වතු කම්කරු වැටුප් පිළිබඳ අතුරු නියෝගයක්

කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව , සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව ක්‍රියාත්මක වූ වර්ජනය වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වායු දූෂණය හේතුවෙන් වසරකට මරණ 33000ක්

ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ සිදුවීම වාර්තා වේ. ඒ හේතුවෙන් වසරකට ඉන්දියාව තුළ මරණ 33000ක් පමණ සිදුවන බවට “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන් ඉක්මවා ගොස් ඇති බව ද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන අතර අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම මරණ වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රේගු නිලධාරීනුත් අසනීප වෙයි

දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය අද (04) හා හෙට (05) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද එතුමා තරයේ විශ්වාස කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. තවද ඊයේ දින (03) ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව මහතා විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එ මෙන්ම එම පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමග මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ලබානොගත් බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකාගේ ඇප ඉල්ලීමට විරෝධතාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැනට බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී බන්ධනාගාර ගතව සිටී. මෙහිදී ඇයව ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී ඇත. මෙලෙස ඉල්ලූ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලුණු අතර මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කළේ ය. ඒ අනුව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් අතර මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසද විනිසුරුවරයා මේ අවස්ථාවේදී නියෝග කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අද සිට අලුත් වන යුක්තියේ මෙහෙයුම

ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමෙන් අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා ඇත.
කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක අද දිනයේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලග්ගලින් ප්‍රමිතට විරෝධය

පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සහභාගී වීමෙන් පැවැත්වූ ලග්ගල ආසනයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් නාඋල අරංගල ෆොරස්ට් ලොජ් හෝටලේ පැවැත් වූ බව වාර්තා වේ.මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හට පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් දෝෂාරෝපණය කර ඇති අතර ඊට හේතුව වී ඇත්තේ කඳුකර දශකය ව්‍යාපෘතිය යටතේ වෙන් කෙරුණු මුදල් ඔහු විසින් පාසල් සංවර්ධනය සඳහා වෙන් කිරීමයි.මෙම අවස්ථාව සඳහා විල්ගමුව, නාවල, ලග්ගල සහ අඹන්ගඟ ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූ බව ද වාර්තාවේ . පාසල් හදන්න පෙර අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව සහ මෙම සංවර්ධන කටයුතු තමන්ගේ තනි කැමැත්තට සිදු කිරීමට අප්‍රසාදය මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් වන්නේ නෑ

තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා ජෝ බයිඩන්ය. මෙම වසරේ නෙවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වන්නේ, හිටපු ජනාධිපතිවරයකු වන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශම්මිගේ රූකඩයක් වන වනිදු ගැන හේශා කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ රූකඩයක් බවට එහි නායක වනිදු හසරංග පත්වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ අවස්ථාවේදී ෂම්මි සිල්වා විසින් පත්කරන ලද ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මීට වඩා දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු නොවන බවද හෙතෙම කියා සිටියේය. ඒ වගේම ජනාධිපති උපදේශකයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් විනාශ කරමින් සිටින බවත් ඔහු චෝදනා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart