රාජිතගේ අපේක්ෂිත ඇප අගෝස්තු 07 කැඳවයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකල පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභා කරමින් ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය වෙත ගොනුකල ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට අද තීරණය කෙරිණ.

අගෝස්තු මස 07 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය දැනුම් දෙනු ලැබීය.

ආයෝජන ගැන හොයන්න ජපානයෙන් දූතයින් එයි

ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.

පී.දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍ය පී. දයාරත්න ජීවිතක්ෂයට පත්ව තිබේ.එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කළ දයාරත්න අමාත්‍යවරයා මියයන විට 89 වෙනි වියෙහි පසුවිය.

1936 ඔක්තෝබර් 1 උපත ලබා ඇති ඔහු ඔහු 1977 මහ මැතිවරණයෙන් අම්පාර ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1994, 2000, 2001, 2004 සහ 2010 වසරවලදී ද නැවත තේරී පත් වුණා.

ජනපති අනුර සඳුදා මාලදිවයිනට

මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසුගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 28 වැනි සඳුදා මාලදිවයින සංචාරයක නිරතවීමට නියමිතය.

ජනාධිපතිවරයා සහභාගීවන සම්මන්ත්‍රණයට ලියාපචිංචි වන ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයින් සදහා QR කේතයක් සහිත ආරාධනා පත්‍රයක් යොමුකොට ඇත.

නුවර ඇසළ මංග­ල්‍යය අද ඇරඹේ

නාථ, විෂ්ණු, කත­ර­ගම හා පත්තිනි යන සිවු මහා දේවා­ල­යන්හි කප් සිටූවීමෙන් මහනුවර ඇසළ මංගල්‍යය අද ආරම්භවේ. අද පස්වරු 6.05ට යෙදෙනෙ සුබ මොහොතින් මෙම කප් සිටිවීම සිදුකිරීමට නියමිතය.

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ ප්‍රථම කුඹල් පෙර­හර 30 දින රාත්‍රියේ වීදි සංචා­රය කරයි. කුඹල් පෙර­හර දින 05ක් වීදි සංචා­රය කිරී­මෙන් පසු රන්දෝලි පෙර­හර අගෝස්තු මස 04 වැනි දින වීදි සංචා­රය ආරම්භ කරන බව දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පව­සයි.

අව­සන් රන්දෝලි මහ පෙර­හර 08 වන දින රාත්‍රියේ වීදි සංචා­රය කිරී­මෙන් පසු පෙර­හර කර­ඬුව ආදා­හන මළුව ගෙඩිගේ රජ­මහා විහා­ර­ස්ථා­නයේ තැන්පත් කෙරෙයි.

අන­තු­රුව සිවු මහා දේවාල පෙර­හර ගැටඹේ තොට වෙත ගමන් කර දිය­කැ­පුම් මංග­ල්‍යය සිදු කිරී­මෙන් පසු 09 දින දහ­වල් පෙර­හර පවත්වා මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය නිමා­වට පත් කරන බව නිලංග දෑල මහතා පව­සයි.

රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් මරුට

ලොව ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය. උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.

ශ්‍රී ලංකා එංගලන්ත තරඟ කාලසටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා 2026 සැප්තැම්බර් එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරගාවලියට විස්සයි විස්ස සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් වේ. සවුත්හැම්ප්ටන්, කාඩිෆ් සහ මැන්චෙස්ටර් හිදී පිළිවෙළින් සැප්තැම්බර් 15, 17 සහ 19 දිනවල විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිත‍ය. අනතුරුව සැප්තැම්බර් 22, 24 සහ 27 දිනවලට යෙදී ඇති එක්දින තරග ඩර්හැම්, ලීඩ්ස් සහ ලන්ඩන්වලදී පැවැත්වෙනු ඇත.

 

 

 

දෙහිවල වෙඩික්කරු STF වෙඩිල්ලෙන් මරුට

පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. මෙම පුද්ගලයා පසුගිය 18වනදා උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩිතැබීමක් සිදුකල වෙඩික්කරු බවට හදුනාගෙන ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.

ප්‍රේම් ගේ ඝාතනයට ජවිපෙ වෙනුවෙන් නන්දන නිර්මලාගෙන් සමාව ඉල්ලයි

 

ප්‍රේම කීර්ති ද අල්විස් ගේ බිරිඳ නිර්මලා ද අල්විස් පෙරේදා (22) අභාවප්‍රාප්ත වූවාය . ෆ්‍රේම් නොවූ ප්‍රේම් හට ජීවත්ව සිටි කාලයේ ප්‍රාණසම බිරිඳක් වූ ඇය කලක් ගිලන්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය .

නිර්මලාගේ පුතණුවන් වන පූර්ණ ද අල්විස් විසින් නිර්මලාගේ දේහයේ පින්තූරයක් සමග තැබූ සටහනකට ජවිපේ පැරණිතම සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මෙසේ සටහනක් එක් කොට තිබේ .

” සමස්ත ව්‍යාපාරය වෙනුවෙන් – කිසි විටෙක දිය නොහැකි සමාව නිර්මලා මා ඔබෙන් ඉල්ලා සිටිමි.
එම සිදුවීමට අංශු මාත්‍රයකිනුදු මා පෞද්ගලිකව සම්බන්ධ නැත.
එහෙත් එදා ඒ අමනෝඳ තීරණ ගත් එම ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයන්ව අප කටයුතු කළෙමු .
එය එසේ වූ බව ඔබේ පුත්‍රයා මගින් ඔබට ඒත්තු ගන්වන්නට මා කෙතෙක් උත්සාහ දැරුවත් අවාසනාවකට ඔබ නික්ම ගියේ ඒ වසන් කල සත්‍යය තේරුම් ගත නොහැකිවය .
වරක් කිඳෙල්පිටිය විහාරයේ පැවති සමරුවකට ඔබේ පුත්‍රයාගෙන් මට ද ආරාධනා ලැබුණු විට මා එහි ආවේ මැඩගත නොහැකි වරදකාරී හැඟීමක් සහිතව බව සිහිපත් වේ ..
ඔබව අවසන්වර දැකගන්නට ගෞරවය දක්වන්නට ඔබේ දෙන අසලට පැමිණෙන්නට මගේ දෙපා පැකිලේ ..
බලහත්කාරයෙන් ජීවිතය පැහැරගනු ලැබූ ස්වාමිපුරුශයකුගේ ආදරයද , වියෝ දුකද , බර ද උහුලමින් පූර්ණට යහපතම කියාදුන් මවක ලෙස ඔබ මේ වන විටද මුළුමහත් සමාජයේම ගෞරවය දිනා අවසන් ය .. !!!
ඔබ වැනි මව්වරුන් දසදහස් ගණනක් උතුරේද දකුණේද තම පවුල්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් පොරබැදූ බව , අඛණ්ඩව පොරබදිමින් ඉන්නා බව මේ මොහොතේ ඔබටද ඔවුනටද ගෞරවයක් ලෙස සටහන් කරමි ..
දැන් කල හැකි කිසිවක්ම නැත ..
ඔබට ඔබ පැතූ අරමුණු ඉටු වේවා ..!!! ”

ඇතැම් විට මේ නිර්මලා සුවසේ නිදන්නේ සිය සැමියාගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ නිදහසේ හුස්ම ගනිමින් හිඳින අවකාශයක විය හැක . සත්‍ය යටගැසූ දේශපාලන ද්‍රෝහීන් මුලු රටක බලය අල්ලාගත් අවස්ථාවක විය හැක . සැබවින්ම නිර්මලා මේ නිදන්නේ ප්‍රේම්ගේ ඝාතකයින් ඇයව දේශපාලන වේදිකාවක සුබසාධනය උදෙසා අමු අමුවේ අවභාවිතා කළ කාලාන්තරයකට පසුවය . නිර්මලා පැතූ ප්‍රේමය අහිමි වී ගිය යුග ගණනකට පසු නැවත ඈ හට ප්‍රේමයේ කීර්තිය සොයාගන්නට හැකි වේවා යි පතමු !

ජනපති පාර්ලිමේන්තුවට

ජනපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිටී

https://www.facebook.com/SriLankanParliament/videos/1253889002945438

Add to cart