එජාප මහලේකම්ගේ පුත් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ. අද (29) අලුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවීල් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. අනතුරෙන් ත්‍රීවිල් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්ද රනිල් තීරණාත්මක සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදුකිරීමට සූදානම් බව වාර්තා වේ.පොදුජන පෙරමුණේ කණ්ඩායමක් මේ වනවිටත් ජනාධිපතිවරයාට සහය දීමට ප්‍රසිද්ධියේ පෙනී සිටින බව සහ නාමල් රාජපක්ෂ මහතා වටා එක් වී ඇති බවත් කණ්ඩායම් අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වීමට සූදානම් බවත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීයන් දහයෙන් එකක් කරනවා – NPP නායක අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පවසා ඇත්තේ තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත් කරන බවයි. තවද උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වෙන බව පැවසූ එම මහතා දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා එහිදී ඉල්ලා සිටියේය. දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට එම භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවත් ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. තම පක්ෂය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බවද පසුගියදා පැවති ගුරු සමුළුවක් අමතමින් වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලෝහ ද්‍රව්‍ය අපනයනය තහනම්

කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් ඉදිරියේ දී ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.ඒ අනූව රටේ අනීතිකව සිදුකෙරෙන ලෝහ,යකඩ ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.තඹ, පිත්තල ,ඇලුමිනියම්, චීනචට්ටි, සුදුයකඩ සහ හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැකෝ ගෙන් සුබ පණිවිඩයක්


ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළ අතර මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලාධිපතිනීයටත්, පොලිස්පතිවරයා සහ තවත් ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවට වාර්තා වේ,

මෙසේ දැනුම් දී ඇති අනෙක් ආයතන අතරට ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද අයත් වේ,මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කරයි,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිගෙන් සරත් ෆොන්සේකාට වර්ණනාවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (28) සිදුකෙරුණි. එම පුස්තකය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් අවශ්‍ය බව ප්‍රකාශ කොට ඇත. එමෙන්ම මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඒ වගේම ග්‍රන්ථයේ පළමු පිටපත ද සමරු තිළිණයක් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වීය.

ඒ වගේම මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්

“ලංකාවේ යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරපු එක්කෙනා. මම අගමැති විදියට වැඩකරද්දි කාට ද යාපනය භාරදෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා. එදා මම කිව්වා මම තීරණය කළා කියලා සරත් ෆොන්සේකාව ඩිවිෂන් එකක් භාරදෙන්න. විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා.
එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ. ඒ වගේම සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි. මිනිස්සු මැරෙනවා දෙපැත්තෙන්ම. එතකොට හමුදාව හදාගෙන ඉදිරියට යන්න එතුමාට ඒ ශක්තිය තිබුණා. ලෝකයේ තිබුණ අමාරුම යුද්ධයක්. එතුමා ඒක අවසන් කර නිසා එතුමාට මේ තනතුර දුන්නා. ඊට පස්සේ සිවිල් ජීවිතේ අභියෝගයන්ට මුහුණදුන්නා. එකෙත් තනිවුණ වෙලාවේ, බන්ධනාගාරයේ හිටිය වෙලාවේ, තමන්ට නිදහස නැති වුණ අවස්ථාවේ ශක්තිමත් චරිතයක් වෙන්න ඕනේ ඉදිරියට යන්න. කොහොමත් එතුමා කොහේ වුණත් සටන අත්හරින්නේ නෑ. දේශපාලනයේ වුණත්, සිවිල් කාලයේ වුණත්, දේශපාලනයේ වුණත් එතුමා ගැන දැනගෙන වැඩකරන්න. සටහනට ගියොත් එතුමා ඒක අත්හරින්නේ නෑ. ඒක අරගෙන යනවා. මම හිතනවා එතුමාට තවත් මේ රටට සේවය කරන්න පුළුවන්. අනාගතයේ එතුමාගෙන් ගන්න තියෙන ඒ සේවය රටට ලබාගන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

සුභ ආරංචිය පුස්සක්

පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සුභ ආරංචිය නමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල සම්බන්ධයෙන් විවාදයකට මේ මොහොතේ සමඟි ජන බලවේගය සූදානම් නැති බව පවසා ඇත. එමෙන් ම මේවනතෙක් තමන් වෙත අදාළ ගිවිසුම ලැබී නැති බව ද එය කැබිනට් අනුමැතියට යොමු කර නැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.මේ වනතෙක් ජනතාවට සහන ලබාදී නැතිනම් තවත් කතා කළ යුතු දෙයක් නැති බවත් සුභ ආරංචිය පුස්සක් බවත් ඒ මහතා තවදුරටත් මෙම සාකච්ඡාවේදී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා ගැන විවාදය ජූලි මස දෙවනදා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත්වෙන බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම නිසාවෙන් එයට සහභාගී වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට නිවේදනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ගුරුසේවය අත්‍යවශ්‍ය සේවාවක් වෙයිද?

දිනපතා උදෑසන වරුවේ ගුරුවරුන් පාසලේ රැඳී සිටීම අනිවාර්ය බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීම දිගින් දිගටම සිදුවුවහොත් ගුරුසේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශයට විරෝධය පාමින් ජනාධිපතිවරයාගේ එම තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන අතර දින දෙකකට පසුව අදත් පාසල් කටයුතු ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිගේ හෝ ඇමැති බන්දුලගේ කීමට නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේය. එමෙන්ම පෙරේදා දිනයේ දී කොළඹ කොටුවේ පැවති විරෝධතාවයේ දී පොලීසියෙන් එල්ල කළ කඳුලුගෑස් ප්‍රහාරයේදී මේ වන විට දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් තවත් එක් අයෙකු බරපතල තත්ත්වයක පසුවන බවද ඔහු මේ අවස්ථාවේදී සඳහන් කළේය. විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තමන් ඇතුළු ගුරු විදුහල්පතිවරුන් දෙවැනි දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ සිටි බැවින් රජය ඔවුන්ට දුන් පොරොන්දු ඉටුකර නොමැති බවත් ඔවුන් ඉල්ලූ වැටුප් විෂමතා දියත් කර නොමැති බවත් ඒ වගේම ගුරු විදුහල්පති විරෝධතා ක්‍රියාමාර්ගය යුක්ති සහගත වන බවත් මෙතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යයි

පසුගිය දින කිහිපයේදී දකුණු දිග පාකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.ඒ අනුව මේ වන විට දකුණු දිග පකිස්ථානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 568 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සහ මළ සිරුරු 30-40 අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බව ද විදෙස් වාර්තා තවදුරටත් වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart