Vitz කාර් නෙමෙයි බර කරත්තයක් වත් ගන්න බෑ මහ බැංකුව Leasing පහසුකම් අඩුකරයි

මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ උපරිම ‘ණයට – වටිනාකම අනුපාතය’ (LTV) වෙනස් කරමින් නව රෙගුලාසි මාලාවක් එළිදක්වා ඇත. මෙම නව නීති මගින් මීට පෙර පැවති LTV කාණ්ඩ හතර වෙනුවට ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ උපරිම ලීසිං ප්‍රතිශතය අඩු කර තිබීම විශේෂත්වයකි.

සංශෝධිත LTV සීමාවන් වාහන වර්ගය අනුව පහත පරිදි වෙන් කර ඇත.

වාණිජ වාහන (Commercial Vehicles): 70%
පුද්ගලික වාහන (Private Vehicles): 50% (කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පුද්ගලික භාවිත වාහන මෙයට ඇතුළත් වේ)
මෙම නවතම සංශෝධනයට පෙර, එනම් පසුගිය ජූලි මාසයේදී, මහ බැංකුව විසින් වෙනම LTV කාණ්ඩ හතරක් ප්‍රකාශයට පත් කර තිබුණි. නව නීති මගින් එම කාණ්ඩ සැලකිය යුතු ලෙස සරල කර ඇත.

පෙර පැවති සීමාවන් නව සීමාවන් සමඟ සංසන්දනය කිරීමේදී, LTV අනුපාතය පහත පරිදි අඩු වී ඇත.

වාණිජ වාහන සඳහා වූ LTV අනුපාතය 80% සිට 70% දක්වා පහළ දමා තිබේ.
පුද්ගලික වාහන (කාර්/වෑන්) සඳහා වූ LTV අනුපාතය 60% සිට 50% දක්වා අඩු කර තිබේ.
පෙර 50% සහ 70% ලෙස පැවති ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික භාවිත වාහන සඳහා වූ LTV අනුපාතය දැන් 50% දක්වා අඩු වී ඇත.
මෙම ක්‍රියාමාර්ගය හරහා, මූල්‍ය ආයතන මගින් වාහන සඳහා ණය ලබාදීමේදී වඩාත් සංවිධානාත්මක හා විචක්ෂණශීලී ණය ප්‍රමිතීන් තහවුරු කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.

වෙළඳපොළට ඇති විය හැකි බලපෑම්

1. වාහන සඳහා ඉල්ලුම අඩු වීම (Dampened Demand)

අත්තිකාරම් ගෙවීම් වැඩිවීම: LTV අනුපාතය අඩු කිරීම යනු, වාහනයක් ලීසිං කිරීමට හෝ ණයට ගැනීමට ගැණුම්කරුවන්ට වැඩි අත්පිට මුදලක් (Down Payment) ගෙවීමට සිදුවීමයි.

උදාහරණය: LTV 60% සිට 50% දක්වා අඩු වූ විට, රු. මිලියන 10ක වාහනයක් සඳහා පෙර රු. මිලියන 4ක් (40%) ගෙවීමට සිදු වූවාට වඩා දැන් රු. මිලියන 5ක් (50%) ගෙවීමට සිදු වේ.

ගැණුම්කරුවන් අධෛර්යමත් වීම: මෙම වැඩිවන අත්තිකාරම් මුදල් අවශ්‍යතාවය නිසා, විශේෂයෙන්ම සාමාන්‍ය ගැනුම්කරුවන් සහ කුඩා ව්‍යාපාර හිමියන් වාහන මිලදී ගැනීම ප්‍රමාද කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට ඉඩ ඇත.

වෙළඳපොළේ මන්දගාමීත්වය: සමස්තයක් ලෙස, වාහන අලෙවිය තවදුරටත් මන්දගාමී වීමට හෝ පහත වැටීමට මෙය හේතු විය හැක.

2. මූල්‍ය ආයතනවල ණය දීමේ ප්‍රවේශය (Lending Approach)

විචක්ෂණශීලී ණය ප්‍රමිතීන් (Prudent Lending): මෙම පියවරේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය ආයතන හරහා වාහන සඳහා ණය සැපයීමේදී වඩාත් සුසංයෝගී සහ විචක්ෂණශීලී ණය ප්‍රමිතීන් තහවුරු කිරීමයි.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය: ගැනුම්කරුගේ අවදානම අඩු කරන බැවින්, ණය පැහැර හැරීම් (Defaults) සහ නරක ණය (NPL) අනුපාත ඉහළ යාමේ අවදානම අඩු කිරීමට මෙය උපකාරී වේ. මෙය සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට වැදගත් වේ.

ආයෝජන අවදානම කළමනාකරණය: මූල්‍ය සමාගම්වලට වාහන ලීසිං මත ඇති අධික නිරාවරණය (Exposure) අඩු කර ගැනීමටත්, තම ණය කළඹේ තත්ත්වය වැඩිදියුණු කිරීමටත් මෙයින් අවස්ථාවක් ලැබේ.

3. වාහන වර්ග මත ඇතිවන බලපෑම

පුද්ගලික වාහන (Private Vehicles): කාර්, වෑන්, ත්‍රිරෝද රථ වැනි පුද්ගලික භාවිත වාහන සඳහා LTV 50% දක්වා අඩු කිරීමෙන්, මෙම කාණ්ඩයේ වාහන සඳහා වන ඉල්ලුමේ විශාලතම අඩු වීමක් දැකිය හැක. ත්‍රිරෝද රථ වැනි ආදායම් උපයන වාහන සඳහා ද 70% සිට 50% දක්වා අඩු වීම, ඒවා මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිස්වලට සෘජුවම බලපානු ඇත.

වාණිජ වාහන (Commercial Vehicles): 80% සිට 70% දක්වා අඩුවීමද ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වාහන මිලදී ගන්නා අයට බලපාන නමුත්, පුද්ගලික වාහනවලට සාපේක්ෂව LTV අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බැවින්, ව්‍යාපාරික කටයුතු සඳහා වන බලපෑම තරමක් අඩු විය හැක

ගංජා වවන්න ව්‍යවසායක කොල්ලන්ට අවසර ලැබෙන සුබ ආරංචියක්

මෙතෙක් විදේශීය සමාගම් සඳහා පමණක් සීමා වී තිබූ කංසා වගා ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා දේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා ආයෝජන මණ්ඩලය විසින් පනවා ඇති දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයින් තෝරාගෙන ඇති බවයි. මෙම මූලික ව්‍යාපෘතිය සඳහා ලැබුණු අයදුම්පත් 37ක් අතරින් සමාගම් හතක් පමණක් තෝරාගෙන තිබේ.

“මෙම මුල් අදියර යටතේ තෝරාගත් විදේශීය ආයෝජකයින් මේ වසරේ පසු භාගයේ දී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර, වගා කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. තෝරාගත් සමාගම් කිහිපයකට කංසා කොළ, මල් සහ ශාකයේ අනෙකුත් කොටස් අපනයනය කිරීම සඳහා දැනටමත් රජයේ අනුමැතිය හිමි වී තිබෙනවා.”

ඇතැම් කණ්ඩායම්වලින් විරෝධතා මතු වුවද, රජය මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව විජේමුණි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මීළඟ අදියරේ දී දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කරනු ඇතැයි රජය විශ්වාස කරයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මීරිගම පිහිටි ඹ්Oඓ හිමිකාරීත්වය දරන අක්කර 65ක භූමි භාගයක විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේ ය.

රජයේ මෙම තීරණය මඟින් රටට නව විදේශ විනිමය ගෙන ඒම සහ දේශීය කෘෂිකර්මාන්තයට නවෝත්පාදන අවස්ථා හඳුන්වා දීම අපේක්ෂා කෙරේ.

ගතවූ මාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක්

මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්‍රතිශතයකි.

මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් මෙරට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 36,431 ක් පමණ) මුදලක් වියදම් කර ඇති අතර වාහන ආනයනය වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

වාහන ආනයනයට වැඩිම මුදලක් වැයකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8682 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැයකර තිබිණි.

වාහන ආනයන වියදමට පෞද්ගලික වාහන මෙන්ම වාණිජ වාහන ආනයනය කිරීමට ගීය වියදමද ඇතුළත් වන බව දත්ත වාර්තා පෙන්වා දුන්නේය. මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක් වියදම් කර තිබූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 118 ක් මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් කර තිබිණි. එසේම ජූනි මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 163 ක මුදලක්ද, ජූලි මාසයේදී මෙරටට වාහන ආනයනය කිරීමට ඩොලර් මිලියන 193 ක මුදලක්ද වැයකර ඇත. පසුගිය අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 249 ක මුදලක් වියදම් කර තිබිණි.

ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක මුදලක් වැයකර තිබුණේය.

මූලාශ්‍රය – ලංකාදීප

හරිස්චන්ද්‍ර විකිණේ ධම්මිකට අයිතිවේ

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි 40%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීමට කටයුතු කර තිබේ.

හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාගේ ආයෝජන හස්තය වන Senthilverl Holdings (PVT) Ltd සතුව පැවති කොටස් 778,946 ක් එකක් රු. 3,300.00 ක් බැගින් මිල දී ගැනීමට ධම්මික පෙරේරා මහතා විසින් කටයුතු කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කර සිටී.

මෙය රු. බිලියන 2.57ක ගනුදෙනුවකි.

මෙය ධම්මික පෙරේරා මහතා විසින් මෙම වසරේ ව්‍යාපාර අත්පත් කර ගැනීමක් සිදුකළ සිව්වැනි අවස්ථාව වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේ ඔහුගේ ආයෝජන සමාගම වන වැලිබල් වන් හා අනුබද්ධ LB ෆිනෑන්ස් පීඑල්සී විසින් තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ Associated Motor Finance Company PLC සමාගමේ බහුතර කොටස් අයිතිය අත්පත් කර ගන්නා බව නිවේදනය කර තිබුණි.

මේ අතර 2025 වර්ෂය තුළ දී ධම්මික පෙරේරා, තවත් දැවැන්ත ව්‍යාපාර අත්පත් කර ගැනීම් දෙකකට මුලපිරූ අතර එහිදී ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ වැලිබල් ත්‍රී සමාගමේ එක්වීම කැපීපෙනේ.

මීට අමතර 2025 ජූලි 08 දා EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ද ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා කටයුතු කළේය.

ඒ වෙනුවෙන් රු. බිලියන 3.23ක් ඔහු විසින් ආයෝජනය කර තිබුණි.

බදු ක්‍රමයේ වෙනසක් වාහන මිල ඉහළට ?

ඉදිරි අයවැය ඉලක්ක කර ගණිමින් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

බදු සංශෝධනයෙන් වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි යම් බලපෑමක් එල්ල වීමට හැකියාවක් පවතින බව පෙන්වාදෙන වාහන ආනයකරුවන් සදහන් කරන්නේ මේ මොහොත වන විට, තෙවැනි රටක ණයවර ලිපි හරහා ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ රඳවා තබාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වෙමින් පවතින බවයි.

මෙම නඩු විභාගවල ප්‍රතිඵලයක් ලෙස රජය සහ ආනයනකරුවන් අතර යම් එකඟතාවන් ඇති වීමට ඉඩකඩ ඇත.

තෙවැනි පාර්ශ්වයේ ණයවර ලිපි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම මෙන්ම, රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කරගැනීම සඳහා වන නඩුකරවලදී ඇති කරගනු ලබන එකඟතා මත පදනම්ව, ඉදිරියේදී වාහන ආනයන බදු ව්‍යුහය වෙනස් වනු ඇතැයි ආනයනකරුවෝ විශ්වාස කරති.

 

ධම්මික බිලියන 5.5කට කොමර්ෂල් කොටස් විකුණයි

සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ දින කොමර්ෂල් බැංකුවේ තම කොටස් රුපියල් බිලියන 5.5 කට විකුණා දමා තිබේ.

වෙළඳපොළේදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් මිලියන 26.55 ක් කොටසකට රුපියල් 195 බැගින් හුවමාරු 39 ක් හරහා මෙසේ සිදු විය.

සමස්තයක් වශයෙන්, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 29 ක් රුපියල් බිලියන 5.68 කට හුවමාරු වූ අතර එය, අති විශාල මුදලින් 43% කි. කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස අවසන් වූයේ රුපියල් 203.25 කින් වන අතර එය 3% කින් හෙවත් රුපියල් 6.25 කින් ඉහළ යාමකි.

කොමර්ෂල් බැංකුවෙ හි මෙම කොටස ධම්මික පෙරේරා මහතාගේ මූලික (ස්ට්‍රටෙගිc) ආයෝජන වලින් එකක් නොවන අතර, එය ඔහුගේ වෙළෙඳ (ට්‍රඩින්ග්) ආයෝජන වලින් කොටසකි.

ජුනි මාසය අවසන් වන විට, ධම්මික පෙරේරා සතුව ඡන්ද හිමි කොටස් මිලියන 39,226,489 ක් තිබූ අතර එය 2.5% ක කොටස් ප්‍රමාණයක් වන අතර 11 වන විශාලතම කොටස් හිමියා ද ඔහු විය. පසුගිය වසර අවසානයේ ධම්මික 8 වන විශාලතම කොටස් හිමිකරුවා වූ අතර එහි කොටස් ප්‍රමාණයෙන් 3.66% ක් වූ අතර එය ඡන්ද හිමි කොටස් මිලියන 55.2 කි.

හෙට සිට බීඩියක් රුපියල් 05කින් ඉහළට

බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යාම සිදුවේ.

අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැතිණි.

බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පැවසීය.

බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව පැවසූ එම සංගමය, රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.

බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන ⁣’තෙන්දුකොළ’ හෙවත් බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්ව සිටීම නිසා බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට හෙට (10) සිට බීඩි අළෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය පැවසීය.

බීඩිකොළ සම්බන්ධයෙන් පවතින නීති විරෝධී තත්වය මගහරවා ගැනීමට මැදිහත් වන ලෙස වර්තමාන රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

වසන්තගෙන් යළි කරළියට ආ CryptoCurrency

ඩිජිටල් තාක්ෂණය දියුණු වීමත් සමඟම, ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) පිළිබඳව ඔබට අසන්නට ලැබෙනවා. අද වන විට සමාජ මාධ්‍ය හරහා ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කිරීම, ඒ සම්බන්ධයෙන් වන වෙළඳාම් (trading), සහ පුහුණු වැඩසටහන් බහුලව දක්නට ලැබෙනවා. මේ අතර, Statista ආයතනය පුරෝකථනය කරන්නේ 2025 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් වත්කම් වෙළඳපොළ ඇමරිකානු ඩොලර් මිලියන 62.6ක ආදායමක් ලබනු ඇති බවයි.

මෙවැනි පසුබිමක් තුළ, ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල්වල නීත්‍යානුකූල තත්ත්වය සහ ආයෝජනයේ අවදානම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්.

ක්‍රිප්ටෝ මුදල් යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ක්‍රිප්ටෝ මුදල් යනු රටක මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පෞද්ගලිකව ජනනය කරන ලද, අතථ්‍ය මුදල් වර්ගයක්. මේවා ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි තාක්ෂණික ක්‍රම මගින් ක්‍රියාත්මක වන ඩිජිටල් වත්කම්.

බොහෝ දෙනා විශ්වාස කළත්, ක්‍රිප්ටෝ මුදල් භෞතිකව පරිහරණය කළ නොහැකියි. ඒවා එදිනෙදා භාවිත කරන මුදල් මෙන් ගනුදෙනු සඳහා භාවිත නොකරන අතර අන්තර්ජාලය හරහා පමණක් ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. Bitcoin (BTC), Ethereum (ETH), Tether (USDT), Binance Coin (BNB) සහ USD Coin (USDC) යනු මේ සඳහා උදාහරණ කිහිපයක්.

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල තත්ත්වය

ලෝකයේ බොහෝ රටවල්, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් ඒකකයක් ලෙස පිළිගන්නා අතර, ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට වෙනස්.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් (Legal Tender) ලෙස හෝ පිළිගත් වත්කමක් ලෙස නොසලකන බවයි. එමෙන්ම, ඒවා භාවිතය සඳහා මෙරට තුළ කිසිදු නියාමන ආරක්ෂාවක් පවතින්නේ නැහැ.

විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා හර කාඩ්පත් (Debit Cards) හෝ ණය කාඩ්පත් (Credit Cards) වැනි ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම භාවිත කිරීමට ද අවසර නැහැ.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙනුයි. එසේම, මෙම ක්‍රිප්ටෝ මුදල් මුදල් විශුද්ධිකරණය (money laundering) වැනි නීති විරෝධී කටයුතු සඳහා බහුලව භාවිත වන බව ද ඔහු පෙන්වා දුන්නා.

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනයේ අවදානම්

ක්‍රිප්ටෝ මුදල් යනු ඉතා ඉහළ අවදානමක් සහිත, අස්ථාවර වත්කමක්. බොහෝ අවස්ථාවල ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යෑම සහ පහළ යෑම සිදු විය හැකි අතර, මෙය ආයෝජකයන්ට විශාල මූල්‍ය පාඩු ඇති කිරීමට හේතු විය හැකියි.

මහ බැංකුව අවස්ථා කිහිපයකදී ම මේ පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවූවා. “ක්‍රිප්ටෝකරන්සිවල ආයෝජනය කරපු අයට මේක අඩු වැඩි වීම නිසා තමන්ගේ මුදල් නැති වෙලා තියෙනවා. වංචාවලට අහුවෙලා තියෙනවා,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

වංචනික ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ද බහුලව දක්නට ලැබෙනවා. අධික ලාභ පොරොන්දු වී මුදල් ලබා ගැනීම, වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමට පොළඹවා ගැනීම වැනි ක්‍රියාවන් මේ අතර ප්‍රධානයි.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ කිසිදු ක්‍රියාවක් සඳහා, එනම් මුදල් ජනනය කිරීම (mining), හුවමාරුව (exchange), තැන්පතු භාර ගැනීම හෝ ආයෝජන උපදේශන සේවා සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නැහැ.

මෙවැනි නීත්‍යානුකූල සහ මූල්‍යමය අවදානම් මධ්‍යයේ වුවත්, සමහර පුද්ගලයන්, දේශපාලඥයන් පවා, ක්‍රිප්ටෝ මුදල්වලින් උපයාගත් ආදායම් වත්කම් ලෙස ප්‍රකාශ කිරීම වැනි සිදුවීම් අපට දැකගත හැකියි. මේ නිසා, ක්‍රිප්ටෝ ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම වැදගත්.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියේ පල වූ ලිපියක කරුණු ඇසුරිනි.

මුදල් විශුද්ධිකරණයට ගන්න ක්‍රිප්ටෝ නීති විරෝධියි

ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම ඩිජිටල් වත්කම් ක්‍රියාත්මක වන්නේ ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි නවීන ක්‍රමවේද හරහාය. ඒවා සාමාන්‍යයෙන් භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා භාවිත කළ නොහැකි වුවත්, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ගෙවීම් සඳහා යොදා ගත හැකිය.

මහ බැංකුව නිරීක්ෂණය කර ඇති ආකාරයට, ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් මෑතකාලීනව වාර්තා වූ පැමිණිලිවලින් පෙනී යන්නේ, මෙවැනි ආයෝජන නිසා විශාල වශයෙන් මූල්‍ය පාඩු සිදුව ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී මේවා වංචනික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

ලෝකයේ බොහෝ රටවල්, උදාහරණයක් ලෙස ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවල්, ක්‍රිප්ටෝ මුදල් යම්තාක් දුරකට නියාමනය කර තිබුණත්, ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

මහ බැංකුව අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල මුදල් ලෙස පිළි නොගන්නා බවත්, ඒවා භාවිතය සඳහා කිසිදු නියාමන ආරක්ෂාවක් නොමැති බවත්ය. ඒ අනුව, ක්‍රිප්ටෝ මුදල් නියාමනය නොවන ආයෝජන උපකරණයක් ලෙස සලකනු ලබයි.

තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කළ නියෝගයකට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම ද තහනම්ය. මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන අතර, ජාතික මූල්‍ය පද්ධතියට අහිතකර ලෙස බලපාමින් විදේශ විනිමය අහිමි වීමට ද හේතු විය හැකි බවයි.

මීට පෙර අවස්ථාවක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය රුපියල බවත්, නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් බහුලව භාවිත වන බවට තොරතුරු පවතින බවත්ය.

ලාංකිකයින්ට අලුතෙන්ම කැසිනෝ ගාස්තුවක්

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පිණිස 2025 අයවැය යෝජනා මඟින් පහතසඳහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.

* දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම.

* ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළු වීමේ බද්ද ඇමෙරිකානු ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නැංවීම.

ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇත.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Add to cart