අධිකරණ නියෝගයක් ගත් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහනුවර අධිකරණයට අභිරහස් බෝම්බයක්


මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇත. මේ හේතුවෙන් එහි නඩු විභාග කිරීම නවතා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට එහි බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට අනාවරණය වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රටේ ණය තත්වය ජනපති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදු‍රටත් ප්‍රකාශ කර ඇත,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලිට්‍රෝ ගෑස් මිල අඩු වේ.

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් වල නවතම මිල දර්ශනය මෙසේය.
12.5kg – රුපියල් 3690.00 (රුපියල් 100කින් අඩුකර ඇත.)
5kg – රුපියල් 1482.00 (රුපියල් 40කින් අඩුකර ඇත.)
2.3kg – රුපියල් 694.00 (රුපියක් 18කින් අඩුකර ඇත.)

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඔක්ටේන් 100 ලීටරයක් 793යි


අද සිට ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර එහි ලීටරයක මිල රුපියල් 793ක් වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව සමාගම කියා සිටියි. මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට ශ්‍රී ලංකාව පත් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මොන මොන බාධක ආවත් e-ticket පද්ධතිය ක්‍රියාත්මක කරනවා – බන්දුල ගුණවර්ධන


විරුද්ධතාවයන් නොතකා අධිවේගීමාර්ගය සඳහා e-ticket පද්ධතියක් හඳුන්වාදීම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ අනෙක් වැඩ ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම රාජ්‍ය බස් පද්ධතිය ආදායම් කාන්දුවීම් මැඩපැවැත්වීම සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් ටෙන්ඩර් කැඳවීම මගින් අධිවේගී මාර්ගයේ ගාස්තු ගණනය කරන ආකාරය ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සන්නද්ධ හමුදාව කැඳවයි


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වෙන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වැනි වගන්තිය යටතේ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂාව යටතේ මෙම තීරණය ගත් බව ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අදින් ඇරඹෙන LPL

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර පළමු තරගයේදී දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර අද (01) රාත්‍රී 7.30ට තරඟය ආරම්භ වීමට නියමිතව පවතී. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන ඔස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාක්ද සහභාගී වන අතර අදින් ඇරඹෙන තරගාවලිය ජුලි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණ දිනය තීරණයට මැතිවරණ කොමිසමට බලය ලැබේ.

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව රජයේ මුද්‍රණාලය පවසා ඇත. ඒ අනුව වැය වන මුළු මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට අනාවරණය වේ. මෙහිදී අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදා හැරියහොත් පමණක් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසා ඇති අතර මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතුය. එහිදී එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකුගේ පමණ ආරක්‍ෂාව අවශ්‍ය වන බවද සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නිදොස් කොට නිදහස් කරන ලෙස හිරුණිකාගෙන් අභියාචනයක්


තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති අතර අදාළ ඉල්ලීම ලබන 4 වනදා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart