ඊශ්‍රායල් හමුදාවෙන් දරුණු ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
මෙම ප්‍රහාරය ඉලක්ක කරගෙන ඇත්තේ එම නගරයේ සන්නද්ධ කල්ලි බවයි තවදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය මඟින් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් සහ පලස්තීනුවන් හත් දෙනෙක් මියගොස් ඇති අතර හමාස් ,ෆාටා ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් මෙහි ක්‍රියාත්මක බව ද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනාධිපතිවරණය නියමිත දවසට පැවැත්වේ.

මෙම වසරේ නියමිත කාලසීමාව වන විට ජනාධිපතිවරණය පවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ අද (22) පැවති කැබිනට් රැස්වීමේදීය. ඒ අනුව මෙයට මුදල් වෙන්කර ඇති බව ජනාධිපතිවරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ප්‍රභල වන වර්ෂාවෙන් ගංවතුර අනතුරු ඇඟවීම් ද ප්‍රභල වේ


ශ්‍රී ලංකාව තුළ ගංවතුර අනතුරු ඇඟවීම් කීපයක්ම දක්වා තිබේ. ඒ අතර අත්තනගල්ල ප්‍රදේශයේ අත්තනගලු ඔය ද්‍රෝණිය හා කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රොණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම පැය 24කින් දීර්ඝ කර තිබෙන බවට වාර්තා වේ.
මෙහිදී වාරි මාර්ග දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා එනම් හෙට (25) රාත්‍රී 9 දක්වා දීර්ඝ කළ බවයි. මෙම තත්වය තව දුරටත් උඝ්‍ර වන බැවින් ඒ ගැන දැඩි සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇත. එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇති බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

පවතින සුළං සහිත වැසි තත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තව දුරටත් තද වැසි හා සුළං තත්වයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ වාර්තා වල සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

මැතිසභයේ අලුත් අනංගයා

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇති බවට පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් ආරම්භ වී ඇති බව වාර්තා වේ,

මේම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත් අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත් ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇත.
ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද වැඩිදුරටත් ආරංචි මාර්ග සදහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනේ


යුරෝපා අභ්‍යවකාශ තාරකා විද්‍යාඥයෝ විසින් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහයක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
‘ග්ලීස් 12 බී’ යනුවෙන් යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත.
ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙන මෙම ග්‍රහයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන් පවසයි.
මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

යුපුන්ට තවත් ජයක්

ඊයේ (24) දින ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර යුපුන්ගේ එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart