ඡන්ද උණුසුම මැද තවත් සජබයක් කරළියට

අද සිට(27) සර්ව ජන බලය නමින් නව ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසා ඇත.එ අනූව එක්ව නංවන රටක් සතුටු පිරුණු දැයක් යන පාඨය තේමා කරගනිමින් මෙම සන්ධානය පිහිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන්ය.

ඒ අනුව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී.බී.ඩී තිලකසිරි මහතා , ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා යන මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම සන්ධානය වෙනුවෙන් අත්සන් තැබීම සිදුකර ඇත.

ඒ අනූව මීට අදාල ලිඛිත ගිවිසුම අද (27) කොළඹදී අත්සන් තැබූ බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජල මට්ටම් ගැන අවධානයෙන්

කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය ඇතුළු ගංගාවන් අද (27) උදෑසන වන විට ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අද උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ.ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද තත්පරයට ඝන අඩි 80ක පමණ ධාරිතාවයකින් ජලය මුදාහරින ලෙස විවෘත කර තිබෙන අතර ඒ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යා හැකිය. එම නිසාවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වැඩි දුරටත් දැනුම්දෙයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

T20 ලෝක කුසලානයේ පුහුණු තරග අද ආරම්භ වෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (27) ආරම්භ වේ.
ඒ අනුව පළමු පුහුණු තරගය ලෙස කැනඩා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතයි.
එසේම ඕමාන කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) මධ්‍යම රාත්‍රී 12.30 ට ආරම්භ වන අතර,
නැමීබියා කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර පැවැත්වෙන තවත් පුහුණු තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) අලුයම 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

උසස් පෙළ ප්‍රතිඵල සති අන්තයේ

විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා ඇත්තේ මෙම සති අන්තය වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.

ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කල්ගිය නිසා ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූ බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

රජරටෙන් ඇරඹුණු පොදු ජන පෙරමුණේ මංගල සමුළුව


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයෙන් ආරම්භ කෙරුණි. එහි තේමාව වී ඇත්තේ “සටන අරඹමු රජරටෙන්” යන්නයි. මෙම අවස්ථාවට පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක් වී සිටියහ.

එම සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බව ත් ආණ්ඩුව තුළ ම විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව ද ප්‍රකාශ කොට ඇත. ඒ මහතා ඒ අවස්ථාවේදී ආණ්ඩුව ඇතුළෙන් එදින එම කුමන්ත්‍රණය ගොඩනැගුණු බවත් ඒ වගේම ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක් විදියට යහපාලන ආණ්ඩුව ගොඩනැගුණු බවත් ප්‍රකාශ කොට ඇත. ඒ වගේම මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරදීපූ ආණ්ඩුව නොවන බවත් එය වැටිච්ච් ආණ්ඩුවක් බවත් මෙහිදී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

එදින මෙහි විශේෂත්වයක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවතුනද ඔහු සමුළුව අමතා කතා නොකිරීමයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

විපක්ෂයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකු තායිලන්තයට

අද අළුයම තායිලන්තය බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ යුක්‍රේන යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගනිමින් ඔවුන් ලංකාවට රැගෙන ඒම සඳහා එම රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසීමට මෙන් ම තෙවන පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ.

එරටට ගොස් මන්ත්‍රී පිරිස වන්නේ නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මහතා ඇතුළු කණ්ඩායම බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

හිටපු ජනපති මෛත්‍රීපාල පාර්ශවය වෙනත් ස්ථානයක් සොයා යයි.


පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් වෙනත් ස්ථානයක සිට පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ස්ථිර ස්ථානයක සිය දේශපාලන කටයුතු හා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ඔවුන් සදහන් කරන අතර නව දේශපාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart