මුහුණ දී සිටින බව එහි පරිපාලන ලේකම් ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

චක්‍රලේඛ අංක 06/2004, 2/2006, 16/2015, 14/2019(ඊ චක්‍රලේඛ යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ වැටුප් ප්‍රතිශත මගින් මෙම විශ්‍රාමිකයන්ගේ වැටුප් හිමිකම 80%ක් දක්වා අඩුකර ඇතැයි පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

1990.10.18 දිනැති රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය යටතේ 1991.01.01 දින සිට 2003.12.31 දක්වා මෙම විශ්‍රාමිකයන්ට 90% ප්‍රතිශතයකට වැටුප් හිමිවූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දස වසරක සේවා කාලයක් සපුරා හා එහෙත් විසි වසරක සේවා කාලයක් සපුරා නොමැති විශ්‍රාමිකයන්ට 44/90 චක්‍රලේඛයෙහි විධිවිධාන හා නියමයන් අනුව අවසන් වරට ලබා සිටි මාසික වැටුපෙන් 90%ක ප්‍රතිශතකට හිමිකමක් ඇතැයි ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් 2004 වසරේ සිට පැවති සෑම රජයක ම වගකිවයුතු නිලධාරීන්ට ලිපි 120කට වඩා යවා ඇතත් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

වත්මන් රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායකට 2025.04.19 සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2025.04.26 දින ලිපි යවා මේ පිළිබඳ ඉල්ලීම් කළ බවද පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර, විශ්‍රාම වැටුප් යාවත්කාලීන කිරීමේදී එම ප්‍රතිලාභ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 44/90 යටතේ විශ්‍රාම ගත් නිලධාරීන්ට ද අදාළ කර ගනිමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර තිබෙන බවත් එම අවස්ථාවලදී ඊට අදාළ චක්‍රලේඛයන්හි පොදු විධිවිධාන විශ්‍රාම ගිය නිලධාරීන් සියලු දෙනාට එක සේ අදාළ කර නොගැනීම තුළ ගැටලු ඇති විය හැකි බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම තුළ විශ්‍රාමික වැටුප් ඉහළ ගොස් ඇති බැවින් විශ්‍රාමිකයන්ට අවාසිදායක තත්ත්වයක් ඇතැයි නිරීක්ෂණය නොවන බව ද එම අමාත්‍යාංශය කියා සිටියි.

2026 අයවැයට IMF කොන්දේසි

2026 අයවැය සකස් කිරීමේදී මෙරට රජය අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකලයුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී එවන් පැපජෝජියෝ පවසයි.

රජයේ ආදායම ඉහළ දැමීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කලයුතු බවත් බදු ආදායම ඉහළ දැමීම සදහා මෙන්ම බදු අයකරගන්නා පුද්ගලයින් සංඛ්‍යාව වැඩිකරලීම සදහාත් අවධානය යොමුවීම අනිවාර්යක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද කටයුතු කර ඇති කීර්තිමත් නිළධාරියෙකි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් එම ධූරයේ වැඩ භාර ගත් බවයි.

Add to cart